27 April 2024
#දේශීය

සමෘද්ධී නිලධාරින්ට නිසි අවස්ථාවේ දි ස්ථානමාරු ලබා දිය යුතුයි – ඇමැති ඩග්ලස්

යාපනයේ දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු සමෘද්ධී නිලධාරින්ට නිසි අවස්ථාවේ දි ස්ථානමාරු ලබා දිමට පියවර ගත යුතු බව යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හා ධිවර අමාත්‍යය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කර්ලයේ පැවති සමෘදධි නිලධාරින්ගේ රැස්විමකදිය.

අමාත්‍යවරයා කියා සිටියේ රජය මගින් රාජ්‍ය සේවයේ නියුතු සේවකයන්ට ස්ථාන මාරුවිම් ලබාදිම සිදු කිරිමට ප්‍රතිපත්තියක් සකස් කර ඇති බවත් කිසිවෙකු එම ප්‍රතිපත්තිය කඩ නොකල යුතු අතර යාපන දිස්ත්‍රිකයේ වසර 10 කට වඩා වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ රාජකාරි කරන නිලධාරින් සිටින බවට පැමිණිලි ලැබි තිබෙන අතර එම නිලධාරින් නිසි ලෙස ස්ථාන මාරුවිම් සිදු නො කිරිම නිසා ඉහල නිලධාරින් මැදිහත් එම සේවා ස්ථානයේ බොහො කාලයක් සේවයකරන නිලධාරින්ගේ ස්ථාන මාරුවිම් ලබා දිය යුතු බවයි.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ සිවබාල සුන්දරම් අතිරේක දිස්ත්‍රික් ලේකම් මුරලි දරන් ප්‍රදේශිය ලේකම් හා යාපනය දිස්ත්‍රික් සමෘද්ධී බැංකුවල නිලධාරින් සහභාගි විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *