රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ජනතා විමුත්ති පෙරමුණ අතර පැහැදිලි දේශපාලන ඩීල් එකක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (05) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ‘‘රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුත්ති පෙරමුණ ගණුදෙනු කරන්නේ එකට. ජනතා විමුත්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. වේදිකාවල මඩ ගහ ගත්තාට රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුත්ති පෙරමුණ එකට අත්වැල් බැඳගෙන ඉන්නේ. රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුත්ති පෙරමුණ අතර පැහැදිලි දේශපාලන ඩීල් එකක් තිබෙනවා. අනුර රනිල් කියන්නේ දේශපාලන ඩීල් එකක්.” යැයි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියේය.