27 April 2024
#දේශීය

බිමත් සැමියා බිරිඳ සමඟ රණ්ඩුවී නිවසක් ගිනි තබයි

අඹු-සැමි ආරවුලක් දුරදිග ගොස් බීමත් සැමියා සිදු කළ ගිණි තැබීමකින් නිවසක් සම්පූර්ණයෙන් ගිණි ගෙන විනාශ වී ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

එප්පාවල පොලිස් වසමේ කැලේසියඹලෑව, අංක 03 ගම්මානයේ නිවසක් මෙලෙස සම්පූර්ණයෙන් ගිණි බත් වී තිබිණි. සාලය, නිදන කාමරයක් හා මුළුතැන්ගෙයකින් සමන්විත මෙම නිවස  ඊයේ (21) පස්වරු 5.00 ට පමණ මෙලෙස ගිණි ගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

ගින්නෙන් නිවසේ සාලයේ තිබූ අල්මාරියක් ඇතුළු විදුලි උපකරණ කීපයක්ද ගිනි ගෙන විනාශ වී තිබෙන අයුරු දැක ගත හැකි වූ අතර, නිවසේ වහලය කඩා වැටී විනාශ වී තිබෙන අයුරුද දැක ගත හැකි විය.අදාළ නිවසේ සැමියා හා බිරිඳ පස්වරු 05.00 ට පමණ ඇති කරගත් ආරවුලකින් පසු මෙලෙස නිවසට ගිණි තැබීමට සැමියා කටයුතු කර ඇති අතර, ඔහු ඒ අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද පොලීසිය පවසයි.ඔහු විසින් නිවසේ ප්ලාස්ටික් පුටු කීපයකටද අලාභ හානී සිදු කර තිබූ අයුරු දැක ගත හැකි විය.

බීමත් සැමියා විසින් පෙට්‍රල් දමා නිවස ගිණි තබා ඇති බවත්, ගිණි ගත් නිවස ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව නිවා දැමීමට එප්පාවල පොලීසිය කටයුතු කර ඇතත්, ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන් ගිණි ගෙන විනාශ වී තිබූ බවත් එප්පාවල පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ගෙහිමි කාන්තාව කියා සිටියේ, ” මහත්තයා අයියලාගේ ගෙදර ගිහින් ඇවිත්, බීලා හිටියේ, මට මල්ලිගෙන් කෝල් එක්ක ආවා, මල්ලි ඇහුවා “අක්කේ අයියා මේ ටිකේ බිව්වේ නැද්ද කියලා ?”නැත්තේ මොකද බිව්වා කියලා මම කිව්වා.ඒක කිව්වා කියලා මගේ පස්සෙන් ෆෝන් එක උදුරාගන්න කියලා පන්නාගෙන ආවා.මම කිව්වා ෆෝන් එක නම් දෙන්නේ නෑ කියලා.ඊට පස්සේ ගේ ඇතුළට ගිහින් දොර වහගත්තා.ඊට පස්සේ අම්මයි, මමයි, දුවයි තුන්දෙනාම එළියේ හිටියේ.ඊට පස්සේ මම දොරට පයින් ගැහුවා, ගැහුවා ඇරියේ නෑ, ඊට පස්සේ අල්මාරිය ඇරගෙන අල්මාරිය ඇතුලේ තිබුණ සල්ලි ටික සාක්කුවේ දාගෙන දොර ඇරියා.රුපියල් 28 000 ක් අරගෙන තිබ්බා.ඊට පස්සේ මම ගේ ඇතුලට යන්න හදන කොට මට පයින් ගැහුවා.මම පොල්ලක් අරගෙන ආවා ගහන්න කියලා,ඊට පස්සේ අම්මා මගෙන් අල්ලාගෙන ගහන්න එපා කිව්වා.ඊට පස්සේ උදැල්ලක් අරගෙන අම්මාට කොටන්න ආවා.ඊට පස්සේ ගේ ඇතුලේ ප්‍රෙට්‍රල් කෑන් එකක් තිබුණා තණ කොළ කපන්න ගෙන ආපු, ඊට පස්සේ අල්මාරිය ඇරියා, රෙදි ඔක්කොම බිමට වැටුනා.ඊට පස්සේ පෙට්‍රල් ඉහලා ගිණි තිබ්බා.ගේ ඇතුලේ තිබුණ ඇඳන් මෙට්ට, ඉලෙක්ට්‍රික් බඩු ඔක්කොම ගිණි ගත්තා.මට ලඟට එන්නත් බෑ මාවත් ඇඳලා ගිණි ගොඩට දායි කියලා භයයිනේ.මං එප්පාවල පොලීසිය කෝල් කළා තුන් හතර පාරක්, මං ඊට පස්සේ පොලීසියට යන්න කියලා හදන කොට මුලු ගේම පත්තු වෙලා ඉවරයි.දැන් සල්ලිත් අරගෙන, ගෙටත් ගිණි තියලා පැනලා ගියා.කොහේ ගියාද දන්නේ නෑ.මීට කලිනුත් දෙතුන් පාරක්ම රන්ඩු වුණාම ඇදුම් වලට ගිණි තියලා එහෙම තියනවා.කලින් එයා ආමි එකේ ඉඳන් අයින් වෙලා, කොළඹ ගීහින් ඩ්‍රයිවින් රස්සාවක් කලේ, අවුරුදු වලට ඇවිත් ගෙදර ෂීට් පවා ගලවලා විකුණලා තිබුණා යැයි පැවසීය.

නිවසට ගිණි තැබූ ගෙහිමියා පළා ගොස් ඇති අතර, ඔහු සොයා පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

 

තිසර සමල් – අනුරාධපුර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *