27 April 2024
#දේශීය #පුවත්

මැතිවරණ වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මඟින් රුපියල් බිලිය 10 ක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහමැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුල කලමණාකරණය කර ගැනීමට සිදු වන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදි.

එසේම පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සිමිත මුල්‍ය අවකාශය තුළ, 2025වසර සඳහා වන අයවැය මඟින් ලබා දීමට සිදුවන බව ද අමාත්‍ය යෝජනා වී ඇත.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එකඟතාවය ලබා දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *