දේශීය සාම්ප්රදායික කර්මාන්තවලට සහ ඒ කර්මාන්තවල නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ආර්ථිකය නගා සිටුවීමට ප්රායෝගික වැඩපිලිවෙලක් සංවිධනය කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ අනුව මේ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය සහ දේශීය ඉහල වෙලඳපලේ වැඩි ඉල්ලුමක් ඇති කිරීම සඳහා දේශීය සාම්ප්රදායික නිෂ්පාදන වලින් පමණක් සැකසූ ඇඳුම් ආයිත්තම් හා වෙනත් දෑ වල භාවිතය පෙන්වීමට විලාසිතා ප්රදර්ශනයක් සංවිධනය කර ඇත.
මෙහිදී දුම්බර කලාව, රේන්ද, පන් , තල් හා තලකොල ආශ්රිත නිෂ්පාදන, සම්භාන්ඩ, විසිතුරු ලී කැටයම් වැනි දේශීය නිෂ්පාදන රාශියකගෙන් සමන්විත නිෂ්පාදන විශාල ප්රමානයක භාවිතාව දැකගත හැකිවේ.
මෙය සැප්තැම්බර් 27 දින ගෝල්ෆේස් හෝටල්යේදී විදේශීය හා දේශීය ගැනුම් කරුවන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
මේ පිළිබඳව වැඩි විස්තර 0743855329 දුරකතන අංකයෙන් ලබා ගත හැක.