• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුවට සම්මාන උළෙලේදී ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 අතරට පිවිසෙයි

13 September 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංවර්ධන බැංකුකරණය සහ වාණිජ බැංකුකරණය සම්බන්ධයෙන් වසර 68 කට අධික උරුමයක් හිමි DFCC බැංකුව, CIMA-ICCSL-Daily FT ‘Most Admired Companies of Sri Lanka 2022’ සම්මාන උළෙලේ ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 හෙවත් “Top 5 Honourable Mentions” අතරට එක්වීමට පසුගියදා සමත් විය.

විශිෂ්ටත්වය හා නවෝත්පාදනය උදෙසා කැපවෙමින්, සමාජයේ යහපත උදෙසා ඉටු කළ මෙහෙවර වෙනුවෙන් DFCC බැංකුවට මෙම ඇගයුම හිමි විය.

ව්‍යාපාර කටයුතු මෙන්ම ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සමාගම් හා ආයතන පෙන්නුම් කරන උනන්දුව හා කැපවීම සැලකිල්ලට ගනිමින්, ඉතාමත් පුළුල් මට්ටමේ සමීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව මෙවරත් ‘Most Admired Companies of Sri Lanka’ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. CIMA ආයතනයේ කණ්ඩායමක් විසින් සිදුකරන ලද මූලික සමීක්ෂණයකින් අනතුරුව, KPMG නියෝජනය කළ කණ්ඩායමක් මගින් එහි ඉදිරි වටයට සුදුසුකම් ලබන සමාගම් හා ආයතන 20 තෝරාගැනීම සිදු විය. මෙම අදියරේදී එම සමාගම් හා ආයතනවලට, තමන් අත්කරගත් ජයග්‍රහණ සහ ප්‍රගතිය පිළිබඳ තොරතුරු විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි. මෙහිදී අදාළ සමාගම් හා ආයතනවල ඉහළ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන්ටද එම ඉදිරිපත් කිරීම්වලට දායක වීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක් විය. දක්ෂ වෘත්තිකයන් ආකර්ෂණය කරගැනීම හා රඳවාගැනීම, නිෂ්පාදන හා සේවා ගුණාත්මකභාවය, නවෝත්පාදනය, ප්‍රජා සහභාගීත්වය සහ පාරිසරික, සමාජීය හා ආයතනික පාලන මූලධර්ම වැනි මූලිකාංග පදනම් කරගනිමින් විනිශ්චය මණ්ඩලය විසින් එම ඉදිරිපත් කිරීම්වලට ලකුණු ලබාදෙන ලදි. එමෙන්ම මෙම සමාගම්වල අවංකභාවය සහ දූෂණ-විරෝධී ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

“’Most Admired Companies of Sri Lanka 2022′ සම්මාන උළෙලේදී ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 අතරට එක්වීමට ලැබීම අපට මහත් සතුටක් හා ගෞරවයක්. අභියෝගවලට හොඳින්ම ඔරොත්තු දෙන සමාගම් පවා පරීක්ෂාවට ලක්වුණු වර්ෂයක් තුළ, මූල්‍ය ක්‍රියාකාරීත්වය අතින් මෙන්ම කොටස් හිමිකරුවන්, ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය සහ පොදු සමාජය වෙනුවෙන් උපරිම වටිනාකම් තිළිණ කිරීම සම්බන්ධයෙන් DFCC බැංකුව කැපීපෙනුණා. විශිෂ්ටත්වය උදෙසා අප පෙන්නුම් කළ කැපවීම මෙන්ම, අභියෝග හමුවේ ඉදිරියට යාමට අපට ඇති හැකියාව මෙම ඇගයීම මගින් සංකේතවත් වෙනවා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

පසුගිය කාලය තුළ වෙළඳපොළේ තමන් සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙන්ම, දේශීය හා විදේශීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් ඉහළ තලයේ ඇගයුම් හිමිකරගැනීමටද DFCC බැංකුව සමත් විය. අන්තර්කරණය උදෙසා කැපවෙමින් සහ විවිධත්වයෙන් සපිරි සමාජයකට ගැළපෙන නව්‍ය වූ විසඳුම් හඳුන්වා දෙමින්, ‘කාටත් ගැළපෙන බැංකුව’ යන කීර්ති නාමය තවදුරටත් තහවුරු කරගැනීමටද DFCC බැංකුවට හැකියාව ලැබී තිබේ.

‘Most Admired Companies of Sri Lanka 2022’ සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකි කොටාරෝ මහතා උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකළේ ය. ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීම සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන්, සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයද මෙහිදී විශේෂ ඇගයීමකට ලක් විය.

සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති DFCC බැංකුවට මෙම ඇගයීම හිමි වීම, තිරසාර භාවිතයන් ඉදිරියට ගෙන යාමට, නවෝත්පාදනයන් පෝෂණය කිරීමට සහ රටේ ප්‍රගතියට දායක වීමට බැංකුව දක්වන උනන්දුව හා කැපවීම නිරූපණය කරන මනා සාක්ෂියකි. එමෙන්ම එය මෙරට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන සාධකයක්ද වේ.

පිටපත – PR

Post Views: 7
Previous Post

යුද්ධයේදී මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් හට වැටුප් හා දීමනාවක්

Next Post

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය ව්‍යවසායකයින්ගෙන් සහතිකයක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය ව්‍යවසායකයින්ගෙන් සහතිකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved