• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ මර්දනය ජනතා බලයෙන් පරාජයට පත් කරනවා – අනුර දිසානායක

29 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවගේ උද්ඝෝෂණවලට පහර දෙන්නත් පුද්ගලයන් අනීතිකව අත්අඩංගුවට ගන්නත් පටන්ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (29) ජාතික ජන බලවේගයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා “ ජනතාවගේ උද්ඝෝෂණවලට පහර දෙන්නත් පුද්ගලයන් අනීතිකව අත්අඩංගුවට ගන්නත් පටන්ගෙන තිබෙනවා. ඊයේ දිනයේදී මාධ්‍යවේදී තරිඳු උඳුවරගෙදර සොයුරා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තරිඳු, පසුගිය කාලය පුරාවටම ආණ්ඩුව ගොඩනඟා තිබෙන ව්‍යාජ ඝෝෂාවට එරෙහිව සිදුවෙමින් තිබෙන ඇත්ත කරුණු පිළිබඳව යථාර්ථය හෙළිදරව් කරමින් සිටියා. බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන්ගේ අනීතික කාර්යයන්, ආර්ථිකය පිළිබඳ ගොඩනඟා තිබූ ව්‍යාජය, ඔහු සතුව තිබූ තොරතුරු මත හෙළිකරම් කරමින් සිටියා. රනිල් වික්‍රමසිංහට සැබෑ යථාර්ථය හෙළිදරව් කරන අය තර්ජනයක් වෙමින් තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමට දිගු කාලයක සිට උත්සාහ ගත් බවක් පෙනෙන්නට තිබුණා. ඔහු ත්‍රීවිල් රථයේ සිට තොරතුරු වාර්තා කරමින් සිටියදී තමයි අත්අඩංගුවට ගන්නේ. ආණ්ඩුවට එකඟ නොවෙන පුද්ගලයන් දඩයම් කිරීම, රනිල් වික්‍රමසිංහගේ මනෝ විකාරයේ ප්‍රකාශනයක් ලෙස මේ හිතාමතා හඹාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමක් ලෙස අපි දකිනවා. ඔහු අත්අඩංගුවට ගත්තා පමණක් නොවෙයි රනිල් වික්‍රමසිංහගේ පොලීසිය ඔහුට විවිධ අඩම්තේට්ටම්, පහරදීම් කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු උඳුවරගෙදර සොයුරා වහාම නිදහස් කළ යුතුයි. ඔහුව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට මැදිහත් වූ ඉහළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ජාතික ජන බලවේගයෙ අපි කියා සිටිනවා. ඒ වගේම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී ක්‍රියාදාමයන්ට එරෙහිව පෙරට එන ලෙස. අනාගතයේ රනිල් වික්‍රමසිංහට එරෙහිව මහා ජනතා විරෝධය මර්දනය කිරීමට අවශ්‍ය පසුබිම තමයි මේ සූදානම් කරමින් ඉන්නේ.

පසුගිය මහ බැංකු වාර්තාවෙන් හෙළිදරව් කළා, 2022ට වඩා ආර්ථික වර්ධන වේගය අඩුවී තිබෙන බවත්, කර්මාන්ත පද්ධතිය බිඳවැටී තිබෙන බවත්, අයවැය හිඟය වර්ධනය වී තිබෙන බවත්, දශලක්ෂ ගණනින් රැකියා අහිමි වී තිබෙන බවත්, ජනතාවට කන්න නැති බවත් එම වාර්තාවෙන් හෙළිදරව් වී තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ අර්ථසාධක අරමුදල ආණ්ඩුව ණයට අරගෙන ඒවා හොරකම් කරලා ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ කප්පාදු කිරීමට සූදානම් වී තිබෙනවා. මෙයට සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම්ලාභීන් කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. පැහැදිලිවම ඔවුන් මෙයට විරුද්ධව පාරට බහිනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක දේපළ වෙන්දේසි කිරීමට සූදානම් වී තිබෙන බව පුවත්පත්වල දැන්වීම් පළ කර තිබෙනවා. ඒ ව්‍යවසායකයන් මේ ආර්ථික කඩා වැටීමට කිසිසේත්ම වගකිව යුතු අය නොවෙයි. ඒ වගේම අධ්‍යාපනය කඩා වැටීමට ලක්වී තිබෙනවා. කුඩා අසනීපෙකට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන කෙනා මිනී පෙට්ටියක ගෙදරට එන තත්වයට පත්වී තිබෙනවා. ඇස්වල කුඩා දුර්වලතාවයකට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන කෙනා ඇස් අන්ධ වී එනවා. ගොවි ජනපදවල ජනතාව වීවලට සාධාරණ මිලක් නොමැති වීම, ආහාර සපයාගත නොහැකිවීම නිසා පීඩාවට පත්වී තිබෙනවා. මේ නිසා අපේ රටේ පොදු මහජනතාව විශාල පීඩාවකට පත්වී තිබෙනවා. ජනතාව මේ තත්වය සැමදාම ඉවසා සිටින්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ මාධ්‍ය නඩය තමන් විසින් හදන ප්‍රබන්ධයන්ට මේ රටේ ජනතාව රැවටිය හැකි යැයි සිතනවා. නමුත් ඔහුගේ මායාව ඉතා හොඳින් ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙමින් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රෝඩාකාරී ආර්ථික සැලැස්මට විරුද්ධව පීඩාවට පත්වෙන ජනතාව නැගී සිටින බව ඔහු දන්නවා. තැන තැන පැන නගින ඒ නැගී සිටීම මර්දනය කොට මහා ජනතා නැගී සිටීම වැළැක්වීම ඔහුගේ උත්සාහය වී තිබෙනවා.ජාතික ජන බලවේගයේ අපි මේ රටේ ජනතාවගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ජනතාව සමග එක්ව පාරට බහින්න, සටන් කරන්න සූදානම්. එය මේ ආණ්ඩුවෙන් ඉල්ලීම දිනාගැනීම සඳහා පමණක් නොවෙයි, ආණ්ඩුව කරන විනාශකාරී ක්‍රියාදාමයන් නතර කිරීම සඳහාත්, මේ ආණ්ඩුව පළවා හැර ජනතාවාදී පාලනයක් ගොඩනැගීම අරමුණු කරගෙන මේ බලවේගය අපි සූදානම් කරනවා.

ජනතාවගේ බුර බුරා නැගෙමින් තිබෙන වේදනාව, කුඩා කෙනෙත්තිලිවලින්, පීඩාවන්ගෙන් වළක්වන්න නොහැකි බව රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. මේ ජනතාව වන්දි ගෙවමින් සිටින්නේ කිසිසේත්ම තමන් වගකිවයුතු කරුණකට නොවෙයි. පසුගියදා විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා, එහි දැක්වෙනවා, ආණ්ඩුව ව්‍යාපෘති ණය සඳහා කෝටි ලක්ෂ අටක් ණය අරගෙන තිබෙන බව. එම කෝටි ලක්ෂ අටෙන් ව්‍යාපෘති හදා තිබෙන්නෙ කෝටි ලක්ෂ දෙකක. කෝටි ලක්ෂ හයක් අහිමි වී තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ මේ අර්බුදය පාලකයන් විසින් නිර්මාණය කරන ලද අර්බුදයක්. මෙයට ගොවියා, ධීවරයා, ව්‍යාපාරිකයා, තරුණයා, ලෙඩ වෙන රෝගියා, කර්මාන්තකරුවා මේ කිසිකෙනෙක් මේ අර්බුදයට වගකියන්න වුවමනා නැහැ. මේ වගකිවයුත්තන්ට එරෙහිව ජනතාව පාරට බැසීම සාධාරණයි. මේ පාලකයන් පළවා හැරීමට ජනතාව සංවිධානය වීම සාධාරණයි. රනිල් වික්‍රමසිංහගේ මේ වියරු, ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී වැඩපිළිවෙළ පරාජයට පත්කිරීම සඳහා ජනතාව එක්ක ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම්.

අපි රනිල් වික්‍රමසිංහට කියනවා, 80 දශකයට වඩා ලෝකයත්, සමාජයත් වෙනස් වෙලා තිබෙන බව. රනිල් වික්‍රමසිංහම කියා තිබෙනවා ඔහුට බලයක් නැති බව. බලයක් නැති, ජනතා වරමක් නැති, ජනතාවගේ කැමැත්ත නැති, උඩින් අටවා ගත් ජනාධිපතිවරයෙක්. මේ ආකාරයට ජනතාව මර්දනය කිරීමට දරන මේ ප්‍රයත්නය, ජනතා බලය හමුවේ සහතික වශයෙන්ම පරාජයට පත් කරනවා. ඒ වෙනුවෙන් සියලුම ක්ෂේත්‍රවල පුරවැසියන් ඒකාබද්ධව මේ මර්දනය පරාජයට පත්කරන්නත්, ජනතාවගේ අයිතීන් දිනාගැනීමටත්, මේ පාලනය පළවා හැර ජනතාවාදී පාලනයක් ගොඩනැගීමටත් අපි කටයුතු කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 0
Previous Post

ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

Next Post

නිකිණි පොහෝ දිනයට සමගාමීව අනුරාධපුරදී මෙහෙණින් වහන්සේලාගේ පිණ්ඩපාත දානයක්

editor

editor

Next Post

නිකිණි පොහෝ දිනයට සමගාමීව අනුරාධපුරදී මෙහෙණින් වහන්සේලාගේ පිණ්ඩපාත දානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved