29 April 2024
#දේශීය #පුවත්

සජබ නව සන්ධානය පිහිටුවීමේ පළමු අදියර ජී එල් පීරිස්ගේ කණ්ඩායමක් සමඟ – එස් එම් මරික්කාර්

ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන නිර්මාණය කරන විශාලතම සන්ධානයේ පළමු අදියර හෙට (05) දිනයේ ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

එහිදි මහචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ගිවිසුම් ගතවීමට නියමිත බව අද (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස් එම් මරික්කාර් මහතා ‘‘ඉදිරියේදී එන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන නිර්මාණය කරන පුළුල්ම සන්ධානයේ එක් අදියරක් හෙත තියන්න සුදානම්. හෙට දිනයේදී මහචාර්ය ජී එල් පිරිස් ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජනබලවේගය සහ සමගි ජනසන්ධානය ගිවිසුමකට එළඹෙන්න නියමිතයි. ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව කාරණා ගණනාවක් පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරලා පැමිණි එකඟතාවයක ප්‍රතිඵලයක් විදිහට තමයි මහචාර්ය ජී එල් පිරිස් ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජනබලවේගය සහ සමගි ජනසන්ධානය එකතු වෙන්නේ. එම සන්ධානය ගොඩනගන්ගේ මැතිවරණය ජයග්‍රහනය කිරිමට පමණක් නෙවයි. රාජ්‍ය බලය ලබාගෙන කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නත් එම සන්ධානය හරහා කටයුතු කරනවා. මැතිවරණය පැවැත්වෙන තෙක් නොයෙකුත් කණ්ඩායම් නොයෙකුත් සංවිධාන සමඟ සන්ධාන ගත වීමට නියමිතයි. 2020 මැතිවරණය සඳහා සමගි ජනබල සන්ධානයෙන් තරඟ කළ පිරිස් අපි සමඟ සිටිනවා. හෙට දිනයේදී අලුතින් කණ්ඩායම් එකතු වෙනවා. ඉදිරියේදීත් සමගි ජනසන්ධානයට කණ්ඩායම් එකතු වීමට නියමිතයි යැයි මන්ත්‍රී මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *