• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පනත් කෙටුම්පත් කිහිපයක ග්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානාකවරයා නිවේදනය කරයි

8 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කලේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් තුන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා අද (08) පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් තුනෙහි ම 2 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 12(1), 82, 83 සහ 104ආ යන ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනනුකූල වන බැවින් “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති මෙම පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ධීවර හා ජලජ සම්පත් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳව සලකා බැලීමේදී, එහි 2, 3 සහ 7 වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින්, පනත් කෙටුම්පතෙහි එම වගන්ති දැනට පවතින ආකාරයට සම්මත කිරීමට නම්, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් සම්මත කරනු ලැබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස වේ.

කෙසේ වෙතත්, ගරු නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලැබීමට නියමිත සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පනත් කෙටුම්පතෙහි ඉහතින් සඳහන් කරන ලද වගන්තිවල අනනුකූලතාවය ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරක පිටපත් 2023 ජූලි 31 දිනද, තවත් එක් පෙත්සමක පිටපතක් 2023 අගෝස්තු 03 වෙනි දිනද, තමා වෙත ලැබී ඇති බවද කථානායකවරයා නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන සහ 2023 මැයි 12 දින සහ 2023 ජුනි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවන්හි කුමක් සඳහන්ව තිබුණ ද, 2023 ජූලි 18 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා පහත සඳහන් මන්ත්‍රීවරයන් ද නම් කරන ලද බව කථානායකවරයා දැනුම් දුන්නේය.

ඒ අනුව, අරුන්දික ප්‍රනාන්දු ,වරුණ ලියනගේ , සංජීව එදිරිමාන්න, කෝකිලා ගුණවර්ධන , නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ , වීරසුමන වීරසිංහ, සහ යදාමිණී ගුණවර්ධන යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.

එයට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් 2023 ජූලි 20 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Post Views: 9
Previous Post

JAT Holdings කෙන්යාවේ “JAT Paints Africa Limited” සංස්ථාගත කරයි

Next Post

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව ගරුකරනවා- අගමැති

editor

editor

Next Post

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව ගරුකරනවා- අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved