අපේ රටේ මනුස්සකම
උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..
ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා…
අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..
මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් ඇහුවොත් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ….
මරණෙදිවත් අතාරින්නැති ලංකාවෙ මිනිස්සු ❤️❤️
අපේ මිනිසුන්ගේ මනු දම් පෙන් වු දිගුම රාත්‍රිය එයයි !
එය අතිශය දරුණු ප්‍රපාතයකි.සමහර විට එහි ගැඹුර අඩි හය හත්සියයකටත් එහා විය හැකි ය.එම ප්‍රපාතය දිගේ සහන සේවා ගමන් කිරීම ද සිතන තරම් පහසු නැත.ඇත්තටම එය හරිම අසිරු ඉලක්කයකි.
කැලි කැපිය හැකි ඝනඳුර ය.ඇට මිඳුළු පවා ගල් කරවන මහ සීතළ දසතම පරදා නැගවිත් ය.ඒ මදිවාට මිඳුම ය.මාරාන්තික බැවුම අධික ලෙස ලිස්සන සුළු ය.හැම අඟලකම මැනුම් කටයුතු කරන කූඩැල්ලන්ගෙන් අඩුවක් නැත.මේ සියල්ල මැද අනතුරට පත් අය ප්‍රපාතයෙන් මෙපිටට රැගෙන ඒම සිතා ගැනීමටත් අසිරු ඉලක්කයකි.
එකි මෙකි නොකි හැම බාධකයක් මැදම තම ජීවිතය පරදුවට තබා, අන් ජීවිතයක් බේරා ගැනීමට වලිකන විසල් පිරිසක් ය.කවදාවත් දැක නැති මිනිසෙකුගේ ජීවිතයක් රැකිමට වෙර දරන පළල් හදවත් තියෙන හැම මිනිසෙක්ටම සේම ප්‍රපාතයට වැටි අසරණව සිටින සැම කෙනෙක්ගේම ජීවිත අනතුරුවලින් තොරවේවායි පතමු !
අදින් වසර දහතුනකට පෙර ද මේ ස්ථානයෙන්ම බස් රථයක් මේ ආකාරයටම මේ ප්‍රපාතයටම පෙරළි ගියේ ය.ඒ හරියටම 2012 සැප්තැම්බර් 04 වැනිදා ය.ඊයේ පස්වැනිදා ය.(තොරතුර චානු සෙනෙවිරත්නයන්ගෙනි)ඉතිහාසය එකම දේය කරමින් ඇත.
දිගුම රාත්‍රිය අවසන් වුව ද තවමත් මුදා ගැනීමේ මෙහෙයුම අවසන්ව නැත.නොනිදා අන් අයට පණ පෙවීමට කටයුතු කරන සැමට තව තවත් ශක්තිය ලැබේවා !
උපුටා ගැනීම නයනක රන්වැල්ල අයියාගේ Facebook පිටුවෙන්…