• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපගේ ජීවිත වුවද පරදුවට තබා මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කරනවා – ඇමැති ටිරාන්

3 January 2024
in දේශීය, පුවත්
අපගේ ජීවිත වුවද පරදුවට තබා මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කරනවා – ඇමැති ටිරාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී අපගේ ජීවිත වුවද පරදුවට තබා මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කර දැමීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ මහතා මේ වන පැවසුවේ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩ පැවැත්වීමේ මෙහෙයුම අතරතුර වැලිගම ප්‍රදේශයේ සිදු වූ ගැටුමකදී අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වූ, කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි කළ, උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක් වෙමිනි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රට තුල වර්ධනය වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ මෙහෙයුමේදී ඉතා නිර්භීතව, දක්ෂ ලෙස රාජකාරිය ඉටුකළ නිලධාරියකු අවාසනාවන්ත ලෙස අපට අහිමි වී තිබෙනවා. ඔහු තම ජීවිතය කැප කළේ තම රට වෙනුවෙන්. රටේ අනාගත පරපුරේ යහපත හා සුරක්ෂිතතාවය වෙනුවෙන්. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන්ද ඔහු වෙනුවෙන් ඔහුගේ පවුල වෙත ඉටු කළ හැකි සෑම මෙහෙරක්ම ඉටු කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කර තිබෙනවා. මේ තුළින් පොලිස් දෙපාර්තමේන්තුව වෙතත් විශාල පණිවිඩයක් අප ලබා දෙනවා. ගැටලුවක් අනතුරක් සිදු වූ කිසිදු අවස්ථාවක අප ඔවුන් අත්හරින්නේ නැහැ. ආරම්භ කළ ඉලක්කය ජයග්‍රහණය කරනතුරු ඔවුන් සමග දිගින් දිගටම එක්ව කටයුතු කරනවා. උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද මහතා තම ජීවිතය පරිත්‍යාග කළා මෙන්ම, ඉදිරියේදී අපගේ ජීවිත වුවද මේ වෙනුවෙන් පරදුවට තබා මත්ද්‍රව්‍ය පාතාලය තුරන් කර දැමීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව අවධාරණය කිරීමට කැමතියි. එහිදී අප කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ. මේ මෙහෙයුම වෙනුවෙන් දිවි කැප කළ මෙතුමාට ලබා දිය හැකි ඉහළම ගෞරවය වන්නේ එයයි.”යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් විශේෂ පරිත්‍යාගයක් ලෙස රුපියල් ලක්ෂ විසිපහක මුදලක් පරිත්‍යාගය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර මහතාගේ පවුල වෙත භාර දීම මෙම අවස්ථාවේ සිදු විය.

එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්‍ෂ 17.5ක මුදලක් අභාවප්‍රාප්ත උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර මහතාගේ පවුලේ සුබ සාධනය වෙනුවෙන් පිරිනැමීමද මෙහිදී සිදුවිය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්විය.

Post Views: 23
Previous Post

බදු අංකය අනිවාර්ය වුනත් දඩය ක්‍රියාත්මක කරන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ වංචාව දූෂණය තුරන් කරනවා – ආචාර්ය හර්ෂ

editor ttvnews

editor ttvnews

Next Post
සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ වංචාව දූෂණය තුරන් කරනවා – ආචාර්ය හර්ෂ

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ වංචාව දූෂණය තුරන් කරනවා - ආචාර්ය හර්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved