• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

  මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා – ඇමැති කෙහෙලිය

26 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ගේ (Public Health Nursing Officer (PHNO) සමස්ත සේවාව ඇගයීම සදහා වූ උත්සවයක් අද (26) බත්තරමුල්ල වෝටර්ස් ඒ්ඡ් (Waters Edge) හිදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

ඒ අනුව ඉදිරි වසර 05 ඉලක්ක කරගනිමින් මෙම සේවාව මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලෙස ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පැවසිය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා “මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල සේවාවක් සිදු කරනු ලබනවා. කිසිදු දෙයක් බලාපොරොත්තු නොවී මාසික වේතනයට සහ රාජකාරී ලියකියවිලිවලට සීමා නොවි ඉන් එහා ගිය සමාජ සත්කාර අත්‍යාවශ්‍ය සේවාවක් මොවුන් මුළු දිවයින තුළම සපයනු ලබනවා. මෙම කාර්ය මණ්ඩලයේ සාර්ථකත්වයේ රහස නම් ප්‍රාථමික සත්කාර ආයතනවල සාමූහිකව කණ්ඩායමක් ලෙස කටයුතු කිරිමයි. ඔවුන් වගකීමකින් සේවය කරනවා. මෙරට සෞඛ්‍ය සේවාව අද පවතින සුබවාදි තත්ත්වයට ගෙනඒමට මෙම සේවාව හේතු වී තිබෙනවා. ඉදිරියේ දී ඉළක්කගත වැඩසටහනකට යාම තුළින් ලෝකයේ සහ කළාපයේ ආඩම්බරයෙන් කතා කළ හැකි තැනකට පැමිණිය හැකි වෙනවා. රෝහල්වල නේවාසික ප්‍රතිකාර ගැනීමට නොහැකිව නිවෙස්වල සිටින රෝගීන් කළමණාකරණය කිරිම ඔවුන්ගේ ප්‍රධාන වගකිමක්. එම නිවෙස් වලට ගොස් රෝගීන්ට අවශ්‍ය සේවා ලබාදීමේ ප්‍රාථමික සෞඛ්‍ය වැඩපිළිවෙළ තුළින් ආරෝග්‍යශාලා වෙත විශාල පිරිසක් පැමිණීම වැළැක්වීමට සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදි කිරීමට බෙහෙවින්ම සහයෝගයක් ලබාදෙනවා. අවදානම් සහිත දුර්වල රෝගීන් වෙනුවෙන් සේවය කිරීමේ දී විශේෂයෙන් වැඩිහිටි සහ මානසික රෝගීන්ට සහන සත්කාර සේවා සැපයීමේ දී ඔවුන් අනෙකුත් කාර්ය මණ්ඩල සමග සහයෝගයෙන් කටයුතු කරනු ලබනවා. ඉදිරියේ දී මහජන සෞඛ්‍ය හෙද සේවාවට යතුරු පැදි ඇතුලු ඔවුන්ගේ පොදු අවශ්‍යතාවයන් ලබාදීමේ දී පුමුඛතාවයක් ලබාදිය යුතුයි. නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ එයට යම් කාලයක් ගතවේවි. නමුත් දත්ත කළමණාකරණ කටයුතු සදහා අවශ්‍ය ටැබ් යන්ත්‍ර ඇතුලු උපකරණ කට්ටල ලබාදිම ගැන බෝනොවන රෝග අංශය දැනුවත් කළා. සෞඛ්‍ය ආයතන තුළ නිෂ්ශබ්දව විශාල වැඩකොටසක් සිදු කරන නිලධාරීන් සිටිනවා. ඒ වගේම කයිවාරු ගහගෙන සිටින පිරිසකුත් සිටිනවා. නමුත් වැඩකරන පිරිස හදුනාගතහොත් දුර ගමනක් යා හැකි වෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුලු මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාවට ලැබෙන GSP ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට රුමේනියානු සහාය

Next Post

සමෘද්ධී නිලධාරින්ට නිසි අවස්ථාවේ දි ස්ථානමාරු ලබා දිය යුතුයි – ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

සමෘද්ධී නිලධාරින්ට නිසි අවස්ථාවේ දි ස්ථානමාරු ලබා දිය යුතුයි - ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved