• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් – ජනපති

25 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අද (25) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෑම වසරකම අඛණ්ඩව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් වසර කිහිපයක් තුළ මෙරට බිහිකළ හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වයස අවුරුදු 10-12 අවධියේ දී හඳුනාගත යුතු අතර ඒ අනුව ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව සලසා දීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

කොළඹ ප්‍රධාන පාසල් ප්‍රමුඛව දිවයිනේ පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා බේස් බෝල් ක්‍රීඩාවෙන් ආසියාවේ ප්‍රධානම රට බවට ශ්‍රී ලංකාව පත්කර ගත යුතු බවද කියා සිටියේය.

විවිධ ක්‍රීඩා ඉසව්වලින් රට නියෝජනය කර, විශ්‍රාම ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම සුදුසුකම මුලික සුදුසුකමක් සේ සලකා උපාධිය සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අද පෙරවරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ප්‍රධාන ක්‍රීඩා පථය, බේස් බෝල් පිටිය සහ පුහුණු ක්‍රීඩා පථය වෙත ගොස් එහි ක්‍රීඩාවල නිරත වෙමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහ නිරත විය.

ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුවීම් සදහා ඇති පිහිණුම් තටාකය, ක්‍රිකට් ක්‍රීඩාංගණය, ක්‍රීඩා පථ ඇතුළු බොහෝ ස්ථාන පුහුණු කටයුතු සදහා නුසුදුසු මට්ටමක පවතින බව මෙහිදී නිරීක්ෂණය කෙරිණි.

ඒ අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර, එම යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර ඇති බවත්, නිලධාරීන් අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අනවශ්‍ය වියදම් පෙන්වා දීම සිදු නොකළ යුතු බවත් පැවසූ අතර, එලෙස මුදල් ලබා දීමට මෙම අවස්ථාවේ රජයට හැකියාවක් නැති බව කියා සිටියේය.

මෙම ක්‍රීඩාංගණයේ නඩත්තුව පිළිබඳව පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යාංශය නිසි අවධානයක් යොමු කර නොමැති අතර, වැය කරන සෑම සතයක් පිළිබදවම රජය වගකිව යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දිවයිනේ සියලුම පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අභ්‍යාවල නිරත විය හැකි සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පවත්වාගෙන යා යුතු බවට වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ඉදිරියේ දී ක්‍රීඩා උපාධිය සම්පූර්ණ කළහැකි ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් බවට පත්කර ගැනීමේ ඉලක්කය අනුව කටයුතු කළයුතු බව ද පැවසීය.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි මහතා විසින් මෙහිදී ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්ත්වය සහ අවශ්‍යතා පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනු ලැබිය.

වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, යුද හමුදාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්න, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 10
Previous Post

අලි කපුටු පොහොට්ටු රාජපක්ෂ ආණ්ඩුව ඡන්දය කල් දාන්න කුමන්ත්‍රණයක් – විපක්ෂ නායක සජිත්

Next Post

ගජමුතු සමග අධිකරණ සේවකයින් දෙදනෙකු ඇතුලු පහක් මාතලේ දි අත්අඩංගුවට

editor

editor

Next Post

ගජමුතු සමග අධිකරණ සේවකයින් දෙදනෙකු ඇතුලු පහක් මාතලේ දි අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved