ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හා අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු මෙම එකඟතාවය පළකර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමේ යෝජනාව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක එම යෝජනාව ස්ථීර කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවට මෙම කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පක්ෂව එහි විධායක සභාවේදී ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී ඇත.
මෙම රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත දහස් දක්වමින් රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම ප්‍රකාශ කරන ලද්දේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92ක් අදාළ රැස්වීමට පැමිණ ජනාධිපතිවරයාට සහයෝගය පළකළ බවයි.
වනජීවී සහ වන සම්පත් අංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගී වී ඇත.