එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සම්මේලන මාලාවේ පළමු සම්මේලනය හෙට (13) දින ගාල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කර තිබෙන මෙම රැස්වීම් මාලාව දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව 14 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදිත් 15 වන දින රත්නපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදිත් මෙම දිස්ත්‍රික් සම්මේලන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය ආරම්භ කරන අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන අධිකාරියද මේ සඳහා සහභාගී වේ.