• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කරනවා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්

15 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මේ බව පැවසුවේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (14) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා හොඳම කේන්ද්‍රස්ථානයක් වීමට සූදානමින් සිටින අතර කේරළ, කර්නාටක, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලඟනා යන ප්‍රාන්ත ඇතුළත්, 2030 වන විට මිලියන 350 ක ජනගහනයක් මෙන්ම ආර්ථික වර්ධනයක් ද පෙන්නුම් කරන දකුණු ඉන්දීය වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම එම අවස්ථාව ලබා දීම රජයේ වගකීම බව ද අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා “ උසස් පෙළ විභාගය සඳහා වන උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක් තරම් විශාල ආර්ථික පරාසයක පැතිර පවතිනවා. එම ක්ෂේත්‍රයෙහි දැනට පවතින තත්ත්වය විධිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ එකඟතාවද යහපත් මට්ටමක පවතිනවා. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සියලු දෙනාගේම මානව අයිතියක්. ඕනෑම රජයක් විසින් එම අයිතියට ඉඩ සැලසිය යුතුයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් වනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටිනවා. ඒ වගේම විදේශීය විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ආචාර්යවරුන් ගේ දැනුම, අත්දැකීම් සහ අධ්‍යාපන ක්‍රම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක්ද සැලසුම් කරමින් සිටිනවා. ඒ ඔවුන්ගේ අධ්‍යයන සහ සෘතු නිවාඩු කාල පරිච්ඡේදයන්වලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා සම්බන්ධ කර ගනිමින්. ඒ හරහා උසස් අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකික විද්‍යාර්ථයින්ගේ අධ්‍යාපනය සංවර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාවයි. විශ්වවිද්‍යාල පද්ධතියෙන් සමාජගත වන උපාධිධාරීන් ප්‍රශ්න නඟන කණ්ඩායම් වනවා වෙනුවට පවතින ප්‍රශ්නවලට විද්‍යාත්මක හා නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත් කරන පිරිසක් බවට පත් විය යුතුයි. එවැනි පිරිසක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් සමාජගත කිරීමත් රජයේ ප්‍රධාන අපේක්ෂාවක් වනවා. ශ්‍රී ලංකාව සෑම විටම අධ්‍යාපනය සඳහා හොඳම කේන්ද්‍රස්ථානයක් වීමට සූදානමින් සිටිනවා. දකුණු ඉන්දීය වෙළෙඳපොළ පමණක් කෙරෙහි අවධානය යොමු කළ හොත් එහි කේරළ, කර්නාටක, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා ප්‍රාන්තවල 2030 වන විට මිලියන 350 ක ජනගහනයක් සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ ආර්ථිකයද වර්ධනය වෙමින් තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුන් යොමු වන්නේ කොහෙටද යන්න මෙහිදී වැදගත් වනවා. ඔවුන්ට දිල්ලියට යෑමට වඩා ලංකාවේ කොළඹට පැමිණ අධ්‍යාපන අවස්ථා සපුරා ගැනීම පහසුයි. ඒ නිසා අප එම වෙළෙඳපොළ දෙස බැලිය යුතුයි. අපේ රටේ පවතින්නේ වසර 30කට වඩා ගතානුගතික පැරණි අධ්‍යාපන ක්‍රමවේදයක්. නමුත් නෝර්වේ, ස්වීඩනය සහ කාර්මික රටවල අධ්‍යාපන ක්‍රමවේද සමාජ අවශ්‍යතා අනුව ක්‍රමානුකූලව වෙනස් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තවමත් එවැනි තත්ත්වයක නැහැ. අපේ රට සංස්කෘතික රාජ්‍යයක් වීම ඊට හේතුවයි. නමුත් මේ ක්‍රමය ක්‍රමාණුකූලව වෙනස් කළ හැකියි. ඒ වගේම විවිධ ස්වරූපයෙන් පවත්වා ගෙන යන පෙර පාසල් විධිමත් කිරීමේ අවශ්‍යතාවය පවතිනවා. මේවා නිසි නියාමනයකට ලක් විය යුතුයි. අප බොහෝ කටයුතුවලදී මතවාදී වශයෙන් පොදු එකඟතාවයක නොසිටීම බලවත් අඩුවක්. ජාතික ප්‍රතිපත්ති ගොඩ නැඟීමේදී මෙවැනි පසුබිමක් පැවතීම අතිශය දුෂ්කර තත්ත්වයක්. එසේ වුවත් ඒවාද වෙනස් කර ගනිමින් අපි පවතින අභියෝග ජයගත යුතුයි. 2030 වර්ෂය වන විට සාර්ථක, ඵලදායී, විමර්ෂණශීලී පුරවැසියන් බිහි කිරීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

අතුරුදන් වු විදේශ කාන්තාවගේ සිරුර කන්ද පාමුලින් සොයා ගැනේ

Next Post

බදුල්ල කොළඹ මාර්ගයේ බස් රථ අනතුරක්

editor

editor

Next Post

බදුල්ල කොළඹ මාර්ගයේ බස් රථ අනතුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved