• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් – රාජ්‍ය අමාත්‍ය ඩයනා

30 April 2024
in දේශීය, පුවත්
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් – රාජ්‍ය අමාත්‍ය ඩයනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය “ මෙරට සංචාරකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙනවා. මම පසුගිය කාලයේ මේ ගැන හඬ නැගුවා. සංචාරකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය විකිණීම, සංචාරක ගමනාන්ත වෙත අධික මිලට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීම සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ප්‍රචාරක වීඩියෝ පට විකාශය කරමින් සිටි සංචාරකයකුට ලිංගික අතවර කිරීම වැනි විවිධ පැමිණිලි ලැබී තිබෙනවා. මෙම කටයුතු වැළැක්වීමට අප පියවර ගන්නවා. වැරදි කරන කිහිප දෙනෙකු නිසා අප රටේ කීර්ති නාමයට හානියක් වීමට ඉඩ නොදිය යුතුයි. දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේදී බොහෝ විට ඒවාට අනුබල දී ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු බව පැවසිය යුතුයි. මෙම තත්ත්වය වලක්වා ගැනීම සඳහා අප මාර්ගගත ටිකට්පත් මිලදී ගැනීම ක්‍රමවත් කරමින් සිටිනවා. මෙම ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමට අප පියවර ගන්නවා. මෙවැනි උපක්‍රම හරහා දූෂණ වංචා පාලනය කළ හැකියි. ඒ වගේම නීති විරෝධී මත්පැන් අලෙවිය නිසා අපේ රටට කෝටි ගණනක බදු ආදායමක් අහිමි වෙනවා. අපේ රට බෞද්ධ රටක් නිසා බුදු දහමට ගෞරවයක් ලෙස පොහොය දිනට සුරාසැල් වසා දැමිය යුතුයි. නමුත් ඒ දිනවලත් අපේ රටේ අය නීති විරෝධීව මත්පැන් විකුණනවා. ඒවා වළක්වන්න සිටින ඇතැම් නිලධාරීන් අල්ලස් ගන්න තැනට පත් වී සිටිනවා. කිහිප දෙනෙකුගේ දූෂිත ක්‍රියා නිසා මේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න බැහැ. එවැනි වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කරන ලෙස මා යෝජනා කර තිබෙනවා. එමෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අප තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන තිබෙනවා. ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට අප කටයුතු කරනවා. මේ හරහා අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණය තවත් වැඩිකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙරට ක්‍රියාත්මක වන SPA සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ විවේචන එල්ල වුණා. එවැනි ස්ථාන වෙනත් රටවල සුවතා මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනවා. එහිදී රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුයි. ඒවා විධිමත් කිරීමට සහ අධීක්ෂණ යාන්ත්‍රණ සංවර්ධනය කිරීමට අප සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා යැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Post Views: 6,994
Previous Post

රනිල් – සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ – මන්ත්‍රී තිස්ස අත්තනායක

Next Post

කම්කරු දිනයට බාර් වැසේ

editor ttvnews

editor ttvnews

Next Post
කම්කරු දිනයට බාර් වැසේ

කම්කරු දිනයට බාර් වැසේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved