27 April 2024
#දේශීය

මෙරට ඉන්ධන ව්‍යාපාරය සඳහා සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායක් ලංකාව‌ට

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඊයේ (25) දින විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මැයි මස මැද වන විට ගිවිසුම් ගත වීමේ කටයුතු සිදු කිරීමටත්, ගිවිසුම්ගත වී දින 45ක් තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කරන ලදි.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද සහභාගී වී සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *