• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ජනතාවගේ සින්නකර ඉඩම් අයිතිය තහවුරු කිරීමට ලැබීම ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් – ජනපති

6 February 2024
in දේශීය, පුවත්
රටේ ජනතාවගේ සින්නකර ඉඩම් අයිතිය තහවුරු කිරීමට ලැබීම ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් – ජනපති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව ලැබූ පළමු ජයග්‍රහණය රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලක්ෂ 20 ක ජනතාවට ප්‍රතිලාභ සැලසෙන “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම අනෙකුත් ජයග්‍රහණ බවද පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් පුළුල් වැඩකොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට කියා සියලුදෙනා සිතා බැලිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමට ඊයේ (05) පස්වරුවේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

රජයේ ඉඩම් ආඥා පනත යටතේ එදා විදේශිකයන්ට ඉඩම් ලබා දුන්නා නම් ජනතාවට එමඅයිතිය ලබාදීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අය වැය යෝජනා අතර 08 වන යෝජනාව වූයේ “උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවින් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේක්ෂා කර ඇත” යන්නයි.

ඒ අනුව මෙරට ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් ඉටු කරමින් තමා භුක්තිවිදින ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙවැනි ගොවි පවුල් ලක්ෂ 20ක ප්‍රමාණයක් අපේක්ෂිත ප්‍රතිලාභීන් ලෙස හදුනාගෙන ඇත. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 2024 අය වැය යෝජනා යටතේ උරුමය රුපියල් බිලියන 02ක් වෙන් කර ඇත.

උරුමය වැඩසටහන යටතේ ඉඩම්වල පූර්ණ අයිතිය ඉල්ලුම් කරන අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අදියර 03ක් යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නියමිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උරුමය මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබේ.

සංකේතාත්මකව ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු විය.

සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළ”ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කිරිමද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු විය.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකළ නව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා පිහිණුම් තටාකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

නව්‍යකරණය කරන ලද ක්‍රීඩාංගණ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

මේ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” මාධ්‍ය මධ්‍යස්ථානයට, නව ප්‍රේක්ෂකාගාරයට සහ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ මේ මගේ රටයි, මා ඉපදුණ රටයි, මගේ උරුමය තහවුරු කළ රටයි.අද අප මෙතනට රැස් වී සිටින්නේ මේ රටේ ජනතාව ඉඩම් අයිතිය ලබා ගැනීමට කළ අරගලය අවසන් කිරීමටයි. ඒ වගේම අද අප මේ සහභාගී වන්නේ විප්ලවීය අවස්ථාවකට. ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීම අද සිදු වෙනවා. මම මෙය විප්ලවයක් කියා හඳුන්වන්නේ ඒ නිසයි. මෙම විප්ලවය භුක්ති විදින්නේ රටේ ජනතාව. මේ ඉඩම් අයිතිය ලැබුණු විට ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ.මන්ත්‍රීවරු, නිලධාරීන් පසුපස ගිහින් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඉඩම තමන්ට අවශ්‍ය පරිදි සංවර්ධනය කළ හැකි අතර කිසිවෙකුට ඊට බලපෑම් එල්ල කරන්න බැහැ. තමන්ට ලැබෙන මෙම අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. මෙම අයිතිය තමන්ට පමණක් නොව තමන්ගේ දරුවන්ටත් හිමි විය යුතුයි. මෙයින් නිසි ප්‍රයෝජන ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි. ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව ගණනාවක් ඇති වී තිබෙනවා. අද මේ රටේ කිසිදු විප්ලවයක් නොමැතිව ජනතාවට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. බොහෝ දෙනෙක් සිතුවේ මෙය කළ නොහැකි දෙයක් ලෙසයි. නමුත් අපේ ආණ්ඩුව ඒ තීරණය ගෙන කටයුතු කළා. විශේෂයෙන්ම ගොවිතැන් කළ අයට මෙන්ම නිවාස ඉදි කරගත් සියලුදෙනාට ඒ ඉඩම් අයිතිය හිමි වෙනවා. ගොවිතැන් කටයුතුවල නිරතවන ඔබ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට පසුගිය මහ කන්නයේත්, යල කන්නයේත් ඔබෙන් ලැබුණු සහයෝගය අමතක කරන්න බැහැ. අස්වැන්න සාර්ථක වුණා. ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. ඒ වගේම මේ ඉඩම්වල නිවාස ඉදිකරගත් පිරිස ඉන්නවා. මම ඔවුන්ටද ස්තූතිවන්ත වෙනවා. මේ සියලුදෙනාට අපේ ස්තූතිය පිරිනමන්නේ මේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම මගින්. මෙය ඓතිහාසික අවස්ථාවක්. සිංහල රජ සමයේත් ඔප්පු ක්‍රමයක් තිබුණේ නැහැ. ප්‍රභූවරුන්ට, නිලමේවරුන්ට සන්නස් මගින් ඉඩම් ලබා දුන්නා. අනෙක් අයට වගා කටයුතු සඳහා ඉඩම් ලබා දුන්නා. ජනතාවට ස්ථීර ඔප්පු තිබුණේ නැහැ. මුඩු බිම් පනත යටතේ මේ සියල්ලම රජයට අයත් වුණා. වතු වෙනුවෙන් ඇතැම් ඉඩම් සුදු ජාතිකයන්ට පවරා දුන්නා . ජනතාවට කිසිවක් හිමි වුණේ නැහැ. නමුත් ඩී.එස් සේනානායක මැතිතුමා 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ගොවිතැන් කටයුතු සඳහා ජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගත්තා. ඉඩම් අත්පත් කරගැනීමේ පනත සමඟ ගම්මාන ව්‍යාප්ත කිරීමට ඉඩම් අත්පත් කර ගත්තා. නමුත් ඉඩමේ අයිතිය කිසිවෙකුට හිමි වූයේ නැහැ. ඉන් පසුව වියළි කලාපවල ජනතාව පදිංචි කළා. ඒ සමග වී වගාව ආරම්භ කළා. වැඩියෙන්ම කුඹුරු තිබුණේ තෙත් කලාපයේ එම කුඹුරු දියුණු කිරීමට පිලිප් ගුණවර්ධන මැතිතුමා කුඹුරු පනත ගෙනාවා. එම අවස්ථාවේත් විශාල විරුද්ධත්වයක් ඇති වුණා. නමුත් එය ඉදිරියට ගෙන ගියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරයෙන් තවත් අක්කර ලක්ෂ ගණනක් ජනතාවට ලබා දුන්නා. දැන් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. පසුගිය කාලයේ ගයන්ත කරුණාතිලක මහතා මේ වැඩපිළිවෙළ ආරම්භ කළ අවස්ථාවේ අලුත් නීතියක් ගේනවා කියලා එතුමාට විරුද්ධව නඩු දැම්මා. නමුත් මෙවර අලුත් නීති බලන්න ගියේ නැහැ. රජයේ ඉඩම් ආඥා පනතින් සුදු ජාතිකයන්ට ඉඩම් ලබා දුන්නා නම්, ආයෝජකයන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා නම් ජනතාවට එම අයිතිය ලබා දීමට නොහැකි ඇයි. එදා ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට භාවිතා කළ ආඥා පනතින් අපි අද ඔබ සියලුදෙනාට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. නැවත අධිකරණයට යන්න අවශ්‍ය නැහැ. මෙම වැඩපිළිවෙළ ඓතිහාසිකයි. විප්ලවවාදීයි. ආසියාවේ ඉඩම් අයිතිය ලබා දී තිබෙන්නේ ජපානය සහ දකුණු කොරියාව පමණයි. අද අපේ රටේ ජනතාවට එම අයිතිය ලබා දී තිබෙනවා.
මේ වැඩ කටයුත්ත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා පක්ෂ බේදයකින් තොරව එකතුවන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් බිහි නොවු ආණ්ඩුවක් බව කිවයුතුයි. අසීරු කාලයේ වගකීම් ගත හැකි සියලුදෙනා ඒ සමග එකතු වුණා. විවිධ පක්ෂ ඒ අතර සිටියා. අපි කොටසක් එක්ව ආණ්ඩුව හැදුවා. හැම පක්ෂයකම කොටසක් කැඩී වෙනත් පක්ෂවලට ගියා. එලෙස ගොඩනඟාගත් ආණ්ඩුවක් මඟින් රට ගොඩනැගීමේ අභියෝගයට අප මුහුණ දුන්නා. අපේ රට දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. මේ රටේ ජනතාව දුක් විඳි බවමම පිළිගන්නවා. තවමත් සමහරු දුක් විදිනවා. මේ සියලු ජනතාවට අපට හැකි අයුරින් සහන ලබා දුන්නා. ඒ සඳහා අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. අප තවම බංකොළොත්භාවයෙන් නිදහස් වුණා විතරයි. තෙවන පියවර ලෙස ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ ආර්ථික අසීරුතාවයන් හමුවේ අප මෙම කටයුතු සිදු කරනවා නම් ඉදිරියේ දී රටේ ආර්ථිකය ශක්තිමත් වීමෙන් පසු කළ නොහැක්කේ මොනවද කියලා මම අහන්න කැමතියි. අපි ආරම්භ කළ මේ ගමන ඉදිරියට ගියහොත් 2025 වසරේ දී 5%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපි සියලුදෙනා එකතු වුණේ රට බේර ගන්න. එහිදි අප පක්ෂ දේශපාලනයක නිරත වුණේ නැහැ. එහෙම වුණා නම් මෙම සාර්ථකත්වය ලබා ගන්න බැහැ. මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩකටයුතු කරගෙන යාමට අප සමග එකතු වෙන්න කියලයි.අපි හිතන්න ඕන අපි ගැන නෙවෙයි. රටේ ජනතාවගේ අනාගතය පිළිබඳවයි. අපි එකතුවෙලා රටේ ජනතාවගෙන් ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. තවත් ලක්ෂ 20කට අස්වැසුම ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. ලක්ෂ 15කට වැටුප් වැඩිකර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කර ආදායම් මාර්ග ඇති කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමක් ලෙස මෙතරම් විශාල වැඩකොටසක් කළ හැකි නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනා එකතු වුණොත් මොනවද කරන්න බැරි කියලා සියලුදෙනා සිතිය යුතුයි. අප එම මාර්ගයේ යා යුතුයි. ඉදිරියේදී මේ රට දියුණු කිරීමට අවශ්‍ය තවත් නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනා එකතුව ඉදිරියට යමු. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හරහා දැවැන්ත කෘෂි විප්ලවයක් රටේ සිදු වෙනවා. අපිට නැවත ණය වෙන්න බැහැ. අපට නැවත හිඟන ජාතියක් වෙන්න බැහැ. අපේ අභිමානය ආරක්ෂාකරගත යුතුයි. අපි සියලුදෙනා එක්ව මේ ගමන යා යුතුයි. අද ඔබ මේ රටේ අයිතිකරුවන්. ඒ බව මතක තබා ගනිමින් අභිමානයෙන් කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, ඩග්ලස් දේවානන්ද මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රංජිත් සියඹලාපිටිය, රෝහණ දිසානායක, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්. එම්. චන්ද්‍රසේන, වඩිවේල් සුරේෂ්, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, නාලක කෝට්ටේගොඩ, මාතලේ එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න යන මහත්වරුන් ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහ ඉඩම් ඔප්පුලාභීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1,005
Previous Post

අනුර දිසානායක, ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා හමුවෙයි

Next Post

මැතිවරණ වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
මැතිවරණ වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

මැතිවරණ වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved