• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“අස්වැසුම” සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොවෙයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

4 August 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොව, ආර්ථික අවදානමක් සහිත, සමාජ සුබසාධක ප්‍රතිලාභ අවැසිම ප්‍රජාව එම තත්ත්වයෙන් මුදා ගැනීම ඉලක්ක කර ගත් විධිමත් වැඩසටහනක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ, මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සමෘද්ධි සහනාධාරය ලැබූ නමුත් අස්වැසුම වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කගේ අභියාචනා සහ විරෝධතාවන්හි විමර්ශන කටයුතු අවසන් වන තෙක් තවදුරටත් ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව සමෘද්ධි දීමනාව ලබමින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 1,280,000ටම සමෘද්ධි හෝ අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් හිමිවන බවත් ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා සහ විරෝධතා යළි සලකා බැලීමෙන් අනතුරුව 2024 වර්ෂය සඳහා වූ නව අයැදුම්පත් භාර ගැනීමේ කටයුතු ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ” දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,747ක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සඳහා අයැදුම් කර තිබෙනවා. ඉන් පවුල් 887,653ක් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කගේ අභියාචනා හා විරෝධතා පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වන තෙක් තවදුරටත් ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව තීරණය කර තිබෙනවා. “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර තිබෙන අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් සිදු වෙමින් පවතිනවා. මේ අනුව අදාළ කටයුතු අවසන් වූ වහාම 2024 වර්ෂය සඳහා වූ නව අයදුම්පත් භාර ගැනීම ද ආරම්භ කිරීමට නියමිතයි. මේ වන විට පවුල් 1,792,265ක් “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. කෙසේ නමුත් පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම රජයේ අපේක්ෂාවයි. අදාළ අභියාචනා සහ විරෝධතා පිළිබඳව යළි සලකා බැලීමෙන් පසු එම ඉලක්කය කරා ළඟා වීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදිම අදාළ මුදල් ගෙවීම සිදු කරනු ලබනවා. ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද, වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම පූජ්‍ය පක්ෂයට හා වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනෙක් වෙනුවෙන් පෙර පරිදි අදාළ දීමනා ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එම පිරිස්වලට ද නව ක්‍රමවේදයක් යටතේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා. “අස්වැසුම” ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ වන විට ගිණුම් ලක්ෂ 10ක් පමණ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබෙනවා. අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ද රජය සුදුසුකම් ලැබූ පිරිස්වලින් ඉල්ලා සිටිනවා. “අස්වැසුම” සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කිරීමේ වැඩසටහනක් නොවෙයි. සමෘද්ධි බැංකු තවදුරටත් ශක්තිමත් කිරීමට සමෘද්ධි දෙපාර්තමේන්තුව, මහ බැංකුව හරහා ඒවා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේදී සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

තඹුත්තේගම මාරක අනතුර සිව් දෙනෙකු ජිවතක්ෂයට

Next Post

Domino’s Pizza 50 වැනි අවන්හල පානදුරේ දී විවෘත කෙරෙයි

editor

editor

Next Post

Domino's Pizza 50 වැනි අවන්හල පානදුරේ දී විවෘත කෙරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved