• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හරීන් “ලංකාව ඉන්දියාවේ කොටසක් කියනවිට බලයට ඉව අල්ලන කල්ලි කසාය බීපු ගොළුවන් වගේ – මන්ත්‍රී විමල්

18 February 2024
in දේශීය, පුවත්
හරීන් “ලංකාව ඉන්දියාවේ කොටසක් කියනවිට බලයට ඉව අල්ලන කල්ලි කසාය බීපු ගොළුවන් වගේ – මන්ත්‍රී විමල්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හරීන් ප්‍රනාන්දු සංචාරක අමාත්‍යවරයා ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී සිදුකරන ලද “ලංකාව ඉන්දියාවේ කොටසක්!” යන බරපතළ ප්‍රකාශය හමුවේ බලයට ඉව අල්ලන කල්ලි කණ්ඩායම් කසාය බිව් ගොළුවන් සේ දත කට පූට්ටු කරගෙන ඉන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) සවස පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
‍
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ” පසුගියදා ඉන්දියාවේදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා, ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ කියා. ඉන්දියාව තුළ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ යැයි පැවසීම බරපතළ ප්‍රකාශයක්. නිවට, නියාලු විදියට මෝඩ හිනාවකුත් දාගෙන, මේ ප්‍රකාශය පමණක් නොවෙයි, ‘අපේ ගුවන්තොටුපළවල්, වරායවල් ආදී සියල්ලම අපි ඉන්දියාවට දෙනවා’ කියන එකයි එහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ. අමාත්‍යවරයෙකු යම් රටකට ගිහින් තමන්ගේ රට ඒ රටේ කොටසක් කියා කරන ප්‍රකාශය බරපතළ නැද්ද? එහෙම ප්‍රකාශයක් කරන්න සදාචාරාත්මක හා නෛතික බලයක් ඔහුට තිබෙනවාද? පාර්ලිමේන්තුව තුළ අපි මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන විට රටේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය සුරකින බවට දිවුරුම් දෙනවා. එය උල්ලංඝනය කරන්න කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බැහැ. දැන් මේ හරීන් ප්‍රනාන්දු කියන විදියට ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ නම් ශ්‍රී ලංකාව තවදුරටත් ස්වෛරී රාජ්‍යයක් නොවෙයි. අද මේ ආර්ථික අර්බුදය ඇතුළේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ඉන්දියාව හමුවේ පාවාදෙන එකයි මේ පාලක පැළැන්තිය කරන්නේ. ඒ වගේම මෙවැනි බරපතළ ප්‍රකාශයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු කළාම ඒක ඇහුණේ නැහැ වගේ ඉඳීමයි බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි කණ්ඩායම් කරන්නේ. හරීන් ප්‍රනාන්දුලා හිතනවා නම් ‘ආර්ථික අර්බුදයේ කරවටක් ගිලුණු සමාජය නිර්වින්දනය වෙලා. ශ්‍රී ලංකාව ඉන්දියාවට ඈඳලා දෙන්න මේ වෙලාව තමයි හොඳම වෙලාව’ කියලා ඒක එසේ වීමට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ.

හරීන් ප්‍රනාන්දුගේ කටින් මේක එළියට පැන්නේ නිකම් නොවෙයි. එයා දන්නවා ඊළඟට සිදුවීමට නියමිත දේවල් ටික. මාර්තු මාසයේ එට්කා ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට, රැකියා වෙළඳපොළට, වෙළඳාමට ඉන්දියානුවන්ට කිසිදු බාධාවකින් තොරව ඇතුළු වෙන්න පුළුවන්. එහෙම කාලයක් ගියාම මේ රට ඉන්දියානුවන් බහුතරයක් ඉන්න රටක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ගුවන්තොටුපළවල්, වරායවල්, ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය ඇතුළු ආර්ථික මර්මස්ථාන සියල්ල ඉදිරියේදී ඉන්දියානු සමාගම් අතට යාමට නියමිතයි. ඒ වගේම ඉන්දියාව සමඟ බලශක්ති ඒකාබද්ධකරණයටත් පාර කැපෙමින් තිබෙනවා. හරීන් ප්‍රනාන්දුලා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත්කිරීම තමයි. නිවට, නියාලු විදිහට මෝඩ හිනාවකුත් දාගෙන තමන් ඇතුළු පාලක නඩය කරමින් සිටින දේ තමයි ඔහු ඉන්දියාවේදී පැවසුවේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව යුතුයි, ‘මේ ප්‍රකාශය පිළිගන්නවාද? නැද්ද?’ කියා. වෙන රටක ජනාධිපතිවරයෙකු නම් තම රටේ අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශයක් කළාම පළමුවෙන්ම කරන්නේ ඒ ඇමතිවරයා අමාත්‍ය ධුරයෙන් නෙරපීම. නමුත් මේ ජනාධිපතිවරයා එහෙම කරයි කියලා අපි නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විපක්‍ෂ නායකයාට, බලයට ඉව අල්ලන විපක්ෂයේ ගුස්පිකාරයන්ට මේක ඇහුණේ නැද්ද? මේකට වහාම ප්‍රතික්‍රියා දැක්විය යුතු නැද්ද? ආණ්ඩුවේ ඇමතිවරුන් මේ වගේ බරපතළ ප්‍රකාශ කරන විට බලයට ඉව අල්ලන විපක්ෂයේ කල්ලි කණ්ඩායම් නිහඬව ඉන්නවා කියන්නේ ඔවුන් ද ආණ්ඩුවේ මතය දරනවා කියන එක නොවෙයිද? මේ ගැන ආණ්ඩුවට කත් හදින පොහොට්ටුකාරයෝ ටිකවත් ‘හූම්’ ශබ්දයක් නඟන්නේ නැහැ. ‘රටේ ස්වෛරීත්වය අපි තමයි රැක්කේ’ කියන රාජපක්ෂලාත් ශබ්දයක් නැහැ. හරීන් ප්‍රනාන්දු, ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ කියනකොට මේ සියලුදෙනාම කසාය බීපු ගොළුවන් වගේ දත කට පූට්ටු කරගෙන ඉන්නවා. මේකෙන් පෙනෙන්නේ, ‘ඉන්දියානු වහල්භාවය කොතරම් බරපතළ විදියට එළාගෙන යනවාද? ඒකට මේ පරාධීන ආණ්ඩුව කොතරම් දුරකට අවනත වෙලාද?’ කියන එකයි.

අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා,’මේ ප්‍රකාශය සුළු කොට තකන්න එපා! එය නිසි බරින් තේරුම් ගන්න. ඒ ප්‍රකාශයට පමණක් ලඝු නොවී, සැබෑ ලෙසම ලංකාව ඉන්දියාවේ පාට් එකක් බවට පත්කරන මෙහෙයුමට එරෙහි වන්න’ කියා.”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සංජය කරවිට, කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් පත්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

Post Views: 6,161
Previous Post

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම අභාවප්‍රාප්ත විය

Next Post

රට බංකොලොත්භාවයට ජවිපේ වගකිවයුතුයි – මන්ත්‍රී වජිර

editor ttvnews

editor ttvnews

Next Post
රට බංකොලොත්භාවයට ජවිපේ වගකිවයුතුයි – මන්ත්‍රී වජිර

රට බංකොලොත්භාවයට ජවිපේ වගකිවයුතුයි - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved