• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

‘CFW Luxury Resortwear edition’ 2023 එළැඹෙන 29 සහ 30 යන දිනවලදී පැවැත්වේ

17 November 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Colombo Fashion Week වැඩසටහනේ 20 වන සංවත්සර වර්ෂයේදී පැවැත්වෙන CFW Luxury Resortwear edition 2023 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර වැඩසටහනේදී ශිල්පීය නිපුණත්වය සහ Occasionwear විලාසිතා සම්බන්ධයෙන් මෙන්ම විලාසිතා කර්මාන්තයේ චක්‍රීයත්වය (Circularity-in-Fashion) සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකෙරෙනු ඇත. සුපුරුදු පරිදි මෙවරත් CFW විලාසිතා දැක්ම කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වේ.

20 වන සංවස්තර සැමරුම් මාලාවේ කොටසක් වශයෙන්, ශ්‍රී ලාංකික විලාසිතා නිර්මාණකරුවන්ට දකුණු ආසියාවේ ප්‍රධාන නගරවලට ද පිවිසීමට අවස්ථාවක් උදාකර දීම සඳහා, බැංගලෝර්, පූනේ සහ ලක්නව් යන නගර ද විද්‍යුත් වශයෙන් ආවරණය කිරීමට CFW කටයුතු කළේ ය. ඉදිරි වසරේදී මෙම ව්‍යාපෘතියට සිංගප්පූරුව සහ ලන්ඩනයද ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ. එම නගරවලට අදාළත්වයක් සහිත නිර්මාණකරණ සම්ප්‍රදායක් හිමි නිර්මාණකරුවන් අතරින් තෝරාගනු ලබන නිර්මාණකරුවන්ට CFW පද්ධතිය තුළ තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

දකුණු ආසියානු කලාපයේ පැවැත්වුණු CFW වැඩසටහන් වලදී ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ අනන්‍යතාවද මැනැවින් නිරූපණය කරන ලදි. පසුගිය වසර 20 ක කාලය තුළ මෙම වැඩසටහන මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකර ඇති අතර, වර්තමානයේ මෙරට විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන පෙළේ නිර්මාණකරුවන් හා නිර්මාණකාරිණියන් අතරින් 85% ක් පමණම CFW වැඩසටහන්වලට දායක වී තිබේ. CFW වැඩසටහන මෙරට නවක විලාසිතා නිර්මාණ ශිල්පීන් හා ශිල්පිනියන් දිරිගැන්වීම සඳහා Accelerator වැඩසටහනක්ද පවත්වාගෙන යයි.

“අප මේ වැඩසටහන සම්බන්ධයෙන් පසුවන්නේ ඉමහත් උනන්දුවකින්. මේ ඔස්සේ CFW සන්නාමය දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාප්ත කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකිරීමට හැකි විය. බැංගලෝර්, පූනේ සහ ලක්නව් වැනි නගරවලට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට නිර්මාණකරුවන්ට අවස්ථාව ලැබුණු අතර, ඉදිරියේදී මෙම ලැයිස්තුවට සිංගප්පූරුවත් එක්වීමට නියමිතයි. මෙය වගකීම් සහගත විලාසිතා කර්මාන්තයක් සම්බන්ධයෙන් වැදගත් අවස්ථාවක්ද වනවා. මේ ගමනේදී අප සමග අත්වැල් බැඳගත් සියලුම දෙනාට අපගේ ස්තූතිය පළකිරීමට කැමතියි. ඔවුන්ගේ සහයෝගය නිසා ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ව්‍යවසායකත්වය දිරිගැන්වීමට අපට හැකියාව ලැබී තිබෙනවා.”

Occassionwear සහ Sophisticated Resortwear සම්බන්ධයෙන් මෙන්ම විලාසිතා කර්මාන්තයේ Circularity system සම්බන්ධයෙන් Luxury Resortwear edition තුළදී විශේෂ අවධානයක් යොමුකෙරේ. මෙවර වැඩසටහනට චරිනි සූරියගේ, අමිලානි පෙරේරා, අසංක ද මෙල්, ෆවුසුල් හමීඩ්, දිනුෂි පමුණුව, කමිල් හේවාවිතාරණ සහ ක(ර්)මා ඇතුළු ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් සහභාගී වෙති. මීට අමතරව ඉන්දියාවේ සහ පාකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ නිර්මාණ ශිල්පීන් පිරිසක්ද සහභාගී වන බැවින් මෙය දකුණු ආසියානු තලයේ වැඩසටහනක් බවට පත් වී ඇත. අතීතයේ පටන් මේ දක්වා ශක්තිමත් දකුණු ආසියානු පදනමක් නිර්මාණය කරගැනීමට CFW සමත් වී ඇති අතර, ඉන්දියාව, පාකිස්ථානය සහ බංගලාදේශය යන රටවල ශිල්පීන් හා ශිල්පිනියන් මීට නිරන්තරයෙන් දායක වී තිබේ. දකුණු ආසියානු කලාපය තුළ පැවැත්වෙන මේ ආකාරයේ එකම වැඩසටහන වන්නේ ද CFW වැඩසටහනයි.
“අතීතයේ පටන් මේ දක්වා Colombo Fashion Week මගින් ඉටු වී ඇති සාධනීය බලපෑම අපට පැහැදිලිව පෙනෙනවා. එය සන්නාම රැසකට ජාත්‍යන්තර පිළිගැනීම හිමිකර දෙමින්, ක්ෂේත්‍රයේ වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දක්වා තිබෙන බව පැහැදිලියි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙය, නවක නිර්මාණකරුවන්ට ක්ෂේත්‍රය වෙත පිවිසීමට ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්වීමට හැකිය. මෙය නොතිබුණා නම් ඔවුන් අපගේ අවධානයට ලක් නොවීමට ඉඩ තිබුණි. Colombo Fashion Week හි වටිනාකම්, අපගේ අමුත්තන්ගේ තෘප්තිය වෙනුවෙන් අප දක්වන උනන්දුව හා කැපවීමට සමගාමී වීමක් ලෙස අප දකිනවා. වේගයෙන් වෙනස් වන ලෝක විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යමින්, වඩාත් විචිත්‍රවත් හා විලාසිතාවන්ට නැඹුරු ශ්‍රී ලංකාවක් බිහිකිරීමට දරන මේ උත්සාහයේ කොටසක් වීමට හැකි වීම අපට මහත් සතුටක්.” බව කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ සාමාන්‍යාධිකාරී හ(ර්)වී ඩූබිෂ් මහතා පැවසී ය.

මෙවර CFW වැඩසටනේදී ‘Fashion Design Council of Sri Lanka’ නැවත දියත් කිරීම ද සිදුකෙරෙනු ඇත. මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයට සහ එහි නිර්මාණකරුවන්ට ශක්තිමත් අත්වැලක් සැපයීම ය. එමෙන්ම Circular Design Mindset නමින් තිරසාරත්ව වැඩමුළුවක් Responsible Fashion Summit යටතේ පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. මෙය Fashion Circularity සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නිර්මාණකරුවන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනාට විවෘත ය.

“20 වන වරට පැවැත්වෙන CFW වැඩසටහන සමග අත්වැල් බැඳගනිමින්, ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට CFW දරන ප්‍රයන්තයෙහි කොටසක් වීමට හැකි වීම අපට මහත් සතුටක්. පසුගිය වසර 20ක කාලය තුළ මෙරට ප්‍රවීණ මෙන්ම නවක විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය කිරීමටත්, ඔවුන්ට තම හැකියාවන් වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබෙන කාර්යක්ෂම සම්ප්‍රදායක් නිර්මාණය කිරීමට CFW සමත් වී තිබෙනවා. මෙවර පැවැත්වෙන Luxury Resortwear වැඩසටහනත්, සාමාන්‍යයෙන් විලාසිතා පිළිබඳව ඉහළ රසඥතාවක් ඇති අපගේ American Express කාඩ්පත් හිමියන් සහ Private Banking සාමාජිකයන් ඇතුළු සියලුම දෙනාගේ ආකර්ෂණය දිනාගනු ඇතැයි කියා මට විශ්වාසයි.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත් මහතා පැවසී ය.

Nations Trust Bank American Express, Shangri-La Colombo, Lakme, Tressemme, Vison Care, Hameedia, Ramani Salons, Wijeya Newspaper, Hardtalk සහ Emerging Media යන ආයතන Luxury Resortwear edition හි ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ කර්මාන්තයේ සියලුම අංශයන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන අතරම අනාගත විලාසිතා නිර්මාණ ශිල්පීන් හා ශිල්පිනියන්ට තම හැකියාවන් වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වීම Colombo Fashion Week හි අරමුණ වී තිබේ. එහි මෙහෙවර වන්නේ ශ්‍රී ලාංකික විලාසිතා නිර්මාණ ලොවට ඉදිරිපත් කිරීමට ප්‍රථම ඒවා වැඩිදියුණු කරන කාර්යක්ෂම විලාසිතා සම්ප්‍රදායක් ස්ථාපිත කිරීම, සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාමයි.

පිටපත – PR

Post Views: 2
Previous Post

වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධයක් එප්පාවලදී

Next Post

ආර්ථික ව්‍යසනයේ පළමු විත්තිකරු වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි – මන්ත්‍රී විමලවීර

editor

editor

Next Post

ආර්ථික ව්‍යසනයේ පළමු විත්තිකරු වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි - මන්ත්‍රී විමලවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved