• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Mahindra IDEAL Finance Limited ශාඛාවක් කදුරුවෙල නගරයේ විවෘත කෙරේ

4 January 2024
in පුවත්, ව්‍යාපාර
Mahindra IDEAL Finance Limited ශාඛාවක් කදුරුවෙල නගරයේ විවෘත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා කදුරුවෙලදී විවෘත කෙරේ.

මෙම නව ශාඛාව අංක 766/A, සොමියල් හන්දිය, මඩකලපුව පාර, කදුරුවෙල යන ස්ථානයේ පිහිටා ඇති අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉහළ වර්ධන හැකියාවක් සහිත ප්‍රදේශ වෙත තම සේවාවන් ව්‍යාප්ත කිරීමට Mahindra IDEAL Finance සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම ශාඛාව විවෘත කරන ලදි.

කදුරුවෙල ශාඛාව Mahindra IDEAL Finance Limited විවෘත කළ 32 වැනි ශාඛාවයි. රට පුරා විවිධ ප්‍රදේශවල වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබාගනිමින් තම දියුණුව සාක්ෂාත් කරගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් Mahindra IDEAL Finance Limited මේ ආකාරයට තම ශාඛා ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් සිටී. නව කදුරුවෙල ශාඛාව ඔස්සේ එම ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට තලයේ මූල්‍ය සේවාවන් සලසමින්, ප්‍රදේශයේ ආර්ථික දියුණුවට අත්වැලක් වීම සමාගමේ අපේක්ෂාව වී ඇත.

“කදුරුවෙල ශාඛාව විවෘත කිරීම, ජනතාව සවිබල ගැන්වීම සඳහා අප දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. එමෙන්ම මෙය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම අරමුණු කරගත් අපගේ මෙහෙවරට සමගාමී පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. කදුරුවෙල යනු රටේ වැදගත් වාණිජ නගරයක්. එහි ජනතාවට විශිෂ්ට සේවාවක් සලසන අතරම, ප්‍රදේශයේ සිටින දක්ෂ හා නවක වෘත්තිකයන්ට ජාත්‍යන්තර තලයේ රැකියා අවස්ථා පිරිනැමීමටත් අප බලාපොරොත්තු වනවා.” Mahindra IDEAL Finance Limited හි ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රථවාහන ලීසිං, රන් ණය සහ පෞද්ගලික ණය ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. Mahindra IDEAL Finance Limited යනු ඉන්දියාව පදනම් කරගත්, ලොව දැවැන්ත මූල්‍ය සේවා සමාගමක් වන Mahindra & Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමකි.

ඉදිරියේදී දිවයිනේ වාණිජ වශයෙන් වැදගත් වන සෑම ප්‍රදේශයකම පාහේ තම ශාඛාවන් විවෘත කරමින්, ජනතාවට වඩාත් පහසුවෙන් තම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම Mahindra IDEAL Finance සමාගමේ අරමුණ වී ඇත. මෙම අරමුණ ඔස්සේ ඉදිරියට යන අතර, අඛණ්ඩව වසර 4 ක් තිස්සේ බැංකු, මූල්‍ය සේවා හා රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා කිරීමට සුදුසුම ආයතනයක් ලෙස Great Place to Work පිළිගැනීම හිමිකරගැනීම ඇතුළු තවත් ජයග්‍රහණ රාශියක් වාර්තා කරගැනීමටද Mahindra IDEAL Finance සමාගම සමත් වී තිබේ.

Mahindra IDEAL Finance සමාගම පිළිබඳව

Fitch Ratings Lanka වෙතින් “AA-(lka) Outlook Stable” ශ්‍රේණිය හිමිකරගෙන ඇති Mahindra IDEAL Finance සමාගම, අඛණ්ඩව වසර 4 ක් පුරා Great Place to Work ඇගයීමද හිමිකරගෙන තිබේ. විවෘත ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම, සාර්ථකත්වයේ ප්‍රවණතාවන් සහ වෙනස් වන වෙළඳපොළ තත්ත්වයන්ට ඉක්මනින් අනුවර්තනය වීමේ හැකියාව වැනි සාධක නිසා එම සමාගමට 2022 වර්ෂයේදී Great Place to Work පිළිගැනීම හිමි විය. Mahindra IDEAL Finance යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වූ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර, ග්‍රාමීය හා අර්ධ නාගරික වෙළෙඳපොළ කෙරෙහි එය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ. මේ වන විට එම සමාගම රන් ණය සේවාවන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂිකාර්මික රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං සේවාවන් ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් පිරිනමයි. ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ණය සේවාවන් එකතුවක් පවත්වාගන්නා අතරම, අඛණ්ඩව තිරසාර වාර්ෂික වර්ධනයක් වාර්තා කරගැනීමට Mahindra IDEAL Finance සමත් වී ඇත.

PR

Post Views: 11
Previous Post

ඉරානයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 103 දක්වා ඉහළට

Next Post

දිවයිනට පැමිණි පකිස්ථාන ආරක්ෂක ලේකම් ජනපති හමු වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
දිවයිනට පැමිණි පකිස්ථාන ආරක්ෂක ලේකම් ජනපති හමු වෙයි

දිවයිනට පැමිණි පකිස්ථාන ආරක්ෂක ලේකම් ජනපති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved