විදුලි බිල වැඩි වුහහොත් ඊට සාපේක්ෂව ජල බිලද සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ වනවිටත් ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම හෙට ආරම්භ වන අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළේ, එය ලබන මස 03 වනදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි සිදුවන බවයි.
ජූනි මස පළමුවැනිදා සිට විදුලි ගාස්තු සියයට 18.3කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට පසුගිය දා යොමු කර තිබේ.