• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩකරන ජනතාවගේ අයිතීන්, වරප්‍රසාද ආරක්ෂා විය යුතුයි – හිටපු ජනපති මෛත්‍රිපාල

2 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ රටක් ලෝකයක් දිනාගත් යෝධ පක්ෂයක් බවත් වැඩකරන ජනතාවගේ අයිතීන්, වරප්‍රසාද ආරක්ෂා විය යුතුයි බව හිටපු ජනාධිපති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දින මහනුවර මධ්‍ය වෙළදපොල ඉදිරිපිට ශ්‍රී.ල.නි.ප මැයි දින රැලිය අමතමිනි.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් පල කලේය ” මේ රටේ සතර දෙසින් පැමිණි අති විශාල දස දහස් සංඛ්‍යාත ජනතාවට ගෞරවය පුද කරමින් දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මේ දළදා මන්දිරය අබියස සිට ඔබට කතා කරන්නේ එදා තත්වය අද තත්වය සහ හෙට දවසේ දී කුමක් කල යුතුද යන කාරණා සම්බන්ධවයි. ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ටී බී ඉලංගරත්න මැතිතුමා, ජීවිතයෙන් සමුගත් ආනන්ද දසනායක මැතිතුමා වැනි නායයින් රාශියක් නායකත්වය දුන් මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය රටට හදුන්වා දුන් මේ රටේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සදහා සටන් කරන්නට ඉගැන්වූ අලෙවි මව්ලානා වැනි නායකයින් සිහිපත් කිරීම අපේ වගකීමක් සහ යුතුකමක් බව මා සදහන් කළ යුතුයි.

අපි අද සෑම දෙනා කතා කරන ප්‍රධාන ප්‍රශ්නය තමයි ජීවත් වීමේ අරගලය. මේ දුගී බාවය නිසා බරපතල සමාජ ප්‍රශ්න රාශියක් මතු වෙලා තියෙනවා. ආර්ථික, දේශපාලන, සමාජ මේ කරුණු එකිනෙක ගැටී ජනතාව දුක්විදින තත්වයකට පත්වෙලා තියෙනවා. 2015 සිට 2019 දක්වා මේ රට ජාත්‍යන්තර සබදතා සමග ඉතාමත් සමෘද්ධිමත් රටක් ලෙස ගෙන ගියත් 2019න් පසු 2020 /2021 කාල සීමාවේ මේ රට සම්පූර්ණයෙන්ම පහලට ඇද වැටුණා. ලංකා ඉතිහාසයේ කිසිම දාක මෙවැනි අර්බුදයක් මෙරටට බලපාලා නැහැ. හැටනම ලක්ෂයේ ඡන්දයෙන් මේ රට කරගන්න බැරිව අසීරුවට පත්වුණා. දූෂණය, වංචාව ඉහළ ගොස් දුගී දුප්පත්භාවය ඉහළයාම, ජාත්‍යන්තර සබදතා කඩා වැටීම මේ කාලය තුළ සිදු වුණා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිදහස් අධ්‍යාපනය විනාශ වෙලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය විනාශ වෙලා තියෙනවා. ඒවගේම තමයි ගොවියා මහා ඛේදවාචකයට ලක්වෙලා තියෙනවා. ධීවරයා බරපතල අසීරුවකට පත්වෙලා තියෙනවා. යුද්ධය කරපු විශ්‍රාමිකයින්, අබාධිතයින් ගෙවල්වල දුක්විදිනවා. ඒ අයට මා රාජ්‍ය කල කාලයේ ලබා දුන් සහන පවා 2020 කාලයේ නතර කලා. මට තමුන්නාන්සේලාට කියන්නට අවශ්‍යයි මාගේ කාල සීමාව ගත් විට එදා ගස් කපන්නටවත් දුන්නේ නැහැ. ගසක් කපනවා නම් වන රක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවි දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර මා අතට පත්කල පසුවයි ගස් කපන්න පවා හැකියාව තිබුණේ. ඒ ආකාරයෙන් මා මේ රටේ පරිසරය ආරක්ෂා කලා කියලා. අද මේ රටේ නගරවල, ගම්වල පාසල්වල දරුවන් මත්කුඩුවලට ඇබ්බැහි වෙලා තියෙනවා. අද සාමන්‍යපෙල උසස් පෙළ දරුවන් සමග කතා කල විට අසන්නට ලැබෙන සිදුවීම් මහා ඛේදවාචකයක් බවට පත්වෙලා තියෙනවා. ජාතික වශයෙන් දරුවන් රකිමු යන වැඩසටහන එදා ආරම්භ කළා. ඒ වගේම කාන්තා අයිතීන් පිළිබදව විශේෂ වැඩසටහන් මම සකස් කළා. නමුත් අද ඉන්නා ආර්ථික විශේෂඥයෝ මා සමග කියලා තියෙනවා අද ඔවුන් සැලසුම් කරන්නේ 2018 දී මේ රට තිබුණු තත්වයට අද ගෙන යන්නේ කොහොමද කියලා. 2018 පසු අපි කවුරුත් බලාපොරොත්තු නොවුනු ලෙස අයි එස් සංවිධානය ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළා. එදා ත්‍රස්තවාදීන් කරපු ඒ ව්‍යාපාරයට එකපැත්තකින් මේ රටේ ආගමික නායකයෝ වගේම දේශපාලන කුමන්ත්‍රණකරුවන්ට උවමනා වෙලා තියෙනවා සිංහල බෞද්ධයෙකු ලෙස මාව එල්ලුම්ගස් යවන්න. ඒ තුළ කුමන්ත්‍රණ රාශියක් සිදුවෙනවා.

මිනිසුන් විශාල ජීවිත ගණනක් විනාශ කරපු බරපතළ ත්‍රස්තවාදීන් අද හිරගෙවල්වල ඉන්නවා. ඒ අයගේ නඩු විභාග කෙරෙන්නේ නැහැ. නමුත් අපි ශ්‍රී ලංකා පක්ෂය විදිහට ප්‍රධාන වශයෙන් කියන්නට ඕනේ වෙලා මේ තිබෙන ආර්ථික සමාජ දේශපාලන බලවේග තේරුම් අරගෙන යහපත් රටක් සදන්න කැපවිය යුතුයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ රට ක් ගොඩ නගපු පක්ෂයක්. මේ රට සමෘද්ධිමත් යහපත් රටක් බවට පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු යි කියන එක මතක් කල යුතු වෙනවා.

අද දේශපාලනඥයින්ගේ දිනය නෙමෙයි අද කම්කරුවන්ගේ දිනය. අද රට පුරා තිබෙන රැස්වීම් ගත්තම අංක එකට පත්වෙලා තියෙන්නේ මහනුවර රාජධානියේ බෞද්ධ පුරවරයේ පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියයි කියන එක බොහොම පැහැදිලිව කියනවා. බණ්ඩාරනායක මැතිතුමා එදා සග වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය සංවිධානය කර ඒ තුළින් ගෙන ගිය වැඩපිළිවෙල තුළ විශාල ආර්ථික සමාජ සංස්කෘතික පෙරළියක් කරා. 56 දී සිදු වුණේ දේශපාලනික පෙරළියක් නොව සංස්කෘතික පෙරළියක්. එතුළින් ර‌ටේ බෞද්ධ සමාජය ශක්තිමත් වෙලා යහපත් සමාජයක් ගොඩනැගුණේ, විශේෂයෙන්ම එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා අරගෙන ගිය වැඩපිළිවෙළත් එක්ක. අද මැයි දිනයේ කම්කරුවාගේ තත්වය කුමක්ද, ගොවියාගෙ තත්වය කුමක්ද, අද රාජ්‍ය සේවකයාගේ තත්වය කුමක්ද, පොලිසියේ රාළහාමිලා ගේ තත්ත්වය කුමක්ද, ඒ අය ජීවත් වෙන්නේ කොහොමද, මේවා ඉතාමත් බරපතළ ලෙස අපි සාකච්ඡා කළ යුතු විශේෂයෙන්ම විසඳුම් දීලා මේ රට යහපත් ත්ත්වයකට පත්කල යුතු ප්‍රධාන කාරණයක් කියලා අපි සිහිපත් කළ යුතුයි .

ඒ වගේම තමයි මේ ආර්ථික අර්බුදය ඇති වුණේ 2020 ඇති කරපු ඔලමොට්ටල තීරණය. ඒ මේ රටේ ගොවියා පහත දැමීමයි. මේ රටේ ගොවියාගේ පොහොර නවත්තපු එක මේ අර්බුදයට දැඩි සේ බලපෑවා. මෙයට අපි විරුද්ධත්වය ප්‍රකාශ කලත් එය නොසලකා හැරියා. ගොවියාව පහතට දැමීමත් ඔවුන්ව අසරණතාවයට ලක් කිරීමත් නිසා ගොවියන් නැගී සිටියා. ජනතාව නැගී සිටියා. වැඩපළේ කම්කරුවා නැගී සිටියා. රාජ්‍ය සේවකයන් නැගී සිටියා. සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල නැගී සිට ඒකරාශී වීමෙන් අරගලයක් නිර්මාණය වුණා. එවකට තිබුණු ආණ්ඩුව මේ අරගලය සිදුවෙන්න බලපෑවා කියලා කියන්න පුළුවන්. මේ රට ආර්ථිකයෙන් ශක්තිමත් කරලා සමෘද්ධිමත් කරන්න ඕනේ නම් නිෂ්පාදන ආර්ථිකයක් කරා රැගෙන යා යුතුයි. පෙර රජ දවස ඉදන්ම මේ රට ගොඩ නැගුණේ නිෂ්පාදන ආර්ථිකයක් තුළින්. මේ රටේ ගොවියාගේ නිෂ්පාදන, කම්කරුවාගේ නිෂ්පාදන, ධීවරයාගේ ධීවර කර්මාන්තයේ ගොඩනැගීම, කාන්තාවන්ගේ මැදපෙරදිග සේවය සැලකිල්ලට ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. අපනයනය වැඩි කරලා අපේ රටේ නිෂ්පාදනය වර්ධනය කල යුතුයි. එය පස් අවුරුදු සැලැස්මකින් සකස්කල යුතු වෙනවා.

ඒ වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ආරක්ෂා විය යුතුයි. වෘත්තීය සමිති වල අයිතිවාසිකම් ආරක්ෂා විය යූතුයි. කම්කරුවාගේ වැඩකරන ජනතාවගේ අයිතීන්, වරප්‍රසාද ආරක්ෂා විය යුතුයි. මේ සියල්ලටම අද පහර වැදෙමින් තිබෙන බවත් කිව යුතුයි.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එදා ගෙන ගිය වැඩපිළිවෙල අද අන්තර්ජාතික ආර්ථික සැලසුමකට ගැළපෙන ආකාරයට, දේශීය වශයෙන් ප්‍රශ්නවලට ගැළපෙන ආකාරයට, නව මුහුණුවරකින් නව සංකල්ප සමඟ තරුණ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට ගෙනයාම ඉතාමත්ම අත්‍යවශ්‍යයි කියන එක මම සඳහන් කරන්න ඕනේ. බණ්ඩාරනායක මැතිනිය එදා ගෙන ගිය වැඩපිළිවෙළ තව අවුරුදු දහයක් ඉස්සරහට රැගෙන ආ නම් අද මේ රට අතිවිශිෂ්ට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් බවට පත්වෙනවා කියන එක තමුන්නාන්සේලාට මම සිහිපත් කරනවා.

මේ තිබෙන කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීමේ දී මූලික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්ති ගණනාවක් සකස් කරලා තියෙනවා ආණ්ඩුවක් පාලනය කරන්නේ කොහොම ද කියලා. කිසිම දේශපාලන පක්ෂයකට කිසිම නායකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව මේ රටේ ආණ්ඩු හදන්න බැහැ කියලා බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගලා අවසන්. ඒ නිසා රතු මහත්වරුන්ට කියන්න අවශ්‍යයි කයිවාරු ගැහුවට ප්‍රධාන වශයෙන්ම ශ්‍රිලනිපයේ නායකත්වය හෝ ඒකරාශී වීමකින් මිසක් මැතිවරණය ජයග්‍රහණය කරන්න බැරි බව.

ඒ වගේම අන්තර්ජාතික වශයෙන් අපට ලැබෙන සහයෝගය අපි බලන්නට ඔනෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙන මගපෙන්වීම, උපදේශ ඉතාම වැදගත් වෙනවා අයිඑම්එෆ් කොන්දේසි වල තිබුණා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙරෙන මගපෙන්වීමකින් තොරව මුදල් නොලැබෙන බව. එහිදී වංචාව දුෂණය හොරකම නාස්තිය පිටු දැකීමේ වැඩපිලිවෙල විධිමත්ව ශක්තිමත්ව ආයතනික වශයෙන් හා නීතිමය වශයෙන් සකස් කල යුතුයි කියලා. මේ කොන්දේසිවලට එකගවීමත් සමග ඔවුන් අපට ණය මුදල් ලබා දෙනවා. විදේශ ණය ගත්තට වරදක් කියලා මම කියන්නේ නෑ. ලෝකේ රටවල් දුප්පත් උනාම විදේශ ණය ආධාර වලින් ගොඩනැගිලා තියෙනවා. මූලික දේ තමයි කොහෙන් ණය ගත්තත් වංචා නොකර දූෂණය නොකර එක එක්කෙනාගේ සාක්කුවට දාගන්නේ නැතිව පවුල් වාදයට රජකම් කරන්න දෙන්නේ නැතිව නැතුව ඒ මුදල් ජනතාවගේ යහපත සඳහා සම්පූර්ණයෙන්ම යෙදවීම ඉතා අවශ්‍යයි. හේතුව තමයි එම ණය මුදලින් මේ රට ගොඩනගන්න පුළුවන් නිසා.

අද ලක්ෂ සංඛ්‍යාත ගණනක් විදේශගත වෙනවා. නමුත් ඔවුන් පරිපූර්ණ දැනුමකින් යුක්ත නැහැ. දැනුමක් නැතිව විදේශගත වීමෙන් බොහෝ අය අමාරුවේ වැටිල තියෙනවා. දැනුම මූලික කරගත් ශිෂ්ට සමාජයක් බිහි කරන්න ඇප කැප වෙනවා කියලා මේ ‌ෙඑතිහාසික බෞද්ධ පුරවරයේ පොරොන්දු වෙනවා. අශිෂ්ට සමාජයක් බිහිවීම වලක්වා දැනුම මූලික කරගත් සමාජයක් බිහි කරනවා.

තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මනාව ගලපගෙන නිර්මාණශීලී ජනමාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරනවා. ඉවසන සහජීවනය සහිත ශිෂ්ට සමාජයක් විනය ගරුක සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම ප්‍රතිපත්තිය වෙලා තියෙනවා. සිංහල ජනතාව, දමිළ ජනතාව, මුස්ලිම් ජනතාව, මැලේ ජනතාව, බර්ගර් ජනතාව මේ සියලු ජනකොටස්වල සමගිය සහෝදරත්වය එකමුතුභාවය තුළ තමයි මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. අපි එකිනෙකාට ආගමික වශයෙන්, කුල වශයෙන් අනුවණකාරී ලෙස සලකන්නේ නැතිව එකට එක්ව මේ ගමන යා යුතුයි.

ආසියාතික රටවල් සම්බන්ධයෙන් අපි විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. යුරෝපය ඇමරිකා වැනි රටවල් එක්ක අපි සිටිය යුතුයි. මේ රටේ ස්වාධීනත්වයට හානි නොකරන ගිවිසුම් වලින් තොරව සෑම සහයෝගයක්ම අපි ලබා ගත යුතු වෙනවා. වත්මන් මාතෘ භූමියේ භූ දේශපාලන තත්වය තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි.

එමෙන්ම මේ රටේ නීතිය හා සාමය රජ කරන සමායක්, මානව අයිතිවාසිකම් යුක්තිය සාධාරණත්වය ආරක්ෂා කරන නව ව්‍යවස්ථාවක් සහිත ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ක්‍රමමෝපායික රාජ්‍ය තාන්ත්‍රික සබදතා ස්ථාපනය කරන පාලනයක් මේ රටේ ඇති කිරීම අවශ්‍යයි. ගෝලීය ප්‍රවණතා සදහා පොරොන්දු දෙන අපේ රටේ තිරසාර සංවර්ධනය ස්ථාපනය කිරීම ප්‍රධාන වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා. මෙහි තිබෙන කරුණු සැලකිල්ලට ගත් විට විදේශ ආයෝජන ශක්තිමත් කල යුතුයි. නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. වැඩපලවල් ශක්තිමත් කළ යුතුයි. කම්කරුවන් ශක්තිමත් කළ යුතුයි. රාජ්‍ය සේවකයන් ශක්තිමත් කල යුතුයි. අධ්‍යාපනය ශක්තිමත් කරලා විධිමත් සැලසුම් සහගත ශිෂ්ට සම්පන්න සමාජයක් සඳහා දරුවන් සමාජයට එළිදක්වන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. පුරවැසියා සවිබල ගැන්වුණු දුෂණයෙන් තොර රාජ්‍යයක් බවට මේ රට පත් කිරීම අවශ්‍යයි.

මේ රට මේ විදිහට පත් වෙලා තියෙන්නේ මේ රටේ සල්ලි සහ පිටරට සල්ලි දූෂණය කරපු නිසා. ඒ නිසා මෙරට ජනතාවගෙන් ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබලාගේ වටිනා ඡන්දය ලබා දීමේ දී ඉතාමත් කල්පනාකාරීව එය භාවිතා කරන්න කියලා. මෙරට ඉන්න හොරකම් කරන දේශපාලනඥයින් කවුද කියලා ජනතාව දැනගැනීම ඉතාමත් අවශ්‍යයි. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන ජනතාවාදී වැඩපිළිවෙලකට ඉදිරියට යනවා. මේ රට ගොඩගන්න තියෙන එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියනවා.” යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

Next Post

අනුරාධපුර රෝහල තුළදී තරුණයකු ඝාතන සිද්ධියට අඹුසැමි යුවලක් අත්අඩංගුවට

editor

editor

Next Post

අනුරාධපුර රෝහල තුළදී තරුණයකු ඝාතන සිද්ධියට අඹුසැමි යුවලක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved