• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාපාරික නියෝජිතයිනි ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිළි කර දෙන්න – ජනපති

30 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වාණිජ මණ්ඩල සාමාජිකයින්, ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡා දෙකකට එක් වෙමිනි.

පළමුව වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමග හමුවකට එක් වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.

පොලී අනුපාත අඩුවීමේ කාලසීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් මාස කිහිපයක් තුළ පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් පිළිබඳ විශේෂඥයන් පුරෝකථනය කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සිදු නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළි අනුපාත නැවත වැඩි විය හැකි අවදානමක් ඇති බවයි.

එසේම රුපියල ශක්තිමත් වී තිබෙන මෙවැනි අවස්ථාවක ඩොලරය යළිත් ඉහළ යෑමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව පැවසු ජනාධිපතිවරයා විදේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව දේශීය ණය ප්‍රශස්තකරණය ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව පෙන්වා දුන්නේය.

සේවක අර්ථසාධක අරමුදල යටතේ ප්‍රතිලාභීන්ට ලබාදෙන 9%ක වාර්ෂික පොළිය ඒ ආකාරයෙන්ම ලබාදෙන බව නීතියෙන් සහතික කරන බවත්, එබැවින් ඉදිරියේදී ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කිසිදු අවිශ්වාසයක් ඇති කරගත යුතු නැති බවත් වෘත්තීය සමිති නියෝජිතයින් අමතමින් ජනාධිපතිවරයා පැවසිය.

දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමත් සමඟ සංවර්ධන ආධාර මෙරටට ලැබෙන බවත්, එමඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු පසුගිය සමයේ අඩාල වී තිබූ අනෙකුත් සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවන බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ ඔස්සේ ඇතිවන ආර්ථික ප්‍රබෝධය තුළ නව රැකියා අවස්ථාව රැසක් ද බිහිවන බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ” බැංකු තැන්පතුවලට බලපෑම් එල්ල වන බව පවසමින් සිදුකළ ප්‍රචාරයන් නිසා සමාජය තුළ යම් කණස්සල්ලක් පැවතුණා. නමුත් අපගේ සාකච්ඡාවලදී අප අවධානයට ලක්කළ ප්‍රමුඛතම කාර්යක් තමයි බැංකු පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම. දෙවැන්න සියලුම බැංකු තැන්පතු ආරක්ෂා කිරීම. බැංකු පද්ධතිය සම්බන්ධයෙන් ඇති කරන අනිසි බිය විශ්‍රාමික අරමුදල්වලට සාපේක්ෂව විශාල සමාජීය බලපෑමක් ඇති කළ හැකියි. එබැවින් ඉතා සාධාරණ විසඳුමක් අප ඉදිරිපත් කර තිබෙනවා. බැංකු විසින් දැනටමත් 50%ක් බදු ලෙස ගෙවමින් සහ ණය සහන ලබාදෙමින් මහා භාණ්ඩාගාරයට මෙන්ම පොදුවේ සමස්ත ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බැංකු පද්ධතිය හෝ තැන්පතු ලබා ගන්නා ආයතන සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැහැර කිරීමට අප කටයුතු කළා. භාණ්ඩාගාර බිල්පත්වලට ද කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. සිදු වන්නේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඒ වගේම විශ්‍රාම අරමුදල් සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා දී තිබෙනවා. එහිදී සෑම වසරකම ඒවායේ ප්‍රතිලාභීන්ට 9%ක පොලියක් ලබාදීම සහතික කරනවා. වත්මන් ශේෂය ආරක්ෂා වන අතර ශේෂයේ අඩුකිරීමක් ද සිදුවන්නේ නැහැ. තවද එම භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර නව බැඳුම්කර සඳහා හුවමාරු වනු ඇතියි. එය ලබන අඟහරුවාදා උදෑසන පළමු වැඩ කරන දිනයේ දියත් කෙරෙනවා. ඒ පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදුකරන අතර එතැන් සිට එය කඩඉම් දිනය වනු ඇතියි. ඊ පී එෆ්, ඊ ටී එෆ් (EPF, ETF) ඇතුළුව සියලුම විශ්‍රාම අරමුදල් (superannuation) සතු ඕනෑම බැඳුම්කරයක් හුවමාරු කරනු ලබනවා. පුද්ගලික අංශයේ විශ්‍රාම අරමුදල් ගණනාවක් තිබෙනවා. ඒවා ප්‍රතිව්‍යුහගත කරනවා. බැංකු ක්ෂේත්‍රය බදු වශයෙන් 50% ක් මහා භාණ්ඩාගාරයට ගෙවන විට ඊට සාපේක්ෂව විශ්‍රාම අරමුදල් මගින් බදු ගෙවීම සිදු කරන්නේ 14%ක් පමණයි. එසේ වුවත්, ඔවුන් මෙම බැඳුම්කර හුවමාරුවට සහභාගී වුවහොත් එම 14% අඛණ්ඩව භුක්ති විඳීමට අවස්ථාව හිමි වෙනවා. එසේ නොමැති නම්, ඔවුන්ට ඉහළ බදු අනුපාත සඳහා යාමට විකල්පයක් තිබෙනවා. එසේ වුවහොත් ඔවුන්ට එය අවාසිදායකයි. එබැවින් ඔවුන්ගේ තේරීම කුමක් දැයි තීරණය කිරීම විශ්‍රාම (superannuation) අරමුදල් වෙත පැවරෙනවා. එම තේරීම අප වෙත දන්වනු ඇතැයි අප අපේක්ෂා කරන අතර ජූලි මාසය තුළ බැඳුම්කර හුවමාරුව අවසන් කරනවා. එවිට ඔවුන්ගේ ද්‍රවශීලතාවයෙන් රජයට ලොකු සහනයක් ලැබෙනවා. තවද ප්‍රධාන මෙවලම වන්නේ බැඳුම්කර හුවමාරුවේදී වසර පහක සහන කාලයක් පැවතීම සහ එම කාලය තුළ විනිමය බැඳුම්කර සඳහා පමණක් පොලී ගෙවනු ලැබීමයි. එහි කල්පිරීම 2032 සිට 2038 දක්වා ආරම්භ වෙනවා. ඉන්පසු ක්‍රමානුකූලව, වාර්ෂික පදනම මත කල්පිරීම සිදු වනු ඇතියි. මහ බැංකුව වශයෙන් අපගේ මැදිහත්වීම සහ උනන්දුව වන්නේ එක් පැත්තකින් මූල්‍ය ස්ථාවරත්වය, බැංකු පද්ධතිය සහ තැන්පතු ආරක්ෂා කිරීමටයි. අනෙක් පැත්තෙන්, සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු, ලෙස අපට අවශ්‍ය වූයේ ඊ පී එෆ් (EPF) සාමාජිකයන් සහ විශ්‍රාමික අරමුදල් සඳහා හොඳම, ප්‍රශස්ත ගනුදෙනුව ලබා ගැනීමයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු සෙනසුරාදා එය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

 

ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බිංගුමාල් තේවරතන්ති මහතා ” දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා බැංකු ඇතුළත් නොකිරීම පිළිබඳව අප සංගමය සතුටට පත් වෙනවා. එය දෙස බලන විට වැටහෙන්නේ මෙම තිබෙන යෝජනාව සමඟ අපට දළ මූල්‍ය අවශ්‍යතා (GFN) ඉලක්ක කරා ළඟා විය හැකි බවයි. එය තීරණාත්මක සාධකයක්. තවද මෙය මුදල් පිටතට ගලා යාමේ දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් විශාල සහනයක් වෙනවා. මම දකින විදිය අනුව ආදායම් පැත්තෙන් සහ වියදම් පැත්තෙන් ගත්තත්, දේශීය ණය සඳහා පොලී ගෙවීම සම්බන්ධයෙන් රජය තවමත් දැඩි සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම් වැඩි කිරීම සම්බන්ධ කාරණයේදී රජයට තවත් තීරණාත්මක පියවර වෙත යොමුවීමට සිදු වෙනවා. විශේෂයෙන් බදු ලිපිගොනු ප්‍රමාණය වැඩි කිරීමට සිදු වෙනවා. දැනට තියෙන බදු පදනම සමඟ අපේක්ෂිත ඉලක්කවලට යාමට හැකි වෙයි කියා මම විශ්වාස කරන්නේ නැහැ.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි මහතා” පුද්ගලික අංශයේ මෙන්ම ලංකා වාණිජ මණ්ඩලය පැත්තෙන්, මම හිතන්නේ මෙම ගෙන ඇති පියවර බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම සදහා ගෙන ඇති සුදුසුම පියවර කියලයි. එසේ නොවුණා නම් මෙම අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ බැංකු පද්ධතියත් අභියෝගයට ලක් වෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වෙනවා. මෙතැන් සිට බැංකු මගින් පුද්ගලික අංශයට ලාභදායී අරමුදල් ලබා දීමට අවකාශ ඇතිවෙයි කියා මම විශ්වාස කරනවා. මෙතෙක් කල් එය සිදුව නැහැ. නමුත් අපි මින් ඉදිරියට එය සිදුවනු ඇති බව බලාපොරොත්තු වෙනවා. එසේ වුවහොත්ආයෝජන අඛණ්ඩව කරගෙන යා හැකියි. මම හිතන්නේ පසුගිය මාස 18 සිට 24 දක්වා කාලය තුළ සියල්ල ඇණහිට තිබෙනවා. එබැවින් ආර්ථිකය ඉදිරියට යාමට නම් පෞද්ගලික අංශයට වඩා ලාභදායී අරමුදල් අවශ්‍ය වෙනවා.

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, මුදල් රාජ්‍ය ආමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, ගාමිණී ලොකුගේ, වඩිවෙල් සුරේශ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

විදුලි සැර වැදී අයෙකු මරුට

Next Post

පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට හඳුන්වා දීමේ සැලසුමක්

editor

editor

Next Post

පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට හඳුන්වා දීමේ සැලසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved