• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් – ජනපති

8 April 2024
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ඊයේ (07) පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය නිසා ජනතාවට පෝලිම්වල සිටීමට සිදුවීම නිසා රාමසාන් උපවාසය පවා නිසි අයුරින් සිදු කිරීමට හැකි වුණේ නැහැ. පසුගිය වසරේ සිට ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා අද වන විට සුපුරුදු ආකාරයටම රාමසාන් සමය සහ රාමසාන් උපවාසය සිදු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. රාමසාන් කාලයේදී මුස්ලිම් ප්‍රජාව නිරාහාරව සිටිමින් උපවාස ශීලය රකිමින් කුසල් දහම් වඩමින් සිටිනවා. රාමසාන් උත්සවය සහ සිංහල අලුත් අවුරුදු සමය එකම කාලවකවානුක යෙදී තිබෙනවා. ජාති ආගම් බේදයකින් තොරව කටයුතු කළ හැකි සංස්කෘතියක් ඉතිහාසයේ සිටම මේ රට තුළ නිර්මාණය වී තිබෙනවා. මේ වන විටත් පිරිවෙන් අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය වනවා සේම, මද්‍රසා පාසල් ද අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය කිරීමට අවධානය යොමු කර තිබෙනවා. 2019 කාල සීමාව තුළ මුස්ලිම් පොත් පත් සම්බන්ධයෙන් ඇති වු බාධා සොයා බලා ඒවා ඉවත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. පසුගිය කොරෝනා වසංගත සමයේ මුස්ලිම් ප්‍රජාව තමන්ගේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් සිදු කර ගැනීමට නොහැකිව දැඩි වේදනාකාරී තත්ත්වයක පසු වුණා. එම තත්ත්වය වෙනස් කිරීමට ඉදිරියේදී අප කටයුතු කරනවා. ඕනෑම කෙනෙකුට ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයක් මඟින්, තමන්ට කැමති ලෙස අවසන් කටයුතු සිදු කර ගත හැකි නීති ඉදිරියේදී සකස් කරනවා. ඕනෑම කෙනෙකුට භූමදානය සඳහා හෝ ආදාහනය සඳහා අයිතියක් තිබෙනවා. එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත අනුව සිදු කිරීමට අවශ්‍ය නීති අප සකස් කරනවා. අද ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාසය සිදු කළත් ගාසා තීරයේ ඉතා කණගාටු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එහි මුස්ලිම් ප්‍රජාව තිස්පන්දහකගේ පමණ ජීවිත අහිමි වී තිබෙනවා. එම නිසා මෙවර ජාතික රාමසාන් උත්සවය නොපවත්වා එම මුදල් ගාසා තීරයේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම යුද්ධය අවසන් වූ පසුව ගාසා තිරයට පාසලක් ඉදිකර දීමටත් අප පොරොන්දු වී තිබෙනවා. පලස්තීන රාජ්‍යය බිඳ දැමීමට අප කිසිදා සහාය පළ කරන්නේ නැහැ. එම නිසා මෙම යුද්ධය නැවැත්වීම සඳහා අප සහයෝග ලබා දෙනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කාන්තංකුඩි මුස්ලිම් පල්ලියෙන් රුපියල් මිලියන 10ක මුදලක් සහ කටු කැලේ ජුම්මා මුස්ලිම් පල්ලිය මඟින් ‍රුපියල් මිලියන 2.2ක් සහ මුස්ලිම් විදේශ රැකියා නියෝජිත ආයතන මගින් රුපියල් මිලියන 3.5ක මුදලක් ගසා තීරයේ මුස්ලිම් ප්‍රජාව වෙත ලබාදීම වෙනුවෙන් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමද සිදු විය.

මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවී සයිද් මවුලානා, අමාත්‍ය මනූෂ නානායක්කාර,රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ , අනුරාධ ජයරත්න , දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8,484
Previous Post

මෛත්‍රිපාල රටත් කාලා පක්ෂයත් කෑවා – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

Next Post

කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved