• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්තර පත්‍ර නොබලන ආචාර්යවරුන් ජවිපේ මෙන්ම පෙරටුගාමි අය බව එස්.බී කියයි

21 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උත්තර පත්‍ර නොබැලීම පිළිබඳ ප්‍රශ්නය කරලියට රැගෙන එය ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන වශයෙන් කටුයුතු කරනුයේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සංවිධාන නියෝජනය කරන ආචාර්යවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා, “විපක්ෂයත් ඇතැම් මාධ්‍ය ආයතනත්, රාජ්‍ය නොව සංවිධානත් තවමත් තදින් එල්ලි කෑ ගහනවා ප්‍රතිත්‍රස්ත පනත ගැන. මට පේන විදිහට මේ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් විය යුත්තේ ත්‍රස්තවාදයෙන් මේ රටේ සාමාන්‍ය ජනතාව, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ජන ජිවිතය හා මේ රටේ සම්පත් ආරක්ෂා කිරීම සඳහායි. ඒ නිසා ප්‍රතිත්‍රස්ත පනතට අපි සහයෝගය දෙන්නේ ඒ මත ඉඳලා. ඒ පනත නැවත නැවත සාකච්ඡා කරමින් සිවිල් සංවිධානවලත් උපදෙස් ලබාගනිමින් අධිකරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යම කරන්න ඕන. ‍මේ සියලු කටයුතුවල අවසානයේ තමයි මෙය ගෙන එන්නේ. මේ ගැන කාලය නාස්ති නොකර ඉන්න ඕන. මේ රටේ ආණ්ඩුබලය තිබෙන පක්ෂය හැටියට අපි මේකට උදව් කරන්නේ, ආරක්ෂා කරන්නේ එය ත්‍රස්තවාදීන්ගෙන් රටේ අහිංසක ජනතාව හා රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න කියන කාරණය නිසයි. දැන් මතුවෙලා තිබෙන අනෙක් ප්‍රශ්නය තමයි උසස් පෙළ ප්‍රතිපල නොබැලීම. මේ උත්තර පත්‍ර නොබැලීම පිළිබඳව කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ආචාර්යවරයෙකුත්, පෙරටුගාමි සංවිධානය කරන ආචාර්යවරයෙකුත් තමයි ඉදිරියට ඇවිත් මේ පිළිබඳව කෑගහන්නේ. මම මේ පිළිබඳව අද හිටපු කුලපතිවරු හතර, පස් දෙනෙකු සමඟ සහ ආචාර්ය මහාචාර්යවරු 20 සමඟ කතා කළා. මේ හැම දෙනාම කිව්වේ ඔවුන් ඇවිත් දරුවන්ගේ උත්තර පත්‍ර බලන්නම් කියලා. ඒ නිසා විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරියක් කියලා පැත්තකට නොදමා අධ්‍යාපන අමාත්‍යාංශයත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් වහාම එළියට ඇවිල්ලා මේ ආචාර්යවරු කැඳවලා ආරාධනාව භාරදෙන්න. කුමක් හෝ විෂයකට පුංචි අඩුවක් එනවානම් ප්‍රශ්න පත්‍ර හදපු, පිළිතුරු පත්‍ර බලපු විශ්‍රාමික ආචාර්යවරු කැමැත්තෙන් ඇවිත් මේ උත්තර පත්‍ර බලන්න පැමිණෙන්නම් කියලා, දරුවන්ට අසාධාරණයක් වෙන්න කිසිසේත් ඉඩදෙන්න කැමති නෑ කියලා ඔවුන් කිව්වා. ඒ නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරු අතිබහුතරයක් , උපකලපතිවරු ඉන්නේ මේ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඉතා ඉක්මණින් බලලා ඒ දරුවන්ට සාධාරණය කරන්න ඕන මතයේ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට, විශ්‍වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට කියන්න කැමති වහාම ක්‍රියාත්මක වෙන්න. ජාතික ආණ්ඩුව පිළිබඳව කතාවක් යනවා. රට ලොකු අනතුරක තිබුණේ. රට බංකොලොත් බව ප්‍රකාශ කරපු තත්වයක තිබ්බේ. අද එයින් අපි බේරිලා ඉන්නේ. අද රට ක්‍රමානුකූලව සංවර්ධන මාවතේ ඉදිරියට ඇදෙනවා. 2023 අපි පුංචි පසුබැසීමක් තිබුණත් 2024 වන විට ස්ථිර වශයෙන්ම ධන ආර්ථික සංවර්ධනයකට යන්න පුළුවන් තැනක අද රට තිබෙනවා. මේ අවස්ථාවේ විපක්ෂයේ සිටින සියලු දේශපාලන පක්ෂවල යුතුකම මේ අර්බුදයේදි රජයට උදව් කිරීම. පහුගිය කොවිඩ් වසංගතයත් එක්ක ලෝකය වැහිච්චි වෙලාවේ මහා බ්‍රිතන්‍යයේ රාජ්‍ය සේවකයන් භාගයට එන්න එපා කියලා භාගයකටයි වැටුප් ලබා දුන්නේ. හැබැයි ඒ පිරිස්ගෙන්, ඒ රටවල්වල විපක්ෂවලින් ද විරෝධයක් ආවේ නෑ. ඒ නිසා මේ අවස්ථාවේ සියලු විපක්ෂ රටේ ජනතාවට රටට රටේ සංවර්ධනයට කැමැත්තෙන් ඉන්නවානම් ඒ වගේ ආණ්ඩුවට එකතුවෙලා උදව් කරන එක ඉතාම හොඳ දෙයක්. මේ පවතින දේශගුණික විපර්යාසය නිසා අපිටත් ඉන්න අමාරුයි. ලෝකයේ පැවැතිය යුතු උෂ්ණත්වය වඩා සෙල්සියස් අංශක 1.2 ක් උඩින් ඉන්නේ. ලෝකයේ තිබෙන පරිසර සංවිධාන මේ සියලුදෙනා කියන්නේ දැන් පරිසරය අපිට හැරිලා ගහන්න පටන් අරගෙන ඉවරයි කියලා. ඒ නිසා වහාම තවදුරටත් උෂ්ණත්වය වැඩිනොකරගෙන අපි පරිසරයට හානිකරන පොසීල ඉන්ධන වැනි දේවල්වලින් 2030 වන කොටවත් අඩුම වශයෙන් ඉවත්වන්න ඕන. ”යනුවෙන් මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ ය.

Post Views: 10
Previous Post

බලය ලැබුණු විගසම පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා – විපක්ෂ නායක සජිත්

Next Post

බිමත් සැමියා බිරිඳ සමඟ රණ්ඩුවී නිවසක් ගිනි තබයි

editor

editor

Next Post

බිමත් සැමියා බිරිඳ සමඟ රණ්ඩුවී නිවසක් ගිනි තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved