27 April 2024
#විලාසිතා

කලාගාරයන් තුළ චිත්‍ර ප්‍රදර්ශනයන් සඳහා වසරේ වැඩි ඉඩක් ලබාදීමට වැඩපිළිවෙලක් – ඇමැති විදුර

චිත්‍ර ප්‍රදර්ශනයන් සඳහා අමාත්‍යාංශය යටතේ ඇති කලාගාරයන් තුළ වසරේ වැඩ ඉඩක් ලබාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 07, ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැවැත්වෙන අන්සීන් කලර්ස් 2 (Unseen Colors 2) චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයට එක් වෙමිනි.

සෞන්දර්ය, කලාව නැති තැන මනුස්සකම උපදින්නේ නැති බවත්, කලාව පිළිබඳව අනාගත පරපුර වෙනුවෙන් නව මංපෙත් විවර කිරීමට අසමත් වූවහොත්, අනාගතයේ දී දක්ෂ කලාකරුවන් අහිමිවීමට ඉඩ ඇති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *