• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ගම්මාන 101 ක් ඉදිකෙරේ – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

21 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101 ක නිවාස 1401 ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිවාස 661 ක ඉදිකිරීම් අවසන් කර ඇති අතර තවත් නිවාස 338ක ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම අධිකාරිය කියා සිටි.

ඉන්දියානු රජයේ ආධාර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101 න් ගම්මාන 07 ක නිවාස ඉදිකිරීම් අවසන් කොට ජනතා අයිතියට පත් කර තිබේ.

මඩකලපුව, යාපනය, ගම්පහ, මහනුවර, වව්නියාව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකළ ගම්මාන මෙලෙස ජනතා අයිතියට පත් කර ඇත. මාතලේ, කිළිනොච්චිය සහ පුත්තලම ගම්මාන වල නිවාස ඉදිකිරීම් අවසන් කර තිබේ. මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 2400 කි. විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත්තේ ඉතිරි ගම්මාන වල ඉදිකිරීම් ද කඩිනම් කරන ලෙසයි.

ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මකයි. ඉන් පළමු ව්‍යාපෘතිය වන්නේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන නිවාස වැඩසටහනයි. එහිදී එක් දිස්ත්‍රික්කයකට නිවාස 24 කින් යුත් එක් ආදර්ශ ගම්මානය බැගින් ඉදිකෙරේ. මේ යටතේ දිවයින පුරා නිවාස 600 ක් ඉදිකෙරේ.

දෙවන ව්‍යාපෘතිය වන්නේ උතුරු පළාත තුළ ක්‍රියාත්මක ඉන්දියානු ආධාර නිවාස වැඩසටහනයි. උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 ම ආවරණය වන පරිදි ආදර්ශ ගම්මාන 24 ක් ඉදි කෙරේ. ඒ යටතේ ඉදිවන මුළු නිවාස ගණන 600 කි.

තුන්වන ව්‍යාපෘතිය වන්නේ දකුණු පළාත තුළ ක්‍රියාත්මක ඉන්දියානු ආධාර නිවාස වැඩසටහනයි. ග්‍රාමශක්ති නිවාස ව්‍යාපෘතිය ලෙස නම් කර ඇති එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි. ඒමගින් ඉදිකෙරෙන මුළු ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 52 කි. ඒ යටතේ ඉදිකෙරෙන මුළු නිවාස ගණන 1,200 කි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉන්දියානු රජයෙන් ලබා දෙන ප්‍රතිපාදන මතය. මෙම ව්‍යාපෘතිය සදහා වැය කිරීමට ඇස්තමේන්තු ගත කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1200 කි. එයින් රුපියල් මිලියන 780 ක පමණ මුදලක් මේ වනවිටත් ලබා දී අවසන්ය. ඉදිකිරීම් අවසන් අදියරේ පවතින නිවාස සඳහා රුපියල් මිලියන 419 ක මුදලක් ලැබීමට නියමිත බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා නිවසක් ඉදිකර ගැනීම සඳහා එක් ප්‍රතිලාභියකු වෙත යටතේ රුපියල් ලක්ෂ 5 ක ආධාර මුදලක් සහ භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ රුපියල් 100,000/= ක් වශයෙන් සම්පූර්ණයෙන්ම රුපියල් ලක්ෂ 6 ක ආධාර අමුදලක් නැවත අයකර නොගන්නා පදනමින් ලබා දෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.

Post Views: 10
Previous Post

වන අලියකු සිදු කළ පහරදීමකින් තඹුත්තේගම කාන්තාවක් ජිවිතක්ෂයට

Next Post

හෙට්ටිපොල සිට කොළඹට ආපු නිදහස් පක්ෂ සංවත්සරය නිසා දයාසිරි කලකිරේ

editor

editor

Next Post

හෙට්ටිපොල සිට කොළඹට ආපු නිදහස් පක්ෂ සංවත්සරය නිසා දයාසිරි කලකිරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved