නව කතානායකවරයෙක් පත් කරගැනීම පිළිබඳව සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (16දා) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතය.
නව කතානායකවරයා ලෙස නිහාල් ගලප්පත්ති, ලක්ෂ්මන් නිපුණාරච්චි යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව ද වාර්තා විය. ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතය.
මේ අතර තවදුරටත් වාර්තා වූයේ හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සහතික ද නුදුරේදී ම ඉදිරිපත් කිරීමට නියමිත බවයි.