27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය ව්‍යවසායකයින්ගෙන් සහතිකයක්

ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය වෙළඳ හා කර්මාන්ත ව්‍යවසායකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයෝ සහතික වු බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

ඒ, ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (13) අරලියගහ මන්දිරයේ දී පැවති අවස්තාවේදිය.

මෙහිදී වෙළෙඳ හා ආයෝජන ඇතුළු ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේ මාර්ග සහ උපක්‍රම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ප්ලැටිනම් රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සභාපති කිෂෝර් රෙඩ්ඩි පැවසුවේ කෘෂිකර්ම, සංචාරක, තොරතුරු තාක්ෂණ, පුනර්ජනනීය බලශක්ති සහ අධ්‍යාපන යන අංශවල ආයෝජන සඳහා බොහෝ අවස්ථාවන් පවතින බව යි.

ශ්‍රී ලංකාව මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් මිදී යළි ස්ථාවර තත්ත්වයට පත් වෙමින් ඇති බැවින්, තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තියට අමතර ව, මෝටර් රථ උපාංග නිෂ්පාදනය, ඛනිජ වැලි සඳහා අගය එකතු කිරීම, ගොවි සමුපකාර ව්‍යාප්ත කිරීම මඟින් කිරි හා පශු සම්පත්,කර්මාන්තය නගා සිටුවීම, තක්කාලි යුෂ නිෂ්පාදනය වැනි කෘෂිකාර්මික නිෂ්පාදන සිදු කිරීම, වැනි ක්ෂේත්‍ර රාශියකට සෘජු විදේශ ආයෝජන සඳහා විශාල ඉඩකඩක් පවතින හෙයින් ආයෝජනය කිරීම සඳහා මෙය යහපත් කාලයක් බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. දෙරට අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා ශ්‍රී ලංකා සංගමයේ කටයුතුවලට ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව රෙඩ්ඩි මහතා අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *