• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ පාලකයෝ පරද්දලා අපේ ආණ්ඩුවක් හදනවා – ටිල්වින් සිල්වා

5 February 2024
in දේශීය, පුවත්
මේ පාලකයෝ පරද්දලා අපේ ආණ්ඩුවක් හදනවා – ටිල්වින් සිල්වා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ පාලකයෝ පරද්දලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 03 වනදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවැති ගැහැනු අපි එක මිටට’ – ජාතික ජන බලවේගය කාන්තා සමුළුව අමතමිනි.

එහිදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පල කලේය “ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන රනිල් වික්‍රමසිංහට තියෙන්නේ, මේ දැවැන්ත කාන්තා බලවේගය ඉදිරියේ ඡන්දෙ ඉල්ලන්න නොවෙයි, අත් දෙක ඔසවා යටත් වෙලා ‘මම පරාදයි’ කියා පිළිගන්නයි. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට මෙතෙක් සම්බන්ධ නොවුණු දැවැන්ත බලවේගයක් ලෙස කාන්තාවන් ඉන්න බව ඔහුට පිළිගන්න සිදුවෙනවා. අපේ රටේ සමාජය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කාන්තාවක් කළත් කාන්තාවන්ට ප්‍රමුඛත්වයක් ලැබුණේ නැහැ. දේශපාලනයේදිත් ඔවුන්ව ඈත් කර තිබුණේ. අපට අද කාන්තාවන් බලවේගයක් ලෙස, සංවිධානයක් ලෙස ගොඩනගන්න හැකිවෙලා තිබෙනවා. මේ ඉන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ‘කාන්තා බලවේගය’. ඉතිහාසයේ පළමුවෙනි වතාවට කාන්තාවන් බලවේගයක් ලෙස සංවිධානය වී, සමාන අයිතිවාසිකම් සහිතව ඉස්සරහට ආ අවස්ථාව. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා, සජිත් ප්‍රේමදාසලා වෙන වෙනම ආවත්, එකතු වෙලා ආවත් ඉදිරි දේශපාලනයේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය සතුයි. මේ බලවේගය පරදවන්න වෙනත් බලවේගයක් ලංකාවේ නැහැ. අනිද්දා (05 දා) රනිල් වික්‍රමසිංහ ඡන්ද වැඩ පටන් ගන්න දඹුල්ලට එනවාලු. ඉඩම් ඔප්පු දෙන්න වසම් වශයෙන් කාන්තාවන් එකතු කරනවා. අපේ ඉඩම් නිරවුල් නැහැ. අපිට ඉඩම් නැතිකම පාවිච්චි කරලා එයලා විටින් විට ඔප්පු දෙනවා. ඔප්පුව ලැබෙනවා ඉඩමේ අයිතිය ලැබෙන්නේ නැහැ. අපට ඔප්පු දුන්නාට ඉඩම් විදෙස් සමාගම්වලට දෙන්න යනවා. ආණ්ඩුවට අයිති කිරි ගොවිපොළවල් 32ක් ‘ඉන්දියාවේ අමුල්’ සමාගමට දෙන්න යනවා. ඒ ගොවිපොළවල් 32ක ඇතුලේ තිබෙනවා ඉඩම් අක්කර 28,000ක්. එහෙම රැවටීමක් මේ ඔප්පු දෙමින් කරගෙන යනවා. එක දවසක ඉඩම් ඔප්පු දෙන්න, අස්වැසුම දෙන්න, අඩු ආදායම්ලාභීන්, ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් ලෙස කණ්ඩායම් ගෙනල්ලා රවට්ටලා, තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්න හදනවා. අපි රනිල් වික්‍රමසිංහලාට කියනවා, ඒ පරණ සෙල්ලම් දැන් වලංගු නැහැ. ඒ පැරණි දේශපාලනය පරද්දලා, මොන ඡන්දෙ ආවත් මාලිමාව ජයග්‍රහණය කරවන්න අපේ රටේ ජනතාව තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුවට ලොකු හයියක් ඇවිත් තිබෙනවා, ‘කාන්තා බලවේගය’. මෙතෙක් කල් සැඟවී සිටි කාන්තාවන් බලවේගයක් ලෙස, අධිෂ්ඨාන සහගතව ඇවිත් කියන්නේ, ඕගොල්ලෝ මොන ඡන්දය ගෙනාවත් ‘මේ පාලකයෝ පරද්දලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න අපි සූදානම්’ කියන පණිවිඩයයි. ඕගොල්ලෝ මෙතනට ඇවිත් තිබෙන්නේ සමෘද්ධිය ගන්න, අස්වැසුම හදාගන්න, ඉඩමක ඔප්පුවක් ගන්න නොවෙයි. අවුරුදු 76ක් තිස්සේ අපේ රටේ තිබුණු පාලනය වැරදියි, ඒක වෙනස් කරන්න ඕනෑ. වෙනස් කරන්න පෙරමුණ ගන්න අපි ලැහැස්තියි කියන විශ්වාසයෙන්. අපි මේ බලය ගන්නයි හදන්නේ. අපි ඔක්කෝම එකතු වෙලා ඒ බලය පාවිච්චි කරලා, ඒ බලය යොදවලා අපේ රට වෙනස් කරන්න ඕනෑ. ඔබට, අපට තිබෙනවා විශාල කාර්යභාරයක්. මේ දුෂ්ට, හොර නඩය පරද්දලා මහජනතාවගේ ආණ්ඩුවක්, ගැහැනු පිරිමි හැමෝටම සමාන අයිතිවාසිකම් තිබෙන කාන්තාවන්ට ගෞරවයෙන් සලකන සමාජයක් හදන්න ඕනෑ. ඒ සමාජය ඇතුලේ දැවැන්ත වෙනසක් ඇති කර ගන්න අපට අවබෝධයක් තිබෙන්න ඕනෑ.

අපි ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් බිංදුවට වට්ටපු, බංකොලොත් කළ රටක. ඉදිරියේ ඇති අභියෝගය සරල එකක් නොවෙයි. පොහොර ටික දෙන එක හෝ කැරට් මිල අඩුකරන එකක් නොවෙයි. සහන දෙන එක, රුපියල් පන්දහසකින් වැටුප් වැඩිකරන එක නොවෙයි. අපි ඉදිරියේ තිබෙන්නේ වට්ටපු විනාශ කරපු ආර්ථිකයක් ගොඩගන්න එක. මේ පොලොන්නරුව විශාල ගොවි ජනතාවක් ඉන්න, අපේ රටට බත සපයන දිස්ත්‍රික්කයක්. හැබැයි දුප්පත් අය වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ මේ දිස්ත්‍රික්කවල. අපිට මිනිසුන් ලෙස ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. රට බංකොලොත් කියල පිළිගත්ත ආණ්ඩුවක්. ගෝල්ෆේස් ගාවට ගිහින් මුහුදට වෙඩි තිබ්බාට වැඩක් නැහැ. බංකොලොත් වෙලා වසර දෙකක් ගතවෙලා. අපේ දරුවන්ගේ හිස මත දැවැන්ත ණය කන්දක් තිබෙනවා. රට ලෝකෙට ණයයි. ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් ඉන්නවා. ණය බරින් මිරිකුණු ජාතියක් ඉන්නේ. වාර්තාවලින් පෙන්වලා තිබෙන් ජනගහනයෙන් බහුතරයක් තුන්වේල කන්නේ නැහැ. දැන් ආණ්ඩුව නැවතත් රුපියල් බිලියන එකොළොස් දහසක් ණය ගන්න බලාගෙන ඉන්නවා. අනෙක් පැත්තෙන් බදුබර පටවනවා. වට්ටපු ආර්ථිකය ගොඩගන්න ඕනෑ. ඒ සඳහා වත්කම් උපයන නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනෑ. එහෙම ආර්ථිකයක් හැදීමට එකතු කළ හැකි දැවැන්තම බලය තමයි කාන්තාවන්ගේ ශක්තිය. ඒ වගේම ආර්ථිකයේ ප්‍රතිලාභ හැමෝටම සාධාරණව බෙදෙන්න ඕනෑ.

අපේ ආර්ථකයේ අයිතියක් අපට නැහැ. ආණ්ඩුවේ මුදල් පිළිබඳ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපි කොච්චර බදු ගහන්න ඕනද, බැංකුවලට, රාජ්‍ය ආයතනවලට මොකද කරන්නේ කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ. අපි ආර්ථික වශයෙන් පරාධීනයි. ආර්ථිකය බංකොලොත් වගේම ස්වාධීන නැහැ. නිදහස සමරන්න මුහදට වෙඩි තිබ්බාට වැඩක් නැහැ. ආර්ථික වශයෙන් අපි පරාධීනයි. සමාජීය වශයෙන් පරාධීනයි. අපෙ ප්‍රතිපත්ති අපි තීන්දු කරන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ නිදහස නැති රටක. ආර්ථිකය හදන්න මානව සම්පත හා ස්වභාවික සම්පත ඕනෑ. දැන් මානව සම්පත රට දාලා යනවා. අනෙක් පැත්තෙන් වත්කම් ඉපයිය හැකි ස්වභාවික සම්පත් බොහෝ දේවල් ලංකාව සතුව නැහැ. හම්බන්තොට වරාය ඩොලර් ගෙන ආ හැකි සම්පතක්. වරාය අවරුදු 99ක්ම, අයිතිය චීනෙට, දුන්නෙ රනිල් වික්‍රමසිංහ. කොළඹ වරායේ එක ජැටියයි අපිට අයිති. අනෙක්වා අයිති විදෙස් සමාගම්වලට. ටෙලිකොම් එකත් දෙන්න යන්නේ. එක පැත්තකින් ආර්ථිකය බංකොලොත් කරලා. අනෙක් පැත්තෙන් ස්වාධීනත්වය නැති කරලා. ආර්ථිකය හදන්න තිබෙන සම්පත් ටික විකුණලා. ප්‍රශ්නෙ බරපතළයි. ඒක බේරන්න, ඔප්පුවක් දීලා, සමෘද්ධිය දීලා, අස්වැසුම දීලා විසඳන්න බැහැ. මේ අගාධයෙන් රට ගොඩගන්න ඕනෑ. අපට ශක්තිමත් හා ස්ථාවර ආර්ථිකයක් ඕනෑ. ස්වාධීන වෙන්න ඕනෑ. පරාධීනත්වයෙන් මිදෙන්න ඕනෑ. ඒ සඳහා ජාතික පිබිදීමක් ඕනෑ. ජාතික පුනර්ජීවනයක් ඕනෑ. ඒ සඳහා නායකත්වය දිය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. ඒකේ විශාල කාර්යභාරයක් ඉටුකළ හැක්කේ කාන්තාවන් වන ඔබට. ඔබ ‘එක මිටට’ නම්, ඒ බලය පරදවන්න කිසිවෙකුත් නැහැ.

ආර්ථිකය පමණක් නොවෙයි සමාජයත් වට්ටලා තිබෙන්නේ. දේශපාලනය කුණු කර තිබෙන්නේ. වංචා දූෂණ හොරකම පිරිලා. හොරකම් නොකරන පාලකයෙන් සොයා ගන්න නැහැ. කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ ජනතාව මරාදාන විදිහේ බාල බෙහෙත් ගෙන්නුවා. පරීක්ෂණයේදි නිලධාරීන් අහුවුණා. ඇමති අත්අඩංගුවට ගත්තේ නැහැ. ඇමතිකම් මාරු කළා. පාර්ලිමේන්තුවේ එයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. පාර්ලිමේන්තුවේ අය අත උස්සලා හොරාව රැක්කා. පසුව ඇමතිකම් වෙනස් කළා. ජනතාව උද්ඝෝෂණය කළා. ඇමති අත්අඩංගුවට ගත්තා. උසාවියෙන් රිමාන්ඩ් කළා. නමුත් හිරගෙදරට ගියේ නැහැ, අසනීපයි කියලා බන්ධනාගාර රෝහලට ගිහින්. බලනකොට මේ ඇමතිකම් කර තිබෙන්නේ ලෙඩෙක්. ලෙඩ්ඩු කොහොමද රට පාලනය කරන්නේ. හරිනම් ඇමතිකම් ගලවන්න ඕනෑ. අපි ලෙඩ්ඩුන්ට ආණ්ඩු බලය දීලා තිබෙන්නේ. හොරකම් කරල අහුවෙලා රිමාන්ඩ් දාපුවාම එයාලා හැමෝම රෝහල්ගත වෙනවා. ඒ ගොල්ලන්ගේ ආණ්ඩු එයාලට දඬුවම් කරන්නේ නැහැ. වංචා දූෂණ කළ දේශපාලුවන්ට නීතියෙන් දඬුවම් කරන ආණ්ඩුවක් ඕනෑ. එහෙම ආණ්ඩුවක් හදන්න පුළුවන් මාලිමාවට විතරයි.

අපේ රටේ මනුස්සකම නැහැ. ස්ත්‍රීන්ට, දරුවන්ට ආරක්ෂාව නැහැ. මත්ද්‍රව්‍ය හැමතැනම. දැන් දවස ගානේ ප්‍රවෘත්තියක් යනවා දවසකට නවසියයක් ඇල්ලුවයි කියලා. එහෙම බැලුවාම මාසෙකට තිස්දහසක් පමණ අල්ලනවා. රටම කුඩුද කියලා හිතෙනවා. රටේ ජනතාවගේ සදාචාරය වට්ටලා, සහෝදරත්වය, සාමූහිකත්ව නැතිකරලා. අපට කන්න නැතිකම විතරක් නොවෙයි බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න බැරි රටක් හදලා තිබෙන්නේ. මේ කුණු කරපු දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. ආර්ථිකය වගේම එකිනෙකාට ආදරය කරන සංස්කෘතියක් හදන්න ඕනෑ. දේශපාලනය ජාවාරමක සිට මහජන සේවයක් දක්වා ගෙනියන්න ඕනෑ. පෞද්ගලික කිසිවක් බලාපොරොත්තු නොවී, රට වෙනස් කරන සටනේදී නායකත්වය ගන්නත් අපි සූදානම් කියලා ගැහැනු ඔබ පෙන්වා දී තිබෙනවා. මේ රටේ දුක් විඳින අවසන් පරම්පරාව අපි වෙන්න ඕනෑ. තව මාස නවයකින් මේ රට වෙනස් කරන්න අපි ලැහැස්තියි, ඒකට අපේ ශක්තිය ලෙසයි ඔබ ඇවිත් ඉන්නේ. ඒ ඔබේ ධෛර්යට අපි ගෞරවයෙන් ආචාර කරනවා. ආර්ථිකයත්, සමාජයත් වෙනස් කොට සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් හදන්න ඕනෑ. ඔබට, අපිට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ගොවියාගේ ප්‍රශ්න, කාන්තාවන්ට ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න ගොඩක් තිබෙනවා. තරුණයන්ට, වැඩිහිටියන්ට, විශ්‍රාමිකයාට තිබෙන ප්‍රශ්න සියල්ල වෙන වෙනම විසඳන්න බැහැ. අපි ඔක්කෝම එකට එකතු වෙලා මේ බලය වෙනස් කරලා රටට වෙනම බලයක් ගොඩනගන්න ඕනෑ. ඒ බලවේගයේ කොටස්කාරයෙක් බවට කාන්තාව පත්වෙන්න ඕනෑ. දැන් අපි ප්‍රේක්ෂකයන් වෙන එක නවත්වන්න ඕනෑ. ‘දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්න’ අපට අයිතියක් නැහැ. අපි සමාජය වෙනස් කරන්න පෙරට එන්න ඕනෑ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. දේශපාලනඥයන්ට හමුදාව, පොලීසිය ඉදිරියෙනුත් පසුපසිනුත් නැතිව ගමනක් යන්න බැහැ. මේ පාලකයන් පැළයක් හිටවනවා බලන්න. පැළේ හිටවන්න පොඩි වළක් කපනවා. හිටවන එකාට බහින්න ලොකු වළක් කපනවා. රතුපාට කාපට් එකේ ඇවිත් ලොකු වළට බැහැලා, පොඩි වළේ පැළයක් හිටුවනවා. රතු කාපට් එක නැතිව එන්නත් බැහැ. දෙකට නැමිලා පැලයක් හිටවන්න බැහැ. විශාල මුදල් වැය කරනවා. එහෙමයි නාස්ති කරන්නේ. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුව තිබෙනවා. අපට අලුත් නිදහස් අරගලයක් තිබෙනවා. මේ රටේ අයිතිය සැබෑ අයිතිකරුවන් අතට ගන්න ඕනෑ. ආර්ථිකය හදා ගන්න ඕනෑ. පරාධීනත්වයෙන් මිදිලා ස්වාධීනත්වය හදාගන්න ඕනෑ. අපේ චින්තනය වෙනස් වෙන්න ඕනෑ. පොදුවේ ජනතාව ගැන හිතන, සමාජය වෙනස් කරන්න ඕනැයි කියා හිතන සමාජයක් හදන්න අවශ්‍යයි. මනුෂ්‍යත්වය හදවත්වලට එන්න ඕනෑ. ආදරය බෙදාහදා ගන්න ඕනෑ. ඒ සමාජය හදන සවිඥානක බලවේගයක් ලෙස අපේ සහෝදරියෝ එකට එන්න ඕනෑ. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න අපි ලැහැස්තියි, ඒකට පෙරමුණ ගන්න ගැහැනු අපි ලැහැස්තියි, ගෞරවණිය පුරවැසියෙකු ලෙස ජීවත් විය හැකි රටක් හදා දෙන්න අපි ලැහැස්තියි කියන අධිෂ්ඨානයෙන් ඔබ පැමිණ ඉන්නවා. අපි හැමෝම එකතු වී අපේ බලය ශක්තිමත් කරමු. මහජන පාලනයක් නිර්මාණය කරමු. 2025ට පය තබන්නේ අපේ පාලනයක් යටතේ කියන අධිෂ්ඨානයෙන් අපි අත්වැල් බැඳ ගනිමු යැයි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 22
Previous Post

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි ..හැමදාම වැඩ කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි – ඇමැති ප්‍රසන්න

Next Post

නිසි මිලක් ගොවියාට ලැබෙන යාන්ත්‍රණයක් සැකසිය යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත්

editor ttvnews

editor ttvnews

Next Post
නිසි මිලක් ගොවියාට ලැබෙන යාන්ත්‍රණයක් සැකසිය යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත්

නිසි මිලක් ගොවියාට ලැබෙන යාන්ත්‍රණයක් සැකසිය යුතුයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved