• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඳුකර දශකය මේ වසරට අදාළ ව්‍යාපෘති ජුලි 31 වැනිදාට පෙර අවසන් කරනවා – ඇමැති ප්‍රසන්න

1 February 2024
in දේශීය, පුවත්
කඳුකර දශකය මේ වසරට අදාළ ව්‍යාපෘති ජුලි 31 වැනිදාට පෙර අවසන් කරනවා – ඇමැති ප්‍රසන්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

“කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන ජුලි 31 වැනිදාට පෙර අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව මාර්තු මාසය වනවිට කඳුකර දශකය වැඩසටහනට අදාල සියළු ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දෙන බව අමාත්‍යවරයා පැවසිය.

2021 සිට 2023 වසරයන්හී ආරම්භ කර අතරමඟ නගර කර ඇති සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට මේ හරහා හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රත්නපුර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට ඊයේ (31) දින සහභාගි වෙමිනි.

කඳුකර දශකය වැඩසටහන මෙම වසර තුළ දිස්ත්‍රික්ක 10 ක ක්‍රියාත්මක කෙරේ. මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල එම දිස්ත්‍රික්ක වේ.

මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාපෘති යෝජනා සකසා ප්‍රාදේශීය ලේකම් කමිටුවල නිර්දේශය සහිතව පෙබරවාරී මස අවසන් වීමට පෙර දිස්ත්‍රික් කමිටු වෙත ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරයා සදහන් කළේය.

එසේම අමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධන ව්‍යාපෘති හදුනා ගැනීම, ඒ සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී නිලධාරින්ට සහයෝගය ලබා දීම, ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා හා එම ව්‍යාපෘති අවසන් කිරිමේ වගකීම ග්‍රාමීය කමිටුවලට පැවරෙන බවයි.

ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී පවා ජනතාව දැනුවත් කිරීම තුළින් දේශපාලඥයින් කොමිස් ගහනවා යැයි සමාජය තුළ තිබෙන බොරු මතයද වෙනස් කළ හැකි බවද ඇමතිවරයා සඳහන් කළේය.

කදුකර දශකය වැඩසටහන දිස්ත්‍රික්ක 10 හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක ග්‍රාම නිළධාරී වසම් 4,498 ක ක්‍රියාත්මකය. මේ සදහා තෝරාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 200 ට වඩා වැඩි උසකින් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වේ.

මෙම වැඩසටහන මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල 14 ක, ග්‍රාම නිළධාරී වසම් 489 ක ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඉඹුල්පෙ, බලංගොඩ, ඕපනායක, පැල්මඩුල්ල, කොලොන්න, අයගම, කලවාන, ඇඹිලිපිටිය, කහවත්ත සහ ගොඩකවෙලයි.

රත්නපුර දිස්ත්‍රික්කය සදහා සංවර්ධන අරමුදල් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී නිළධාරීන් දැනුවත් කළේය. මෙවර රත්නපු දිස්ත්‍රික්කය සදහා සංවර්ධන අරමුදල් යටතේ රුපියල් මිලියන 2,832 ක් වෙන් කර තිබේ. එම මුදලින් රුපියල් මිලියන 1,400ක්ම ලැබී ඇත්තේ කදුකර දශකය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහායි.

කඳුකර දශකය නමින් දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත්තේ මෙරට කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහායි. මෙම වැඩසටහන සදහා මෙවර අයවැයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10,000 කි. මේ යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට රුපියල් මිලියන 100 බැගින් හිමිවේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රධාන සංවර්ධන කේෂ්ත්‍ර 10 ක් හදුනාගෙන තිබේ. එනම් ජීවනෝපාය, වෙළදපොළ සංවර්ධනය හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, අධයාපනය, පානීය ජල පහසුකම්, කෘෂි හා සුළු වාරිමාර්ග, විදුලිබල හා පුනර්ජනනීය, දුරකතන හා අන්තර්ජාල, සෞඛ්‍ය හා සනීපාරක්ෂක, පරිසර සංරක්ෂණය හා ආපදා කළමණාකරණය සහ නිවාස පහසුකම් වැඩිදියුණු කිරීමයි. කඳුකර ප්‍රදේශවල ජීවත්වන වතු ආශ්‍රිත ප්‍රජාවගේ ජන ජීවිතය නඟා සිටුවීමට කඩිනම් හා සැලසුම් සහගත ප්‍රවේශයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය කමිටුවල එකඟතාවය ලැබීමෙන් පසුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ මැදිහත්වීම හා සෙසු රාජ්‍ය ආයතන හා ප්‍රදේශීය කාර්යාල පූර්ණ සහයෝගය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති කාර්යාලය, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන අධීක්ෂණය කරනු ලැබේ.

මෙම අවස්ථාවට වනජීවි හා වන සංරක්ෂණ සහ වාරි මාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීනි මුදිතා ප්‍රියදර්ශනී, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 998
Previous Post

INSEE සිමෙන්ති EPD සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත් වෙයි

Next Post

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සුරාසැල් වැසෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ව්‍යාජ ස්ටිකර් ක්‍රියාමාර්ග හේතුවෙන් සුරා බදු ආදායම තවත් වැඩි වෙලා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සුරාසැල් වැසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved