කල්ඉකුත්වීමේ දිනයක් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කර නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ලබන වසරේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (20) පැවසීය. රියදුරු බලපත්‍ර ලක්ෂ 23ක් අවලංගු කරන්න යයි.
එම රියදුරු බලපත්‍ර ගැනීම සඳහා සාධාරකණ කාලයක් දෙන බවත් නව රියදුරු බලපත්‍රය ගැනීමට පැරණි රියදුරු බලපත්‍රය සහ වෛද්‍ය සහතිකය පමණක් ප්‍රමාණවත් බවත් වීරසිංහ මහතා කීය.
කල්ඉකුත්වීමේ දිනය සඳහන් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර ලක්ෂ 11ක් පමණ සහ සාමන්‍ය රියදුරු බලපත්‍ර ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ඇති බව කී අනුරුද්ධ වීරසිංහ මහතා කල්ඉකුත්වන දිනයක් සඳහන්ව නොමැති රියදුරු බලපත්‍රයකට නව රියදුරු බලපත්‍රයක් ගැනීමට මාස හයක පමණ කාලයක් දීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
රියදුරු බලපත්‍ර කාඩ් මුද්‍රණය කිරීමට නොහැකිව තිබූ ලක්ෂ අටක පමණ ප්‍රමාණය මේ වන විට මුද්‍රණය කර අවසන් කරමින් සිටින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස තුනක පමණ කාලය තුළ සම්පූර්ණයෙන්ම අවසන් කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
copied-lankadeepa