පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ දේශපාලන වාසිවලින් තොර, මඩ ව්‍යාපාරවලින් තොර දියුණු, ප්රගතිශීලී විසඳුමක් බවත් සත්‍ය පමණක් හෙළිදරව් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (10) දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානය මගින් සංවිධානය කෙරුණු ගිහි පැවිදි ගෞරව සම්මාන උළෙලට එක්වෙමිනි.
2019 ජනාධිපතිවරණයේ දී 2020 මහමැතිරණයේ දි පොරොන්දු වූ ආකාරයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය සත්‍ය හෙළිදරව් නොකළ බවත් මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන් කොතරම් හඩක් නැගුවත් ඒ හඬ වෙනුවෙන් රජය ඇහුම්කන් නොදුන් බවත් හැම දෙයක්ම මේ වන විට බොරුවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ත්රස්තයන් අල්ලන්න වරමක් ලබා ගත් දිනයේ සිට මේ දක්වා සිදු කළේ තොරතුරු සැගවිම රැවැට්ටීම හා බොරුව බවත් තමා ජාත්‍යන්තර පරීක්ෂණයකට අකැමැති වුවත් මේ වන විට මෙය අවුල් ජංජාලයක් බවට පත්ව ඇති නිසා නිවැරදි ජාත්‍යන්තර පරික්ෂණයක් හරහා පමණක් මෙහි සත්‍ය අවබෝධ කර ගත හැකි බවට විශ්වාස කරන බවත් 2019 වරමක් ගත් පාලකයන් මේ වන විට ලක්ෂ 220ක මංමුලා කර ඇති මොහොතක තවදුරටත් කටකතාවලට සීමා විය නොහැකි බවත් මීට සම්බන්ධ සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුල කිසිදු සමාවක් නොමැති බවත් හෙතෙම කියා සිටියේය.
එසේම මේ වන විට රටේ පාසල් පද්ධතිය මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයට ලක්ව ඇති බවත් මේ වන විට රට තුල කුඩු ත්රස්තවාදයක් ක්‍රියාත්මක වන බවත් මේ ගැන නිහඩව බලා සිටින්න තරම් කොන්ද පන නැති රටක් නොවන බවත් 30 වසරක යුද්ධයක් අවසන් කළ රටේ අලුත් විදිහට හිතා මේ ජාවාරම නැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.