• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“බේරේ බේරාගමු” මෙහෙයුම් ව්‍යාපෘතිය අරඹයි

11 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරයේ හදවත බඳු බේරේ වැව සහ ඇළ මාර්ගය පිරිසිදුකර සංවර්ධනය කිරීමේ “බේරේ බේරාගමු” ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගිය 07 වනදා පෙරවරුවේ බේරේ වැව සීමාමාලකයේ දී පැවැත්විණ.

ඒ ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන අමාත්‍යවරුන්ගේ ද සහභාගීත්වයෙන් යුතුවය. ඊට අමතරව දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් 150ක් පමණ මෙම සමාරම්භක උළෙලට සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් මෙහි අධීක්ෂණ කටයුතු සිදුකරයි. එම ආයතන මගින් නම් කරන නියෝජිතයන්ට අදාළ ව්‍යාපෘති සමාගමට ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපදෙස් සහ පහසුකම් සැලසීමේ කාර්යය පවරා ඇත. මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති යෝජක ලෙස Groepo Pte. Ltd සමාගමේ දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd ආයතනය කටයුතු කරයි.

අහිතකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අඩ සියවසක කාලයක් පුරා ක්‍රමක්‍රමයෙන් දූෂණයට ලක්වෙමින් පවතින බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් එම තත්ත්වය දිගටම පවත්වාගෙන යාමටත් ජලයේ ගුණාත්මකභාවය නඩත්තු කිරීමත් සමඟ සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමත් මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් හඳුන්වාදීමට ද කටයුතු කරයි.

ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදල් ආයෝජනයකින් තොරව සිදුවන මෙම ව්‍යාපෘතිය ජපන් රජයෙන් මෙරටට තිළිණ කරන්නේ කෘතගුණ සැලකීමක් සහ වත්මන් මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට සහය පලකිරීමක් ද ලෙසිනි. ඒ 1951 වර්ෂයේ සෙන් ෆැන්සිස්කෝ නුවර පැවැති ජාත්‍යන්තර සම්මේලනයේ දී ජපන් ජාතිකයින්ට දඩුවම් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා පැවැත්වූ දේශනාවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට පවතින මූල්‍යමය අර්බුදයෙන් රට ගොඩගැනීමට දරන උත්සාහයත් අයගමිනි.

Post Views: 10
Previous Post

සිංහරාජ ජාතික උරුමය සොබා සෞන්දර්යය අලෙවිකරණ සැළැස්මක් තිබිය යුතුයි – ඇමැතිනි පවිත්‍රා

Next Post

කලාගාරයන් තුළ චිත්‍ර ප්‍රදර්ශනයන් සඳහා වසරේ වැඩි ඉඩක් ලබාදීමට වැඩපිළිවෙලක් – ඇමැති විදුර

editor

editor

Next Post

කලාගාරයන් තුළ චිත්‍ර ප්‍රදර්ශනයන් සඳහා වසරේ වැඩි ඉඩක් ලබාදීමට වැඩපිළිවෙලක් - ඇමැති විදුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved