27 April 2024
#දේශීය

නිකිණි පොහෝ දිනයට සමගාමීව අනුරාධපුරදී මෙහෙණින් වහන්සේලාගේ පිණ්ඩපාත දානයක්

නිකිණි පොහෝ දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට මෙහෙණින් වහන්සේලා සියක් නමක් දිශා හතරකින් පිණ්ඩපාතයේ වැඩම කරවීම ඊයේ (29) දවස පුරා අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ දී පැවැත්විණි.

තුරුවිල විජයපුර මාර්ගය, 111 පියවර – විජයපූර මාර්ගය,බණ්ඩාරනායක විජයපුර මාර්ගය,කීරික්කුලම -විජයපුර මාර්ගය යන මාර්ග හතරින් සතර දිගින් මෙහෙණින් වහන්සේලා සියක් නමක් මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා ඒක්විය.

මේ සඳහා විජයපුර ධම්මතිලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති සිංහාරගම අමිත හිමියන්ගේ පූර්ණ අවවාද හා අනුශාසකත්වය යටතේ විජයපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුරන්ජි ප්‍රියා ආරියවංශ මහත්මා ඇතුලු පිරිසගේ සංවිධානයෙන් විජයපුර ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ඊයේ දවස පුරා පැවැත්විණි.

මෙහිදී දුටු සුවිශේෂී කාරණයක් වූයේ අලුත විවාපත් යුවල තම දෙවන දිනය සැමරීමට පෙර පිණ්ඩපාත දානය සඳහා පැමිණීමයි.ඒය කාගේත් සිත් ගත් අවස්ථාවක් වූයේ විවාහක යුවල දෙවන දිනයේ ඇඳුමින්ම මාර්ගයට පැමිණීමත් සමඟ විවාහ උත්සවයට පැමිණි පිරිස ද පිරිකර ආදිය රැගෙන පැමිණ පිණ්ඩපාත දානය සඳහා එක්වීමයි.

මෙම පිණ්ඩපාතයෙන් ලැබුණු පිරිකර සියල්ලක්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලාට හා මෙහෙණින් වහන්සේලාට ලබා දීමට නියමිත බව මෙම වැඩසටහනේ අනුශාසක හිමියන් පැවසීය.

සතර දිගින් වැඩම කළ මෙහෙණින් වහන්සේලාට දහවල් දානය විජයපුර එක්සත් වෙළෙඳ සංගමය මඟින් ලබා දුන් අතර වැඩසටහන අවසානයේ මෙහෙණින් වහන්සේලා සියක් නමක් උදෙසා අටපිරිකර සියයක් පිරිනැමීම ද සිදුවිය.

 

තිසර සෝමරත්න – අනුරාධපුර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *