27 April 2024
#දේශීය

අනුරාධපුර රෝහල තුළදී තරුණයකු ඝාතන සිද්ධියට අඹුසැමි යුවලක් අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට ඊට දින දෙකකට පෙර එම තරුණයාට පහරදී තුවාල සිදු කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ටෙලිකොම් පාර, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථාන පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි.මොවුන් දෙදෙනා අඹුසැමියන් බවද පොලීසිය පවසයි.

ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් මැදවච්චියේ ප්‍රබල හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් අතර පසුගිය 26 වැනිදා ගැටුමක් හට ගෙන ඇති අතර, එහිදී මැදවච්චිය අංක 15 මන්නාරම් පාර ලිපිනයේ පදිංචි 24 හැවිදිදි පිංචාබදු වික්‍රමසිංහගේ රුවන් ගීත් උදිත නැමති තරුණයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශීක්ෂණ රෝහලෙහි මහාචාර්ය එකක් පිහිටි 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 28 වැනි දා අලුයම 4:30 ට පමණ එම වාට්ටුවට ඇතුළු පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා එ ඝාතනය කර පලා ගොස් තිබිණි.

සිද්ධියට සම්බන්ධ බවට සැකපිට තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, අත්අඩංගුවට පත් අඹු සැමි යුවල අද (02) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මැදවච්චිය පොලීසිය පැවසීය.

 

 

තිිිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *