• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ඇති බව ජනපති කියයි

4 April 2024
in දේශීය, පුවත්
අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ඇති බව ජනපති කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ රජය රට තුළ නිර්මාණය කළ එම සහනදායි පසුබිම නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වැඩපිළිවෙළ සමඟ ජයග්‍රහණය තෙක් ඉදිරියට යනවාද, නැත්නම් එම වැඩපිළිවෙළෙන් ඉවත්ව රට නැවත ප්‍රපාතයට ඇද දමනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද සඳහන් කළේය.

2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ රජයේ ආදායම 50%කට වඩා ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බවත්, ඒ සමගම ජනතාවට ද ප්‍රතිලාභ රැසක් ලබා දී තිබෙන බවත් සිහිපත් කළ ජනාධිපතිවරයා ශක්තිමත් ආර්ථිකයක් සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත කිරීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක් වෙමිනි.

රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකළ මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කර තිබේ. එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 4500කි.

අද විවෘත කළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විත වන අතර එයින් දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන 17ක්ද, විදේශීය ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිත කරන අතර මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයකි. එමෙන්ම මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොංහි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා ද සපයනු ඇත.

සමරු ඵලකය නිරාවරණය කර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.

ජනාධිපතිවරයා විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටලු විසඳමින් ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ලබාදිය හැකි සහන පිළිබඳ වාර්තාවක් මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ලබාදෙන ලෙස තමා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් පැවසීය. එම වැඩපිළිවෙළෙහි වාසිය මැණික් පතල්කරුවන්ටද හිමිවිය යුතු බව තමා දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද විවෘත වන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය මගින් මෙරට මැණික් ජාත්‍යන්තරයේ නිසි වටිනාකමක් ලබාගත හැකි තත්ත්වයට පරිවර්තනය කළ හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ වැඩකටයතු ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීයි. ඒ වගේම මේ මධ්‍යස්ථානය ඉදිකිරීමට කැපවීමෙන් කටයුතු කළ ලොහාන් රත්වත්තේ සහ චාමර සම්පත් යන අමාත්‍යවරුන් ද සිහිපත් කළයුතුයි. මෙම මධ්‍යස්ථානය රත්නපුරයට පමණක් නොවෙයි, රටේම ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම සඳහා රජය අවධානයෙන් කටයුතු කරන අතර ජාතික ආර්ථිකය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීම එහි අරමුණ වෙනවා. කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩාවැටීම හමුවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාතයත් පසුගිය 2021-2022 කාලසීමාව තුළ ඉතා අසීරුතාවකට මුහුණ දුන්නා. කෙසේ හෝ 2023 වසරේ මෙම කර්මාන්තයේ යම් දියුණුවක් ඇති වුණා. එම දායකත්වය රටේ ආර්ථිකය ගොඩනැගීමට ද ශක්තියක් වූ බව කිවයුතුයි. ඒ වගේම බදු වැඩි කිරීම සමඟ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු පිළිබඳ පසුගියදා එම ක්ෂේත්‍රයේ නියුතු පිරිසක් පැමිණ මා සමඟ සාකච්ඡා කළා. ඒ අනුව ඒ සඳහා ලබාදිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කර මෙම අප්‍රේල් මාසය අවසන් වන විට වාර්තාවක් ලබා දෙන ලෙස මම නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. එසේම ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයෙන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක ආදායමක් උපයා ගැනීම ඉලක්ක කර ගනිමින් අප වැඩ කළයුතුයි. මෙම ක්ෂේත්‍රය දියුණු කරන විට මැණික් පතල්කරුවන්ටත් මෙහි වාසිය හිමිවිය යුතුයි. අපි වසර දෙකක් ඉතා අසීරුවෙන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. එහිදී බදු වැඩි කිරීම ඇතුළු ඉතා අසීරු තීරණ ගැනීමට සිදු වුණා. නමුත් අද ප්‍රතිඵල දෙස බැලීමේදී විශ්වාසයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. 2022 ජූලි මාසයේ මෙරට දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සෘන 7.4යි. 2024 එය ධන 4.5යි. වසර දෙකකින් සිදුව ඇති වෙනස එමඟින් පැහැදිළි වෙනවා. එම වෙනස සිදු කළේ මෙම අසීරුතා දරාගත් ජනතාවයි. 2022 ජූලි මාසයේ උද්ධමනය 54.6%යි. අද උද්ධමනය .9%යි. උද්ධමනය පාලනය වූ විට රුපියල ශක්තිමත් වෙනවා. එදා බැංකු පොළිය 23.8%යි. දැන් 10.3%යි. ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා මෙය අඩු කිරීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එදා විදේශ විනිමය අනුපාතය ඩොලරයකට රුපියල් 361.8යි. අද රුපියල් 300.4 යි. අප උත්සාහ කරන්නේ එය රුපියල් 280 දක්වා පහතට ගෙන ඒමටයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා. 2022 හා සංසන්දනය කරන විට 2023 වසරේදී රජයේ ආදායම 50%කට වඩා වැඩි වී තිබෙනවා. ඒ වගේම සමාජ සේවා වෙනුවෙන් කරනු ලබන වියදම තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා. ඒ වගේම අපි දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩකටයුතු අවසන් කරගෙන යනවා. දේශීය ණය ගැන අපි සාකච්ඡා කර අවසන්. දැන් අප අපට ණය ලබා දුන් රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට නම් අදාළ ඉලක්ක අනුව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන එම එකඟතාවන් අනුව අප ඉදිරියට යා යුතුයි. රජයේ ණය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 128%ක් තිබෙනවා. 2032 වන විට අපි එය 95%කට අඩු කරගත යුතුයි. දැනට අපිට අවශ්‍ය මුදල් අදායම්වලට අමතරව දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක් ලබා ගැනීමට තිබෙනවා. 2032 වන එය 13%කට අඩු කිරීමට තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනීම අද දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4%ක් වෙනවා. එය 2025 වසරේ සිට 2.3%ක අතිරික්තයක් බවට පත් කරගත යුතුයි. මෙම ඉලක්ක සමග අප ඉදිරි වැඩකටයුතු කළයුතුයි. මෙම කටයුතුවලින් ඉවත්වුවහොත් අපිට ණය ලබා දුන් රටවල් අපට දන්වනවා “ඔබ කොන්දේසි කැඩුවා ඒ නිසා ණය නැවත දෙන්න” කියලා. නමුත් අපි මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම මෙවර අපට මහ කන්නයේ දී හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. ඒ වගේම මේ සිංහල අලුත් අවුරුද්දේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අපි කටයුතු කළා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ඉහළ දැමීම නිසා ජනතාවට සහන ලැබී තිබෙනවා. මේ මාසයේ සහ ලබන මාසයේ තවත් සහල් කිලෝ 20ක් අඩු අදායම්ලාභී ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. එසේම විමධ්‍යගත අයවැය ලබාදීම ආරම්භ කර තිබෙන නිසා ගමේ ආර්ථිකයට නැවත මුදල් ලැබී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් අද ඉහළ ආදායමක් ලැබෙනවා. ඒ වගේම විදේශ විනිමය අපේ රටට නැවත ලැබීමට පටන් ගෙන තිබෙනවා. මේ අයුරින් අද රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය නැවත ගොඩනැගෙමින් තිබෙනවා. එදා ත්‍රිවිල් රථයකට කුලී ගමනක් යාමට ඉන්ධන තිබුණේ නැහැ. විදුලිබලය තිබුනේ නැහැ. අද ඕනතරම් ඉන්ධන තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිසා ත්‍රිවිල් රථ රියදුරන්ගේ ආදයම වැඩි වී තිබෙනවා. අද ත්‍රිවිල් රථවල පෝස්ටර් ගහගෙන දේශපාලනය කරනවා. නමුත් අප පසුගිය වසර දෙක තුළ මෙම පියවර ගත්තේ නැත්නම් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.අපි මේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. මින් ඉවත් වුවහොත් අපි නැවත වැටෙනවා. තවමත් අප සිටින්නේ ඒදණ්ඩ මතයි. ඒ නිසා එයින් වැටෙනවද, නැද්ද කියා අප තීරණය කළ යුතුයි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, ගාමිණී වලේබොඩ, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, ජාතික් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් සිල්වා යන මහත්ම මහත්මීන්, මැණික් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6,553
Previous Post

සජබ නව සන්ධානය පිහිටුවීමේ පළමු අදියර ජී එල් පීරිස්ගේ කණ්ඩායමක් සමඟ – එස් එම් මරික්කාර්

Next Post

ලොවම සෞදි අරාබිය දෙසට යොමු කළ ලෝක නායක “මුහම්මද් බින් සල්මාන්”

editor ttvnews

editor ttvnews

Next Post
ලොවම සෞදි අරාබිය දෙසට යොමු කළ ලෝක නායක “මුහම්මද් බින් සල්මාන්”

ලොවම සෞදි අරාබිය දෙසට යොමු කළ ලෝක නායක "මුහම්මද් බින් සල්මාන්"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025

Recent News

පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved