• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධික උෂ්ණත්වය නිසා එප්පාවලින් තෙවැනි මරණයත් වාර්ථා වෙයි

26 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මිය ගිය බවට සැක කරන තෙවන මරණයත් එප්පාවලින් අද (26) වාර්ථා විය.

අද (26) පස්වරුවේ, මෙම මරණය සිදුව ඇත.මෙලෙස මරණයට පත්ව ඇත්තේ එප්පාවල, මැඩියාව, යාය 02 ප්‍රදේශයේ පදිංචි යූ.බී දිසානායක නම් අසූ එක් හැවිරිදි තිදරු පියෙකි.

යූ.බී දිසානායක මහතා අද(26) සුපුරුදු පරිදී තමන් පදිංචි නිවසේ සිට නිවස පිටුපස කුඹුර වෙත පෙරවරු 11.00 ට පමණ ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් පස්වරු 2.00 ට පමණ ඔහුගේ පුතු ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු කුඹුරේ ලියද්දක් මත වැටී සිට ඇති අතර, ඔහුගේ ශරීරයේ ඒ වන විටත් අධික උෂ්ණත්වය හේතුවෙන් දිය බිබිළි ශරීරය ස්ථාන කීපයක මතු වී ඔහුගේ ශරීරයේ හම ගැලවී ගොස් තිබී ඇත.ඔහුව කඩිනමින් එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මිය ගිය යූ.බී දිසානායක මහතාගේ දේහයේ ස්ථාන කීපයකම හම ගැලවී තිබෙන අයුරුද දැක ගත හැකි විය.ඔහු සුපුරුදු පරිදී නිවස පිටුපස පිහිටි කුඹුරේ සිය පුතු හා දියණිය ගොවිතැන් කටයුතු කරන අයුරු බලාගෙන සිටීමට පැමිණෙන බවත් ඒ අවස්ථාවේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පවුලේ ඥාතීන් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යූ.බී දිසානායක මහතාගේ පුතු කියා සිටියේ,”මමත් වෙලේ වැඩ කර කර හිටියේ, තාත්තාට අමාරුවක් තිබුණේ නෑ, තාත්තා උදේට කාලා ගෙදරට වෙලා හිටියේ, මම 11 ට විතර ගෙදර එද්දී තාත්තා හිටියා ගෙදර, මම සමිතියට ගිහින් ආයෙත් ඇවිත් වෙලට ගිහින් වැඩ කරලා ආවා.තාත්තා ගෙදර හිටියේ නෑ. ඊට පස්සේ මම තාත්තා නැති නිසා හැම තැනම බැලුවා.වෙලට ගිහින් බලන කොට තාත්තා වෙලේ වැටිලා හිටියා.මම තාත්තා උස්සගෙන ආවා.ඒ වෙලාවේ තද අව්ව තිබ්බා.අව්ව සැර නිසා තාත්තා ක්ලාන්ත වෙන්න ඇති.කරේ තියාගෙන එද්දී තාත්තාගේ ඇගේ දිය පට්ට තිබුනේ නෑ, ගෙදරට එද්දි දිය පට්ට ඇවිල්ලා.අව්ව නිසා තමයි එහෙම වෙලා තිබුණේ.තාත්තා වෙලට යන්නේ අක්කා හරි මම හරි වෙලේ වැඩ කරන ඒවා බලන්න.තාත්තාට වෙන අසනීප නෑ, තාත්තාට ක්ලාන්ත කැරකිල්ල ගතිය විතරයි තිබුණේ. අව්ව සැරේ යන්න ඇත්තේ තාත්තා.මං දැක්කා නම් ඔහොම වෙන්නේ නෑ.යැයි පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ සිදු කරන අතර, මිය ගිය පුද්ගලයාගේ දේහය එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

පසුගිය දින 10 තුළදීද එප්පාවල ප්‍රදේශයෙන් මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්ව පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබිණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 34 හා 38 හැවිරිදි වියේ පසුවන එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අප්‍රේල් මස 16 වැනි දින අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරඟයෙන් තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් එප්පාවල , පහළ සියඹලෑව පදිංචි ඒ.ආර්.එස් අතුල ධම්මික නම් අයෙකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අප්‍රේල් මස 18 වැනි දින එල්.ජී ගාමිණි විජේසිංහ මහතා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව්රශ්මියේ සිට දිය නෑමෙන් පසුව මියගොස් තිබිණි.එම මරණ දෙක සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්වයකට පත්ව එම මරණ සිදුව ඇති බවයි.ඒ අනුව අද (26) සිදු වූ මරණය පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මිය ගිය බවට සැක කරන තෙවන මරණයයි.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 2
Previous Post

මෙරට ඉන්ධන ව්‍යාපාරය සඳහා සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායක් ලංකාව‌ට

Next Post

මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරමු – ජනපති

editor

editor

Next Post

මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරමු - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved