• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතුර නැතිවුනොත් වගා බිම් අක්කර 25000 ක් විනාශයි

3 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කළාවැවට අවශ්‍යය ජලය කොත්මලේ ජලාශයෙන් නිසි පරිදී ලබා නොදීමෙන් මහවැලි එච් කළාපයේ වගා බිම් අක්කර 25000 ක් විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

එප්පාවල ඒකක කළමණාකරණ කාර්යාලයේදී මහවැලි එච් කළාපයේ ගොවි නියෝජිතයින් පැවත්ව සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසීය.මහවැලි එච් කළාපයේ ගල්නෑව, නොච්චියාගම, එප්පාවල, තලාව ආදී කොට්ඨාශ රැසක ගොවි සංවිධාන සභාපතිවරුන් ඇතුළු ගොවි නියෝජිතයින් මෙම සාකච්ජාවට සහභාගී වී සිටියහ.එහිදී මේ වන විට කළාවැව තුළ ගබඩා වී ඇති ජල ප්‍රමාණය පහළ ගොස් තිබීම හේතුවෙන් මහවැලි එච් කළාපයේ වගාවන් අනතුරට පත්වීමේ අවධානමක් පැවතීම සම්බන්ධයෙන් හා ඊට ගත හැකි විසඳුම් සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.කොත්මලේ ජලාශය තුළ 70%ක් ජලය රඳවාගෙන තබා ගෙන කළාවැවට අවශ්‍යය තරම් ජලය ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි ගොවි නායකයින් පෙන්වා දුන්හ.

මෙම ගැටලුව විසඳුමට පළමු පියවර ලෙස හෙට (03) දිනයේදී අනුකමිටුවේදී මහවැලි නිළධාරීන් මේ සම්බන්ධව දැනුම්වත් කිරීමටත්, ඊට විසඳුම් නොලැබුණහොත් උද්ඝෝෂණ සිදු කිරීමටත් ඔවුන් එහිදී සාකච්ජා කරනු ලැබීය.

මහවැලි එච් කළාපයේ ව්‍යාපාර කමිටුවේ සමාජික වයි.එච් දිසානායක මහතා, ” පවතින ජල ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා අපි මහවැලි එච් කළාපයේ ඉන්න ගොවි සංවිධාන වල සභාපතිවරුන් සමඟ සාකච්ජාවක් කළා, ඒ සාකච්ජාවේදී තීන්දු කර ගත්තා ඉදිරියේදී අපිට තව ජල මුර 04 ක් වත් අවශ්‍යය වෙනවා අපේ ගොයම් පැස්සවීම සඳහා.ඒ ඉල්ලීම කිරීමට අපි සියලු දෙනා යෝජනා කර ගත්තා.2023-07-10 වැනි දින පැවති ව්‍යාපාර කළමණාකරණ කමිටු රැස්වීමේදී ජල කළමණාකරණ ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂතුමා නිලන්ත ධනපාල මැතිතුමා අපිට ප්‍රකාශයක් කළා එදින වන විට කොත්මලේ ජලාශයේ 72% ක් ජලය තියෙනවා, ඒ නිසා එච් කළාපය පිළිබඳ කිසිම ගැටලුවක් නෑ කියලා ප්‍රතිඥාවක් දුන්නා.එදින වන විට කළාවැවේ ජල මට්ටම 42 000 යි, අද දින වන විට එය 26 900 ක් බවට පත් වෙලා තියෙනවා.අද වන විට ගොවීන් දැඩි අවධානමකට පත්ව සිටිනවා.කොත්මලේ ජලාශයේ ඔය සා විශාල ජල කඳක් තියෙනවා නම් ඒක ඇයි කළාවැවට දෙන්නේ නැත්තේ, කළාවැවට දිනකට කියුසෙක් 700-800 ත් 400-500 ත් වගේ ප්‍රමාණයක් ලබා දෙන්නේ,අද වන විට 70% ක් පමණ කොත්මලේ ජලාශයේ වතුර තියෙනවා කියලා දැනගන්නට ලැබෙනවා.ඒ තරම් ජලයක් තියෙද්දී මේ තරම් ඉතා අඩු ජල ප්‍රමාණයක් කළාවැවට ලබා දෙන්නේ ඇයි කියන ගැටලුවයි අපිට තියෙන්නේ.ඒ නිසා අපි ගොවි නායකයෝ ලෙස සියලු ගොවීන් අපෙන් ප්‍රශ්න කරනවා.අද වන විට ගොයම කහ ගැහෙමින් තියෙන්නේ.ගොයම පෑස්සවීමට තව වතුර මුර 04 ක් වත් අවශ්‍යය වෙනවා.මේ ලබා දෙන වතුර ප්‍රමාණය බෙදිලා ගියහම මහවැලි එච් කළාපයේ ගොවීන්ට ලැබෙන්නේ බොහෝම සොච්චම් වතුර ප්‍රමාණයක්.ඒ නිසා අපිට දැන් ඉඟි පහළ වෙනවා මේ කන්නයේ ගොවියාගේ ගොවිතැනට අවධානමක් තියෙනවා කියලා.ගෝඨාභය මහත්තයාට ගොවියාගේ පොහොර ටිකට ගහලා ගෙදර යන්න සිද්ධ වුණා.ඒ නිසා වත්මන් ජනාධිපතිතුමන්ටත් කියන්නේ ග‌ොවියාගේ වතුර ටික නැති කරමින්, වතුර ටික ජල විදුලිය සඳහා උපයෝගී කර ගනිමින් ගොවියාගේ බඩට ගහන්න සූදානම් වන බව සියලුම ගොවිමහතුන් අවධාරණය කර ගෙන තිබෙනවා.ඔබතුමා මේ රටේ ජනාධිපතිවරයා විදිහට ගොවියා ගැන මීට වඩා අවධානය යොමු කරලා, අපේ සාගිනි නිවීම සඳහා නියමිත පරිදී කෙතට ජලය ලබා දීලා මේ කන්නය සාර්ථක කර ගන්නට අවස්ථාව ලබා දුන්නොත් ඉතාමත් වැදගත් වෙනවා යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ එප්පාවල කොට්ඨාශ අනුකමිටුවේ 401/ඩී 1 ගොවිසංවිධාන‌ේය සභාපති අතුල දිසානායක මහතා, “මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නායකයින් අද සාකච්ජාවක් සිදු කළා, ඒකේදී අපි අවධානය යොමු කරපු කාරණය තමයි මහවැලි එච් කළාපයේ කුඹුරු අක්කර 25 000 ක ප්‍රමාණය පැස්සවීමට තව ජල මුර 04 ක අවශ්‍යතාවය තියෙනවා.හැබැයි දැනට කළාවැවේ තියෙන ජල ධාරිතාවය බලපුවහම එක මුරයකට යන ජල ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි කළාවැවට ජලය එකතු වෙන්නේ.අද වන විට ලැබෙන ආරංචි අනුව කියුසෙක් 500 ක් පමණ තමයි කළාවැවට ජලය එන්නේ.කියුසෙක් 1100 කට වැඩි ප්‍රමාණයක් කළාවැවෙන් හැමදාම පිටට යනවා.මේ අඩුව ඇවිත් ඇවිත් ගිය මාසේ කළාවැවේ තිබුණ අක්කර අඩි 42000 වෙනුවට අද තියෙන්නේ 27 000 ක් වගේ,තව ජල මුර 04 ක් දෙන්න ඉස්සරහට තියෙද්දී , මේ විදිහට වතුර අඩුවේගන යද්දී අවධානය යොමු කරන්න ඔ්න කළාවැවේ ධාරිතාවය වැඩි කරලා දෙන්න.එහෙම නැති වුණොත් පැහැදිලිවම කළාවැවේ අක්කර අඩි 15 000 ක් වගේ වන විට ඉතුරු වතුර ප්‍රමාණය අපිට බස්ස ගන්න බැරි වෙනවා අපිට, තව එක වතුර මුරයකට වගේ ජල ප්‍රමාණයක් තමයි කළාවැවේ ඉතුරු වෙලා තියෙන්නේ.මේක කල්තියා අපි තේරුම් ගත්තේ නැත්නම්, දැන් අපේ ගොයම් මහ බණ්ඩි අවස්ථාවේ තියෙන්නේ, මේකට අනිවාර්යෙන් අඩුම තව මාසයක් වතුර දෙන්න ඔ්න, අඩුම වතුර මුර 03-04 ක් දෙන්න ඔ්න.කොත්මලේ ජලාශයේ ජලය 70% ක් අද වන විට තියෙනවා කියලා අධ්‍යක්ෂතුමා කියනවා, හැබැයි කොත්මලේ ජලය තිබුණාට කුඹුරු පැහෙන්නේ නෑ, කොත්මලෙන් කළාවැවට ජලය එන්න ඔ්න, ඒ ජල ධාරිතාවය කළාවැවේ තියෙන්න ඔ්න, හැබැයි අද එහෙම එකක් නෑ, ඒ නිසා අධ්‍යක්ෂතුමන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනවා, තමුන්නාන්සේලා වෙන කළාප වලට විදුලිය ගැන, රටේ වෙන වෙන දේවල් ගැන හිත හිත ඉඳලා කුඹුරු යායවල් පිටින් මැරෙව්වා වගේ මේ එච් කළාපයට ඒ අපරාධය කරන්න දෙන්න එපා.අපේ වැව තමයි කොත්මලේ ජලාශය, අපේ වැව තමයි කලාවැව, අපි කොත්ම‌ලේ ඉඳලා ඉඩම් යට වෙලා මේ කළාවැව යටතේ ජානපදිකයෝ විදිහට පදිංචි වුණ මිනිස්සු, අපිට තියෙන්නේ මේ මහවැලි ජීවිතය විතරයි.ඒ නිසා කඩිනමින් මේකට බළධාරීන් නිළධාරීන් මැදිහත් වෙලා, ඊළඟ ජල මුර දෙන්න, අවශ්‍යය ජල පංගුව වහාම කළාවැවට ලබා දීලා, මේ මහවැලි එච් කළාප‌යේ ගොවීන්ගේ ජීවිතය සාර්ථක කරගන්න උදව් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගල්නෑව කොට්ඨාශ‌යේ අනු කමිටුවේ සභාපති ටී.එච් අබේසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

දැනට ගල්නෑව කොට්ඨාශයට වතුර මුර 03 ක් අවශ්‍යය වෙලා තියෙනවා.අපිට තියෙන ගැටලුව තමයි කළාවැව වම් ඉවුර තමයි, ගල්නෑව හා මීගලෑව කොට්ඨාශයන්ට ජලය සැපයෙන්නේ, දැනට තියෙන ගැටලුව තමයි කියුසෙක් 1000 ක පමණ ප්‍රමාණයක් තමයි පොල්ගොල්ලේ ඉඳලා ලැබෙන්නේ,ඒ ලැබෙන ප්‍රමාණය මේ වන විට කණ්ඩලම, හුරුළුවැව, ඉබ්බන්කටුව කියන ජලාශ 03 ටම තමයි මේ කියුසෙක් 1000 ලැබෙන්නේ.කළාවැවට ලැබෙන්නේ ඉන් කියුසෙක් 400 ක් පමණ තමයි.මේ ක්‍රමවේදය තුළ අපි ඉදිරියට යන කොට තව මුර 04 ක් අපේ කොට්ඨාශයට ලැබෙනවත් එක්කම, අනෙක් කොට්ඨාශ වලට ජල මුර 04-05 ක් ලැබිය යුතු වෙනවා.මේ ක්‍රමවේදය හරියට සිද්ධ වෙන්නේ නෑ, ගොවියන්ට යන්න වෙනවා දින 10-12-15 ජල මුර වලට යන්න වෙනවා.මේ අවස්ථාවේදී වී බණ්ඩි අවස්ථාවේ හා සෝයා මල් අවස්ථාවේ තියෙන්නේ.මේ අවස්ථාවේ ජලය නොලැබුනොත් ගොවියාගේ ආදායම 75% ක් පමණ විනාශ වෙනවා.ඒ නිසා අපි බළධාරීන්ගෙන් ඉල්ලන්නේ දැනට කළාවැවට අවශ්‍යය ජල ප්‍රමාණය ලබා දෙන්න කියලා.ඉදිරියේදී ලොකු ජල ගැටලුවක අපි ඉන්නවා කියලා පේනවා. ඒ තුළින් අපේ ගොවි ජනතාව අසීරුතාවකට පත්ව තිබෙනවා.යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ එප්පාවල 403/ඩී3 සොහොයුරේ ගොවි සංවිධානයේ සභාපති බන්දුල පියරත්න මහතා,

මේ වෙද්දී යල් කන්නයේ වගාව හානී වීමේ අනතුරක් අපි ඉස්සරහා තියෙනවා, ඒ අන් කිසිවක් නෙමෙයි, වගාවන් වෙනුවෙන් දෙනවා කියලා පොරොන්දු වෙච්ච ජලය මේ වෙද්දී අපිට ලබා නොදෙන අවදානමක් තියෙනවා.ඒ අවදානම ඒ අනතුර කල්තියා හදුනාගෙන බළධාරීන්ට යම් බලපෑමක්, බළධාරීන්ගේ ඇස්ඇරවීමක් අපි මේ සිද්ධ කරන්නේ.මේ වන විට අපේ මහබණ්ඩි වගාවට තව වතුර මුර 04 ක් ඔ්න වෙනවා.ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අපිට පොරොන්දු වෙලා තිබුණා, තව ජල මුර 04 ක් දෙන්නම් කියලා.ජලයට වගකියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන අංශයේ අධ්‍යක්ෂවරයා පහුගිය 10 වැනිදා මහැවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරන කාර්යාලයට ඇවිල්ලා ගොවිනායකයොන්ට කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ, වතුර දෙන්නම් කියලා.ඒ නිළධාරියාම තමයි මේ වෙද්දී වගාව විනාශ වෙලා වලව ගොවීන්ටත් ඒ පොරොන්දුව දීලා තියෙන්නේ.අද වලව ගොවියෝ අන්ත අසරණ වෙලා පාරේ හට් එකක් ගහගෙන වගාවට ජලය දෙන්න කියලා කියනවා.ඒ වගාව විනාශ වෙලා යද්දී කෘෂිකර්ම ඇමතිවරයා නිහඩයි, වතුර ටික දෙන්නේ නැතිව මේ රටේ ගොං විදුලි බල ඇමතිවරයා කියනවා වතුර ටික දුන්නොත් රටේ මිනිස්සුන්ට විදුලිය දෙන්න බෑ කියනවා.විදුලි බල ඇමතිවරයාට අපි කියනවා, රටටම කන්න දෙන ගොවියාගේ බත් පිඟානට වැලි දාලා විදුලිය අපිට අවශ්‍යය නෑ, අපිට අඳුර හොඳට පුරුදුයි, උඹලා පහුගිය කාළයේ අපිව අදුරේ තිබ්බා.ඒකට අපේ ජීවිත හුරුවෙලා තිබුණා.අපේ දූ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න, ඔවුන්ට කන්න දෙන්න, අපේ ජීවිත ඇතුලේ තියෙන්නේ මේ ගොවිතැන,ගොවිතැනට කෙළ වුණොත්, ගොවිතැන විනාශ වුණොත් උඹලා හොඳට මතක තියාගනිල්ලා එදා මේ රටේ ජනතාව බොහෝ විශ්වාසයෙන් හැට නව ලක්ෂයක් ඡන්දය දුන්නා ගෝඨාභයට , ගෝඨාභය බලයට ඇවිල්ලා ගොවි ජීවිත විනාශ කරන්න හැදුවා, එදා ගොවි අම්මා තාත්තා ඇවිල්ලා කිව්වා, අපේ ගොවි ජීවිතයට පයින් ගැහුවා වගේම, උඹත් පයින් ගහලා එලවනවා කියලා, සටන් කරලා ගෝඨාභයට ගෙදර යන්න වුණා.ඒ නිසා පිං ජනාධිපතිට වගේම, ජනමතයක් නැති ඇමතිවරුන්ටත් අපි කියනවා උඹලා දැන් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා අපිට විදුලිය නෙමෙයි, එච් කළාපයේ අක්කර 25000 ක් වගා කරලා තියෙනවා.ඒ වගාවට අදාළ ජල මුර 04 අපිට දෙන්න.දැනට කළාවැවේ අක්කර අඩි 26000 ක් තියෙනවා, දැන් ජල මුරය ආරම්භ වෙලා තියෙන්නේ මේ ජල මුරය අවසන් වෙද්දී අක්කර අඩි 15000 කට කළාවැව බහිනවා.කොත්මලෙන් කළාවැවට එන්නේ අක්කර අඩි 1000 යි, එහෙම ජලය ඇවිත් කොහොමද කළාවැව පුරවන්නේ.කොත්මලේ ජලාශයේ ජලය පුරවලා තියාගෙන කළාවැවට ජලය නොදී සෙල්ලම් කරන්න එපා.වලවේ මිනිස්සුන්ට කෙලවේවා වගේ , එච් කළාපයේ ගොවියා මහපාරට ගෙන්න ගන්න එපා.ගොවියා කැත්ත උදැල්ල අරන් කුඹුරට යනවාට වඩා උඹලාගේ ගෙවල් වලට එන දවසක් උදා කරන්න එපා.ඒ නිසා වගාවට අවශ්‍යය ජල මුර 04 දෙන්න අවශ්‍යය කටයුතු කරපල්ලා කියලායි අපි එකතු වෙලා කියන්නේ , යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

එකම පවුලේ හත් දෙනෙකුගෙන් පස්දෙනෙකුම සිය දිවි නසාගෙන

Next Post

ලාන්සාගේ සන්ධානයට බැසිල්ගෙන් බාල්දියක් .. පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂයෙක් ..

editor

editor

Next Post

ලාන්සාගේ සන්ධානයට බැසිල්ගෙන් බාල්දියක් .. පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂයෙක් ..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved