• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටී තියෙන රට ගොඩගන්න සියළු දෙනා එක්වන්න – ඇමැති මනුෂ

24 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැටී තිබුණ රට ගොඩ ගැනීමේ ගමනට එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ, සමගි ජන බලවේගයේ කණ්ඩායම්වලට ආරාධනා කරන බවත්, දේශපාලන අනාගතය ගැන හීන මවමින් සිටින නායකයින් ජනාධිපතිතුමා සමග එක් නොවුන්, ඇතුලේ සිටින කණ්ඩායම් ගැලවී ආණ්ඩුව සමග එක්වෙමින් තිබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බේරුවල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක රොහාන් පැට්‍රික් මහතා සංවිධාන කර තිබු ආසන බල මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍ය මනුෂ නානායක්කා මහතා මෙසේ අදහස් පල කලේය “ මේ ගමන යන විට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම්වලට, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම්වලට, පොහොට්ටුවේ කණ්ඩායම්වලට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වලට අපි ආරාධනා කරනවා. මේ ගමන අපි ඉස්සරට යන්න ඕන. සියලු දෙනාම එකට එකතු කරගන්න ඕන වෙලාවක් මේක. හැමදාම බේරුවල ආසනය එක්සත් ජාතික පක්ෂයට දිනන්න පුලුවන් වෙලා තියෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂය නිසා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සිංහල සහෝදරයෙක් ආවොත් පක්ෂ සභාපතිකම, නැතිනම් පක්ෂ භාණ්ඩාගාරිකකම මුස්ලිම් සහෝදරයෙක්ට, දෙමළ සහෝදරයෙක්ට ලබාදෙනවා. හැමදාම එක්සත් කම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙනී සිටියා. ජනාධිපතිවරණයක් එනකොට කියන කතා බලන්න. දර්ගා නගරයට, බේරුවලට වරක් වුන දේවල් මතකයිනේ. ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා, අර කඩේට යන්න එපා මේ කඩේට යන්න එපා කියලා සහෝදරත්වය බිදලා දේශපාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය ජයගනීවි කියන බිය නිසා. 1956 ඉදලා සිංහල පමණක් රාජ්‍ය භාෂාව කියලා අපිට එකට එකතු වෙන්න තියෙන අවස්ථාව නැති කළා. එදා බණ්ඩාරනායක ටයි කෝට් ඇදලා එංගලන්තයට නැව් නැගලා අයිමත් ලංකාවට රෙද්ද බැනියම ඇදලා ආවේ අපි අන්දවන්න. රවට්ටවන්න. ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් මිනිස්සු රටවන එක විවිධ දේශපාලඥයින් විවිධ අවස්ථාවලදී භාවිතා කළා. ඒවායේ ප්‍රතිඵල විදියට උතුරේ අපිට ප්‍රශ්ණයක් ඇතිවුනා. උතුරේ තරුණයින් ආයුද ගත්තා. වලව් පැලැන්තිය කරපු පීඩනය නිසා දකුණේ තරුණයින් ආයුද අතට ගත්තා. ඒත් එක්සත් ජාතික පක්ෂය සියලුම ආගමිකයින්ට, සියලුම ජාතිකයන්ට සමානව සලකන්න කටයුතු කළා. ජනාධිපතිතුමා ඉන්දියාවේ සංචාරය අවසන් කරලා එන විට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන්න හැමෝම එකග වෙනවා නම් අපි ඒ සදහා කටයුතු කරවා කියලා කිව්වා. පසුගිය සතියේ අපි හිටියේ යාපනයේ. උතුරෙන් අපිට හොද ප්‍රතිචාරයක් ලැබුණා. දකුණේ තරුණ තරුණියන්ට තිබෙන අවස්ථාවන් උතුරේ තරුණ තරුණියන්ට තියෙන්න ඕන කියලා ගාල්ලේ හදන්න තිබුණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැවැන්ත ගොඩනැගිල්ල අපි යාපනයට පරිත්‍යාග කළා. ඒක තමයි සැබෑ සංහිදියාව. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත නැවත පත් කරගැනීම වෙනුවෙන් ඒ අය පෙනී ඉන්නවා. මේ රට එක විදියට හිතන, බෙදන්නේ නැති, බෙදලා පාලනය කරන්න හිතන්නේ නැති නායකයෙක් එක්ක වැඩ කරන්න ඒ අයට අවශ්‍යයි. ජාතිවාදී විදියට, ආගම්වාදී විදියට කල්පනා කරන්නේ නැති නායකයෙක් එක්ක වැඩ කරන්න ඒ අයට අවශ්‍යයි. පටු විදියට හිතන්නේ නැතිව, ජාතික වශයෙන් හිතලා, වැඩ කරන නායකයෙක් එක්ක වැඩ කරන්න උතුරේ ජනතාව එකගවී සිටිනවා. 2015 යහ පාලන ආණ්ඩුව ආවම අපේ මුස්ලිම් සහෝදරයෝ සැහැල්ලුවෙන් ජීවත් වුනා. ඒත් පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ කරලා, මුස්ලිම් ජනතාවට පාරට බහින්න බැරි තත්වයක් ඇති කළා. මුස්ලිම් ජනතාව පාරේ යන විට බරපතල සැකයක් ඇති කළා. මේක මුස්ලිම් ජනතාව කළ දෙයක් නෙමෙයි, යම්කිසි පිරිසකගේ අවශ්‍යතාවය මත සිද්ද වුන දෙයක් තමයි ඒ. ඒ අයගේ අවශ්‍යතාවය වෙනුවෙන් මුස්ලිම් අන්තවාදය පාවිච්චි කළා. පාර්ලිමේන්තුවේ කෑ ගහලා අපි ඒක පැහැදිළි කරලා දුන්නා. ආර්ථික වශයෙන් රට ජයගෙන, 2048දී දියුණු රටක් බවට මේ රට පත් කරන ගමන තමයි අපි මේ යන්නේ. රට තිබුණ තත්වයට නැවත අරගෙන එන්න යම්කිසි කාලයක් ගතවේවි කියලා ජනාධිපතිතුමා කිව්වා. මාස දෙක තුනක් යන විට විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නතර කරන්න, තෙල් ප්‍රශ්ණයට විසදුම් දෙන්න අපට පුලුවන්කම ලැබුණා. ආර්ථිකය තිබුණට වඩා හොද තත්වයකට අරගෙන ඇවිත් තියෙනවා. උද්ධමනය අඩු කරන්න පුලුවන් කම ලැබුණා. උද්ධමනය අඩුවුනා කියලා කිව්වට තවම බඩුමිල අඩුවුනේ නෑනේ කියලා සමහරු කියනවා.උද්ධමනය අඩුවෙනවා කියලා කියන්නේ බඩු මිල වැඩිවීමේ වේගය අඩු කළා කියන එක. ලබන මාසය, ඊළග මාසය වන විට බැංකු පොලී අනුපාතය සියයට 9 කට 12කට අඩු වෙන්න පුලුවන්. පොලී ගන්න බැංකු ඇතුලේ තියාගෙන හිටපු මුදල් දැන් එළියට අරගෙන ඒවි. ලබන අවුරුද්දේ ජනවාරි, පෙබරවාරි වන විට 2018අවසානයේදී තිබුණ තත්වයකට ආර්ථිකය අරගෙන එන්න පුලුවන් වේවි. ආර්ථිකය ගොඩ ගන්න මේ ආණ්ඩුව ගන්න කියලා සජිත් ප්‍රේමදාසට කිව්වා. අනුර කුමාර දිසානායකට කිව්වා. ජනාධිපතිකමයි, අගමැතිකමයි, කැබිනට් එකයි දෙනවා නම් මාස හයෙන් මේ තතව්ය ගොඩ දාා දෙන්නම් කිව්වා. එතකොට එහෙනම් අරගන්න කියලා අපි කිව්වා. එතකොට මේ තියෙන තත්වය යටතේ අපිට ගන්න බෑ, අමාරු තත්වයක් කිව්වා. සජිත් ප්‍රේමදාසට මේක ගන්න කියලා කිව්වා. කෑ ගහලා කිවබවා. ලියුම් ගහලා කිව්වා. මේක අමාරු වැඩක්. මේක කරගන්න බැරිවුනොත් මගේ දේශපාලන ඉවරයි කියලා තමයි ඔහු කිව්වේ. ඔය නායකයින් කියාගන්න හැමෝම එහෙම තමයි වැඩ කළේ. මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ රට භාරගන්න කියලා කිව්වම අපේ දේශපාලන අනාගතය විනාස කරගන්න බෑ කියලා තමයි කිව්වේ. ඒ වගේ වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා, තමන්ගේ දේශපාලන අනාගතය ගැන හිතන්නේ නැතිව, තමන්ගේ දේශපාලන පක්ෂය ගැන හිතන්නේ නැතිව මිනිස්සුන්ගේ ජීවිත වැදගත් කියලා තීන්දුවක් ගත්තා. රට බංකොලොත් රටක් බවට පත්වෙලා, ගහ මරාගන්නා ත්‍රස්තවාදි කල්ලි අතට බලය යන, මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙන රටක් බවට පත්වෙන්න නොදීමේ තීන්දුව ගත්තා. රටේ වගකීම එතුමා භාරගත්තා. ඒ වගකීමට අපි කර තිව්වේ අපේ දේශපාලන අනාගතය ගැන හිතලා නෙමෙයි. හරින් ප්‍රනාන්දු ඇමැතිතුමත් මමත් ඒ වගකීම් භාරගත්තේ නැවත හෙට දවසේ අපි පාර්ලිමේන්තුවට යාවිද, හෙට දවසේ අපේ ජීවිත බේරිලා තියේවිද කියන දේ අමතක කරලා. අපි ඒ තීන්දුව ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි තිබෙන විශ්වාසය නිසා. එතුමා අද වැඩ කරලා පෙන්නලා තියෙනවා. කටින් පච කෙලින නායකයෙක් නෙමෙයි. කරන්න පුලුවන් දේ කියලා, කරලා පෙන්වන නායකයෙක්. කරන්න බැරි දේ කරන්න බැහැ කියලා කියන නායකයෙක්. දැන් ජනතා විමුක්ති පෙරමුණ ලොකුවට රැල්ලක් තිබුණා. ඒ පුස් රැල්ල දැන් බිදිලා, ඒ ශෝ එක ඉවරයි. අපි දැන් රට ගොඩ නගමින් ඉන්න වෙලාවේ ෆේස් බුක් එකේ මල්ලිලා, හා කමක් නෑ…අපි මාලිමාවට කියලා කියනවා. අපි කම්කරු නීති වෙනස් කරන්න යන විට හරිනි අමසූරියලා කියන්නේ අයි.එම්.එෆ්. එකේ උවමනාවට ඒවා වෙනස් කරනවා කියලයි. එතකොටත් ෆේස් බුක් එකේ මල්ලිලා,ඒත් කමක් නෑ..අපි මාලිමාවට කියලා කියනවා. හරිනිලා තමන්ගේ දේශපාලනික නිරුවත ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. නූතවාදීව හිතන, කාන්තා නිදහස, සියලුම ජාතීන්ගේ නිදහස ගැන කතා කරනවා කියලා පෙන්නුවට අද ඊට හාත්පසින් වෙනස් දේවල් කියමින් ඉන්නවා. කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්කම්කරු නීති අරගෙන ආවට පස්සේ ඒවා ඇතුලේ මොනවා හරි හොරයක් තියෙනවා කියලා කියනවා. දේශපාලන කුහකම, ජනතා විමුක්ති පෙරමුණේ තියෙන වෛරී දේශපාලනය හරිනිලාගෙන් පේන්න අරගෙන තියෙනවා. මේ මොනව වුනත් හා කමක් නෑ අපි මාලිමාවට කියලා ෆේස් බුක් එකේ මල්ලිලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ලොක්කෙක් ඇවිත් සැහැල්ලු දුම්රිය එක පැත්තකට විතරයි දුවන්නේ කියලා කිව්වා. මේ කියන්නේ බොරු කියලා උගත්තු ඇවිත් කරුණු පැහැදිළි කළා. ඒත් ෆේස් බුක් එකේ මල්ලිලා කියන්නේ කමක් නෑ.. අපි මාලිමාවට කියලයි මෙන්න මේ බුද්ධි මට්ටම, මේ දැනුම් මට්ටම නිවරදි කරගන්න ඕන. අපි මේ ගමන යන විට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම්වලට, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම්වලට, පොහොට්ටුවේ කණ්ඩායම්වලට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වලට අපි ආරාධනා කරනවා. මේ ගමන අපි ඉස්සරට යන්න ඕන. සියලු දෙනාම එකට එකතු කරගන්න ඕන වෙලාවක් මේක. ඒ නිසා එකට එකතුවෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක මේ ගමන යන්න කියලා අපි ප්‍රසිද්ධියේ ආරාධනා කරලා තියෙනවා. හැබැයි සමහරු තම තමන්ගේ අනාගත සිහිනය බොදවෙයි කියන බයේ ඉන්න අනුර කුමාර දිසානායකලා, සජිත් ප්‍රේමදාසලා දේශපාලන බංකොලොත්භාවයට පත්වෙමින් තිබෙනවා. පක්ෂ ඇතුලේ ඉන්න කණ්ඩායම් දැන් එහෙන් මෙහෙන් ගැලවෙමින් ඉන්නවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්න කියන්නේ කවදාද කියලා බලාගෙන ඉන්නවා. මේ වන පිට පක්ෂය ඇතුලේ හිටපු මාධ්‍ය කණ්ඩායම්ද, මාධ්‍ය ලේකම්ලාද ගැලවිලා ඉවරයි. තව ටික දවසක් යන විට තවත් අය ගැලවිලා එනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට බෝට්ටු තල්ලු කරන්න පුලුවන්. ක්‍රිකට් ගහන්න පුලුවන්. බස් එලවන්න පුලුවන්. හැබැයි රට පාලනය කරන්න බෑ. ඒ වගකීම ගන්න බෑ කියන එක පෙන්නලා ඉවරයි. අද සමගි ජන බලවේගය ඒක්ක ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තියෙන හැමෝටම ආරාධනා කරන්නේ අපිත් එක්ක එකතුවෙලා මේ ගමන යන්න එන්න කියලයි. සියලුදෙනාගේම ශක්තිය මේ වෙලාවේ අවශ්‍යයි. පාට පක්ෂ, ජාති ආගම් කුල භේධ අමතක කරලා අපි හැමෝම එකට මේ ගමන යන්න ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිර්දේශපාලන නාකයෙක් විදියට හැමෝම එක්ක එකතුවෙල වැඩ කරන්නේ ඔහුගේ පක්ෂය ගැන හිතලා නෙමෙයි. රටේ අනාගතය ගැන හිතලා. සැප්තැම්බර් මාසය වන විට එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය එනවා. සම්මේලනයත් එක්ක එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුවෙන්න පුලුවන් හැම දෙනාම එකතු කරගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරචවා. විවිධ වෘත්තිකයින්, විවිධ ක්ෂේත්‍ර එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂය නැවුම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේ ශක්තිය ලබාදෙනවා. ඉදිරියේදී අපි හැමෝම එකතුවෙලා එකට ගමනක් යනවා යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

මාතලේ දි පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන්, ජනපති හමුවෙයි

editor

editor

Next Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන්, ජනපති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025

Recent News

උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved