• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් -ජනපති

15 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) සහභාගී වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.

ප්‍රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත් පෙරහර බැතිමතුන්ට වන්දනා මාන සිදු කිරීම සඳහා දේවස්ථාන භූමියේ සංචාරය කෙරිණි .

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි බැතිමතුන් විශාල පිරිසක් වාර්ෂික මඩු මංගල්‍යයට එක්ව සිටියහ.

මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට, වසර සියයක් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් පවත්වනු ලබන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට දේවස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත් ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් පැවසූහ.

රටේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීමට ආගමික නායකයන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් රට බෙදා වෙන්කරන ආගමික ඒජන්තවරයෙක් වෙනවාද, නැත්නම් රටම එකතු කරන ආගමික නායකයෙක් වෙනවාද යන්න තීරණය වන්නේ තමන් කරන ක්‍රියාව අනුව බවද අවධාරණය කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අපේ දේශීය සංස්කෘතියේ කොටසක් බව කිව යුතුයි. එම නිසා මෙම උත්සවය ජාතික උත්සවයක් ලෙස සලකා එය ආරක්ෂා කිරීමත්, අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදීමත් රජයේ වගකීමක් වෙනවා. එසේම වාර්ෂික මඩු මංගල්‍ය පැවැත්වීමට කැපවන සියලු පියතුමන්ලාට මම මෙම අවස්ථාවේ දී රජය වෙනුවෙන් මාගේ ස්තූතිය ප්‍රකාශ කරනවා.
මඩු මාතාවට යාච්ඤා සිදු කරමින් තමන්ට සහනයක් ලබා ගැනීමට බොහෝ බැතිමතුන් මෙහි පැමිණෙනවා. පසුගිය වසරේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ විශාල ජනතාවක් මෙහි පැමිණ මඩු මාතාවගේ පිහිට ආරක්ෂාව ඉල්ලා සිටියා. එම දුෂ්කර අවස්ථාවේ මඩු මාතාවගේ ආශිර්වාදය අපට ද ශක්තියක් වූ බව කිව යුතුයි. මඩු මාතාව වැඩ සිටින මෙම මන්නාරම ප්‍රදේශය පුනර්ජනනීය බලශක්තිය බහුලව ඇති ප්‍රදේශයක්. මෙහි ඇති සූර්ය ශක්තිය, සුළං ශක්තිය සහ හරිත ශක්තිය සමඟ මන්නාරම දිස්ත්‍රික්කය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟිය හැකියි. එසේම පූනරීන් බලශක්ති නගරයක් බවට පත් කිරීමටත් අප සැලසුම් කර තිබෙනවා. මෙම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදු කරන්නෙ මේ ශුද්ධ භූමිය හා වනාන්තර ආරක්ෂා වන අන්දමින් බව මම කියන්න කැමතියි. එමෙන්ම මෙම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී මෙහි පියතුමන්ලාගේ අවවාද අනුශාසනා ලබාගන්නා ලෙස මම නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා . ලබන සැප්තැම්බර් 15වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එම නගරාන්තර දුම්රිය සේවාව ආරම්භ කරන්නේ චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමාගේ ඉල්ලීමක් අනුවයි. සෙල්වම් අඩෙක්කලනාදන් මංත්‍රීතුමාගේ ඉල්ලීමකට අනුව වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට ද අප පියවර ගෙන තිබෙනවා . ඒ සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා. මෙලෙස මෙම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියලු කටයුතුවලින් අප බලාපොරොත්තු වන්නේ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමයි. ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය මම බලාපොරොත්තු වෙනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මන්නාරම රදගුරු ආචාර්ය අතිඋතුම් එම්මානුවල් ප්‍රනාන්දු හිමිපාණන් ප්‍රමුඛ රදගුරු හිමිපාණන් වහන්සේලා ද, ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ සභාපති දේවගැති ආචාර්ය චන්දෘ ප්‍රනාන්දු හිමිපාණන් ඇතුළු පියතුමන්ලා ද, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, කාදර් මස්තා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධනෙ, සෙල්වම් අඩෙක්කලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරු සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

ලබන සතිය තුළ සේනපුර අමුණ ප්‍රථිසංස්කරණය කරන්නැයි මන්ත්‍රී දුමින්දගෙන් නිලධාරින්ට උපදෙස්

Next Post

පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනයට අවසර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනයට අවසර - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved