අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුලියන්කුළම වැවෙහි ප්‍රථිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
රුපියල් මිලියන 62 ක වියදමින්, කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක SIAP ව්‍යාපෘතිය යටතේ මෙම වැව ප්‍රථිසංස්කරණය කෙරේ.ඒ යටතේ වැවෙහි පවතින රොන් මඩ ඉවත් කිරීම, වැව් බැම්ම සකස් කිරීම, සොරොව් පද්ධතිය සකස් කිරීම හා ඇළ වේලී සකස් කිරීම සිදු කෙරේ.මේ වන විට වැවෙහි වැඩ 80% ක් පමණ නිම වී අතැයිද නිළධාරීන් පැවසීය.
පවතින වැසි රහිත කාළගුණයත් සමඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ මැදිහත්වීමෙන් කෘෂිකර්ම අමාත්‍යංශය හරහා ප්‍රථිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතී.
වැසි රහිත නියං කාළගුණය, ආපදාවක් ලෙස නොගෙන අවදානම අභියෝගයක් කර ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ගිය වැව් මේ මොහොතේ ප්‍රථිසංස්කරණය කිරීම සිදු කරන බව එහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්. SIAP ව්‍යාපෘතියේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
තිසර සමල් – අනුරාධපුර