27 April 2024
#දේශීය

එප්පාවල අඹගසක ලනුවක ආධාරයෙන් එල්ලෙමින් තිබෙන පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවෙයි

එප්පාවල පොලිස් වසමේ, කටියාව, අංක 03 ගම්මානයේ නිවසක් ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි අඹගසක වයරක් හා ලනුවක ආධාරයෙන් එල්ලෙමින් තිබෙන පුද්ගලයකුගේ මළ සිරුරක් (11) සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඩී.කේ තේවාහාමි නම් අසූ එක් හැවිරිදි පුද්ගලයෙකි.තමා පදිංචි නිවස ඉදිරිපිට, ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි රූස්ස අඹ ගසක, කපා දැමුණු අත්තක කොටසකට වයරයක් හා ළණු කැබැල්ලක ආධාරයෙන් මෙම පුද්ගලයා ගෙල වැලලාගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

අද උදෑසන 7.30 ට පමණ මොහු මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවත්,ඔහු සිය දිවි නසා ගන්නට තරම් හේතුවක් නොමැති බවත්, යම් යම් අසනීප තත්වයෙන් ඔහු පෙලුන බවත්, සිය දිවි නසා ගැනීමට හේතුවක් නොදන්නා බවද පවුලේ ඥාතීන් පවසති.අද උදෑසන (11) ද ඔහු නිවසේ සිටි බවත්, නිවස ඉදිරිපිට ගසක ගෙල වැලලාගෙන සිටිනු ප්‍රදේශවාසියකු කළ දැනුම්දීම මත දුටු බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *