27 April 2024
#දේශීය

ලාන්සාගේ සන්ධානයට බැසිල්ගෙන් බාල්දියක් .. පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂයෙක් ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය දැක්වීමේ අරමුණින් මේ වන විට ජනාධිපතිවරයාගේ සමීපයේ කටයුතු කරන නිමල් ලාන්සා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට පසුගියදා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙය පසුගිය සතිය පුරාම මාධ්‍ය මගින් විවිධ ආකාරයේ වාර්තා කර තිබු අතර සැබැවින්ම මෙය ලාන්සාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අප වෙත දැනගන්නට ලැබිණි.

පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය කාලයේදී බැසිල් රාජපක්ෂගේ ආගමනයට පෙනි සිටිමින් කටයුතු කල ලාන්සා මේ වන විට රනිල් සමඟ අත්වැල් බැඳ ගෙන සිටින්නේ ඔහුගේ ව්‍යාපාර කටයුතු ඉතා යහපත් ආකාරයට සිදු කිරීමට බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම සම්බන්ධතාවය මත මේ වන විට ලාන්සා විසින් පොහොට්ටු පක්ෂයෙන් ඉවත්ව ස්වාධින වු මන්ත්‍රීවරුන් ද, පාර්ලිමේන්තුවේ විවිධ හේතු මත ස්වාධිනව කටයුතු කරන පිරිස් එක්ව සන්ධාන ගත පක්ෂයක් පිහිටුවීමට පසුගියදා කටයුතු කලේය. එය ගෝඨාභය රාජපක්ෂගේ සමීපතයේ කටයුතු කල සුගීෂ්වර බණ්ඩාර ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තරඟ කිරීමේ අරමුණින් ලාන්සාගේ සන්ධානයට එක් වුවත් එම තීරණය මේ වන විට වෙනස් වී ඇති බවත් වාර්තා වේ.

බැසිල්ගේ අවසරයකින් තොරව ලාන්සා විසින් හිතුමතේ පසුගිය සතියේ ඇති කල සන්ධාන පක්ෂය මේ වන විට දැඩි විචේනයට ලක්ව ඇති අතර එයට සහාය පල කරනවා යැයි පැවසු කිසිවෙකු යළි නොඑන බව දැනුම් දිමකින් තොරව ඉවත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ලාන්සා විසින් මුදල් වියදම් කරමින් ජනාධිපතිවරණයට නව පක්ෂයකින් සහාය දැක්වීමට කටයුතු කිරීම බැසිල්ගේ පාර්ශවයෙන් දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. මේ වන විට ද පොහොට්ටු පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂයෙක් ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබියදී ලාංසා වැනි අය එයට පිටින් කටයුතු කරන්නේම ඔහුගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් බව බැසිල්ගේ සමීපතයින් පවසා සිටියේය.

කෙසේ වෙතත් බැසිල්ගේ සමීපතයට හෝ පොහොට්ටු පක්ෂයට යලිත් ලාන්සාව කිට්ටු නොකර ගත යුතු බව බැසිල් වෙත බොහෝ පිරිසක් කියා සිටි බව ඔහුගේ විශ්වාසතයෙකු අප වෙත කියා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *