27 April 2024
#දේශීය

අතුරුදන් වු විදේශ කාන්තාවගේ සිරුර කන්ද පාමුලින් සොයා ගැනේ

මහනුවර, අම්පිටිය පාරේ පිහිටි නවාතැන් ස්ථානයක සිටි විදේශ කාන්තාවක් අතුරුදන්ව ඇති බව පසුගිය 10 වනදා එම ලැගුම්හලේ කලමණාකරු පොලිසියට පැමිණිලි කර ඇත.

එම කාන්තාව සොයා පොලිසිය කල විමර්ශනයේදී ඇය අලගල්ල කන්ද තරණය කිරීම සඳහා යන බවට නවාතැන් පොලේ සිටි සේවකයින් වෙත දැනුම් දී ඇති බව තොරතුරු අනාවරණ වී ඇත.

ඒ අනුව මහනුවර හා පොත්තපිටිය පොලිස් කල විමර්ශනයේදී අද (14) අලගල්ල කන්ද ප්‍ර දේශයේදී තිබි මෙම විදේශිය ජාතික කාන්තාවගේ මෘත ශරීරය සොයා ගෙන ඇත.

ඇය වයස අවුරුදු 32 ක් වන ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් වන අතර ඇය අලගල්ල කන්ද ප්‍රදේශයේ ගලකින් ලිස්සා වැටී ඇති බවට නිරික්ෂණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර හා පොත්තපිටිය පොලිසිය වැඩිදුර විමර්ශනය කටයුතු පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *