• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි ගාව මැර දේශපාලනය නැහැ – විපක්ෂ නායක සජිත්

3 January 2024
in දේශීය, පුවත්
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇති බවත් පසුගිය දිනක මේ තත්ත්වය නිසා එක පවුලක්ම සියදිවි නසා ගෙන ඇති බවත් මේ අවස්ථාවේ අපේ යුතුකම විය යුත්තේ මිනිසා මරණ මංචකයට ගෙන යාම නොව මිනිසා ජිවත් කරවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමිනි.

මේ රටේ ජනතාව කාගේවත් අතකොලු වහලුන් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් රාජ්‍ය ත්‍රන්තය තුළ ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම සහමුලින්ම උපුටා දැමිය යුතු බවත් බංකොලොත් රටෙන් පවා විවිධ ගනුදෙනු හරහා වත්මන් රජය ඩොලර්වලින් පවා හොරකම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය නිවාඩු සමයේ මැතිඇමතිවරු විදේශ සංචාරවල නිරත වී පවුල් පිටින් සුරසැප ජීවිත ගත කළත් මහපාරේ දුප්පත් මිනිසුන් ඇතුළු සියලු පුරවැසියන් තාඩන පීඩන රැසකට මුහුණ දී ඇති බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ගෘහ මූලික පවුල් ඒකකවලින් සියයට 60ක ආදායම් මට්ටම පහළ ගොස් ඇති බවත් ගෘහමූලික පවුල් ඒකකවලින් සියයට 90ක වියදම ඉහළ ගොස් ඇති බවත් මේ බංකොලොත්භාවය තුළ සියයට 3.4ක් පමණ ජීවිත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත් ඔවුන් ජන සමාජයේ සුපිරි පැළැන්තිය බව හෙතෙම පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ අන්ත දූෂිත ක්‍රියාදාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවත් එම පරීක්ෂණ දේශපාලන සංදර්ශන බවත් එම පරීක්ෂණ හරහා කිසිදු දෙයක් සිදු නොවන බවත් සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංගයට මන්ත්‍රීවරු 113 දෙනකු පරාජය කිරීමට ඡන්දය ලබා දුන් බවත් ඒ අනුව ඔවුන්ද මෙම ඖෂධ වංචාවට සම්බන්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය සතුව ඩීල් දේශපාලනයක් නොමැති බවත් එවැනි අසික්කිත ක්‍රියාදාම සමගි ජන බලවේගය තුළ නොමැති බවත් හොරකමට දුෂණයට වංචාවට සම්බන්ධ ඕනෑම අයකුට තරාතිරම නොබල දඩුවම් ලබා දීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් එය දඩුවම් දීමකින් අවසන් නොකර හොරා කන ලද සියලු මුදල් නැවත පවරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේම සමගි ජන බලවේගය සන්ධාන ගැසීමේ දී කිසිදු අහිතකර ගිවිසුමකට එළඹ නැති බවත් ඇති කර ගත් ගිවිසුම වන්නේ මැතිවරනයෙන් පසු සුරසැප ජීවිත අත්හැර ජනතාවගේ සේවකයන් ලෙස කටයුතු කිරීම බවත් එය මෙරට ඉතිහාසය වෙනස් කිරීමට පවා හේතුවක් වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම සන්ධානය ගැන විවිධ පුද්ගලයන් විවිධ මත පළ කළත් එය ප්‍රතිපත්ති ගරුක සන්ධානයක් බවත් එහි ඔලුගෙඩි සෙල්ලම් තනතුරු සෙල්ලම් නොමැති බවත් ය.

එසේම සමගි ජන බලවේගයේ සාමාජිකයන් හොරකම් මැරකම් මංකොල්ලකෑම් මත්ද්‍රව්‍ය ජාවාරම මිනිමැරුම්වලට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා පක්ෂයෙන් නෙරපන බවත් එවැනි දේවල් සිදු කිරිමට අපේක්ෂාවෙන් සිටින අයට පක්ෂය තුළ කිසිදු ඉඩක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

Post Views: 8
Previous Post

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 9 වැනිදා

Next Post

බදු අංකය අනිවාර්ය වුනත් දඩය ක්‍රියාත්මක කරන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor ttvnews

editor ttvnews

Next Post

බදු අංකය අනිවාර්ය වුනත් දඩය ක්‍රියාත්මක කරන්නේ නැහැ - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved