රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා ඉතිහාසයේ සිට බලය ලබා ගත්තේ කූඨ කපටි දේශපාලන තක්කඩි වල කම් වලින් බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ නිදහස ජනතා සභා විසින් කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට අද(26) එක්වෙමිනි.
ඔහු පවසා සිටියේ ජනාධිපති රනිල් වික්රමසිංහ අද වන විට කරලියට ගෙනෙන 13 බලාත්මක කිරීමේ යෝජනාව ද එවැනි වංක උත්සාහයක් බවයි.
අවංකව ඒ වෙනුවෙන් කැප වෙන්නේ නම් අවම වශයෙන් පළාත් සභා මැතිවරණය හෝ පැවැත්වීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි.